යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල අද යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගෙන් ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබෙනවා.
මේ පිළිබදව සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින් සිද්දියට මුහුණ දුන් ගුරුවරයාව බේරා ගෙන තිබෙනවා.
ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා තිබෙනවා.
මේ නිසා යාපනයේ අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැදවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.










