බම්බලපිටිය මුහුදු මාවතේදී පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකට අලාභ හානි කරමින් රිය ධාවනය කළ තරුණයා ඇපමත මුදාහැර තිබේ.
සැකකාර තරුණයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඇපමත මුදාහැර ඇත.
පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු වන මොහු පෙරේදා රාත්‍රියේ සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කළ ආකාරය CCTV කැමරාවක පටිගතව තිබුණි.
මොහු හිටපු ඇමැතිවරයකු වන අර්ල් ගුණසේකර මහතාගේ පුත්‍රයාය.










