• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ අයත් කියනවා! පාර්ලිමේන්තුවේදිත් කියවුණා! සමාජ මාධ්‍ය ජාලවලත් හෝ ගාලා යනවා! අවුරුදු 16 සිසුවියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ සිටි කළුතර නායකයාද? මෙන්න ඇත්ත කතාව!

May 10, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
පොහොට්ටුවේ අයත් කියනවා! පාර්ලිමේන්තුවේදිත් කියවුණා! සමාජ මාධ්‍ය ජාලවලත් හෝ ගාලා යනවා! අවුරුදු 16 සිසුවියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ සිටි කළුතර නායකයාද? මෙන්න ඇත්ත කතාව!
Share on WhatsAppShare on Facebook

එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැක ගන්නට ලැබෙනවා.

එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ කළුතර දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරුපයක සංසන්දනයක් මඟින් පෙන්වා තිබුනේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි. ඒ සඳහා පසුගිය වසරේ අරගලය සමයේ ලබාගත් සේයාරුවක් ද යොදාගෙන තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුල ව හුවමාරු වී තිබුණේ ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කළුතර දැරිය සම්බන්ධ සිදුවීමේ සැකකාර පුද්ගලයා බවට හඟවමින්.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ ඉහත ඡායාරූපයේ පළමු ඡායාරූපයේ සිටින්නේ අරගලයට සම්බන්ධ පුද්ගලයා සත්‍ය සැකකරු බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවටයි.

එසේම සිද්ධියට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙස හඟවමින් තවත් ඡායාරූපයක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් ද, මෙහි සිටින්නේ සත්‍ය සැකකරු බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත පළමු ඡායාරූපයේ අරගලයේ සිටින අයුරු දැක්වෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීම සඳහා අරගලයේ සක්‍රීය දායකත්වය සැපයූ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් තොරතුරු විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ නමින් ශාලික රුක්ෂාන් සේනාධීර නමැති කලාවට සම්බන්ධ පුද්ගලයෙකු‍ගේ ඡායාරූපයක් මෙලෙසින් අවභාවිත කොට අසත්‍ය පතුරුවන බවයි. එමෙන් ම අරගලයේදී දිස්ත්‍රික් සංවිධායක මෙන් ම වෙනත් තනතුරු හෝ සාමාජිකයන් අතර බෙදී ගිය නොගිය බව ත් ඔවුන් තහවුරු කළා.

ඒ අනුව අප ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර අපට දැක ගන්නට ලැබු‍ණේ ඔහු විසින් 2022 වසරේ ජූනි 27 වන දින පළ සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් ඉහත අසත්‍ය සටහන් නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන තිබුණ බවයි.

අප මේ පිළිබඳ අප ශාලික රුක්ෂාන් සේනාධීරගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අරගලයට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය පැතිරවීම සඳහා මෙවැනි අසත්‍ය දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන බවයි.

එමෙන් ම අප දෙවන සටහනේ ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් ද අනාවරණය කර ගත් අතර ඔහු chama නමැති යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන චාමර ඩිල්ෂාන් නමැති පුද්ගලයායි.

අප මේ පිළිබඳ ව තහවුරු කර ගැනීම සඳහා චාමර ඩිල්ෂාන් හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වූ අතර ඔහු සඳහන් කළේ ද, විනෝදාත්මක ස්වරූපයෙන් තමන් කළුතර සිදුවීමේ සැකකරු ලෙස හඟවමින් සටහනක් හුවමාරු වූවත් බොහෝ පිරිසක් එය සත්‍ය ලෙසින් පිළිගෙන ඇති බවයි.

චමා සම්බන්ධයෙන් පුවත නිවැරදි කර තිබූ සටහනක් පහතින්.

එමෙන් ම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන විසින් සත්‍ය සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති පුද්ගලයෙකු බවට හෙළි කර තිබුණේ මෙලෙසින්. ඒ අනුව ඉහතින් සැකකරු ලෙස හඟවමින් පළ කර තිබූ ඡායාරූප වල දක්වා තිබුණේ වෙනත් පුද්ගලයන් බවට ද, ඔවුන්ගේ නම් හරහා ද තහවුරු වේ.

තව ද, මේ වන විට එම සත්‍ය සැකකරු සිටින්නේ පොලිස් රැඳවුම් භාරයේ බව බැවින් ශාලික රුක්ෂාන් සේනාධීර හෝ චාමර ඩිල්ෂාන් හෝ මේ වන විට සිටිය යුත්තේ පොලිස් රැඳවුම් භාරයේය.

කෙසේ වෙතත් සත්‍ය සැකකරු අරගලයේ සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය සිදුවෙමින් පවතින බවත්, ඔහු අරගලයේ සිටි පුද්ගලයෙක් ද,නැද්ද යන්න වග අනාවරණය නොවූ බවත් , යම් සිදුවීමක් දේශපාලනික කරුණක් නොවන තුරු සැකකරුවෙකුගේ දේශපාලනය විමර්ශන වලට අදාළ නොවන බැවින් ඒවා විමර්ශනය නොකරන බවයි. එමෙන් ම එම පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක වැනි තොරතුරු අනාවරණය කර ගත් නොවූ බව ත්, විමර්ශනයට භාජනය නොවූ එවන් තොරතුරක් මාධ්‍ය වෙතට පොලිසිය මගින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකර බවත්, එමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු බවට ද, තහවුරු කරනු ලැබුවා.

කළුතර පාසල් සිසුවියගේ ඝාතනය පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු

පසුගිය 05 වන දා කළුතර ගාලු පාර හෝටලයක් පිටුපස තරුණියකගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය අසල වැටී තිබියදී සොයා ගෙන තිබූ අතර එලෙස අබිරහස් අයුරින් මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, කළුතර ප්‍රදේශයේ බාලිකා විදුහලක එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් බවට අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමඟ එම හෝටලයට පැමිණි බව කියන තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමඟ හෝටල් කාමරයේ රැඳී සිටි බව කියන පුද්ගලයෙකු පළාගොස් තිබුණා. පසුගිය දිනවල එම පුද්ගලයා සොයා පොලීසිය විමර්ශන අරඹා තිබු අතර, අද (09) උදෑසන එම පුද්ගලයා ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවත්, සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අළුයම වැටලීම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. එම වීඩියෝව මෙතනින්. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සඳහන්.

අදාළ යුවළ සහ ප්‍රධාන සැකකරුවට පළායෑමට උදව්කළ පුද්ගයෙකු දමේ වන විට මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන  ප්‍රධාන සැකකරුගේ ඡායාරූපය සමඟ හුවමාරු වන අනෙකුත් ඡායාරුප මඟින් පෙන්වන්නේ එම සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති පුද්ගලයාගේ සේයාරූ නොව වෙනත් පුද්ගලයින් බවයි. එම පුද්ගලයින් දෙදෙනාම අත්අඩංගුවේ පසු නොවන අතර තමන් ඉලක්ක කරගනිමින් මෙසේ ව්‍යාජ පුවත් නිර්මාණය වී ඇති බව අපට දුරකථනයෙන් තහවුරු කරනු ලැබුවා.

සත්‍ය සැකකරුගේ ස්වරූපයට සමාන ස්වරූප ඇති පුද්ගලයන්, හුදෙක් අරගලයට සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර පැතිරීම සඳහා මෙන්ම හුදෙක් විනෝස්වාදය සඳහා නිර්මාණය කරන ලද මෙම ව්‍යාජ සටහන් හේතුවෙන් මෙලෙසින් ජනතාව නොමග ගොස් තිබුණා.

fact crecendo

SendShareShare
Previous Post

ඇත්තටම එක්ස්ප්‍රස් පර්ල් නඩුවක් සිංගප්පූරුවේ පැවරුවාද? පැවරුවා නම් නඩු අංකය මොකද්ද? වහාම පිටපතක් පාර්ලිමේන්තුවට දෙන්න! විජයදාසට විමල් ලියුමක් යවයි! විමල් කියන විදිහට නඩුවක් දාලා නෑ වගේ?

Next Post

විජයදාස දෙන්න බෑ කියලා නවත්වන්න හදපු එක්ස්ප්‍රස් පර්ල් දෙදින විවාදය පාර්ලිමේන්තු කටයුතු රැස්වීමේදී විපක්ෂය දිනාගනී! අහිමි වෙච්ච කාලයත් යළි ලබාගෙන!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.