• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්

February 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 8 mins read
A A
මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්
Share on WhatsAppShare on Facebook

සති කිහිපයක් පුරා එකදිගට ඇදෙන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයද මේ වන විට ඇත්තේ කිසිදු විසඳුමකින් තොරව රනිල් පිලත්, සජිත් පිලත් අතර දෙපැත්තට අදිමින් තිබෙන තැනකය. කෙසේ වෙතත් සජිත් පිල මේ වන විට නව සන්ධානයක් බිහිකිරීම සඳහා සාමාජිකයන් එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් විශාල ජයග්‍රහණයක් ලබාගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇති අතර, රනිල් පිලද විවිධ උපාය උපක්‍රම දියත් කරමින් ගැටලුව තවදුරටත් දිගට දිගට ඇදගෙන යන ආකාරයක් පෙනෙන්නට ඇත.

සජිත්ට 123න් 116ක් ඇවිත්

පසුගිය සතිය ආරම්භයේදීම සජිත් පිල විශාල ශක්තියක් ලබාගත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් කොළඹට කැඳවීම හරහාය. පසුගිය සඳුදා (03දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම රැස්වීමට එජාපය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රිවරුන් 123 දෙනාගෙන් 116ක්ම සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂ සිදුවීම වූයේ ඊට පෙර සතියේදී කැඳවා තිබූ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම කිසිදු සැලැසුමකින් තොරව අඩුපාඩු රැසක් මධ්‍යයේ පැවැතියද මෙවර රැස්වීම නිසි අයුරින් සැලැසුම් කොට සංවිධානය කර තිබීමය. ඒ අනුව සාකච්ඡාව පැය දෙකකට සීමා කර තිබූ අතර, ප්‍රශ්න ඇසීම සඳහා මිනිත්තු 30ක කාලයක්ද වෙන්කර තිබිණ. එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට තවත් විනාඩි 20ක කාලයක් වෙන්කොට තිබිණ.

රංජිත්ව පළමුවරට පත් කරයි

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා මෙපමණ පිරිසක් සහභාගි වීම සඳහාද එක්තරා විශේෂ හේතුවක් තිබිණ. ඒ, අප්‍රේල්වල පැවැත්වෙන මහ ඡන්දයෙන් පසුව විසුරුවා හැර ඇති සියලුම පළාත් සභාවල මැතිවරණයන් පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කොට තිබීමය. ඒ අනුව පැමිණ සිටි පිරිස අමතමින් සජිත් කියා සිටියේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන නව සන්ධානයක් ගොඩනැඟීමට තීන්දු කර ඇති බවත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවත්ය. මෙහිදී රනිල් පාර්ශ්වයට නිල නොවන ආකාරයේ ප්‍රහාරයකුත් එල්ල කරමින් කතා කළ සජිත් අවසානයේදී කියා සිටියේ එජාප මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයට අනුව තමන්ට නව සන්ධානයේ මහලේකම්වරයා නම් කිරීමේ බලය ඇති බැවින් ඒ සඳහා පක්ෂයේ නායකයාට පසුව ඉන්න ජ්‍යෙෂ්ඨතමයකු වන රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාව ඊට පත්කරනවා යැයි කියාය. මෙහිදී සජිත් අවධාරණය කොට කියා සිටියේ එය පත්කිරීමක් මිස යෝජනා කිරීමක් නොවන බවකි. ඒ අනුව සජිත් කළ මෙම ප්‍රකාශයට පැමිණ සිටි සියල්ලන්ම අත්පොලසන් දී පිළිගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.

මෙවර රැස්වීම සංවිධානාත්මකයි

ඉන් අනතුරුව ප්‍රශ්න විමසන අවස්ථාව එළැඹි අතර එහිදී සජිත් කියා සිටියේ කෙටි ප්‍රශ්නවලට ඒවා සීමා කරන්න යැයි කියාය. මෙහිදී පැමිණ සිටි බොහෝ දෙනකුූම පාහේ කියා සිටියේ නව සන්ධානය නිර්මාණය කොට පළාත් සභා ජයග්‍රහණය කළ යුතු බවත්, විපක්ෂ නායකත්වය පමණක් නොව පක්ෂ නායකත්වය පවා ගත යුතු බවත් වැනි කාරණාය. තවත් අය රනිල්ව නායකත්වයෙන් පැන්නිය යුතු බවත්, රනිල්ව නායකත්වයේ තබාගෙන ගමට ගොස් ඡන්ද කළ නොහැකි බවත් කියා සිටියහ.

රනිල්ගෙ පැත්තෙන් අකිලයි-අලියයි

මේ අතරවාරයේ රනිල්ගේ පාර්ශ්වයෙන්ද සාකච්ඡා කිහිපයක්ම දියත් වෙමින් පැවැති ආකාරයක්ද දැකගන්නට ලැබිණ. මෙහිදී රනිල්ගේ පැත්තෙන් කියැවුණේ නව සන්ධානයක් නිර්මාණය කිරීමට ගැටලුවක් නොමැති වුවත්, එහි සලකුණ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවකි. ඒ නිසා එජාප සලකුණ වූ අලියාම නව සන්ධානයේ සලකුණ ලෙස යොදාගත යුතු බවද එහිදී කියැවිණ. එමෙන්ම සන්ධානයේ මහලේකම් ධුරයට රන්ජිත්ගේ නම වෙනුවට අකිලගේ නම යෝජනා කළ යුතු ලෙස තවත් යෝජනාවක්ද රනිල් පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබිණ. රනිල්ගේ පැත්තෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාව හරහා පෙන්වා දී තිබුණේ තාවකාලිකව හෝ සන්ධාන ලේකම් ධුරය අකිලට පවරා අලියා ලකුණින් තරග කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ යෝජනාවක් සම්මත කරගත යුතු යැයි කියාය.
මේ ආකාරයටම සන්ධානයේ මහලේකම්කමට මීට කලින් නවීන් දිසානායකගේ නම යෝජනා වී තිබුණත් සජිත් පිලෙන් ඊට දැඩි විරෝධයක් පලවනු ඇති බවට වූ සැකය මත නවීන්ගේ නම යටගොස් තිබිණ. අකිල මේ වන විටත් එජාපයේ මහලේකම් ධුරය දරන නිසා අකිලගේ නමට විරෝධයක් පළ නොවනු ඇති බවක් රනිල් පාර්ශ්වයේ අදහස වී තිබිණ. පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එජාප මන්ත්‍රි කණ්ඩායම රැස්වූයේ සන්ධාන මහලේකම් ධුරය සහ සලකුණ සම්බන්ධයෙන් මෙවැනි දෙපිල බෙදීමක් පක්ෂය තුළ මතුව තිබියදීය.

බැදුම්කර විවාදයට රනිල්ගෙන් අමුතු ‌යෝජනාවක්

ගාල්ලේ නිවාඩුව ගතකිරීමෙන් අනතුරුව රනිල් මෙම කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි අතර රනිල් පිල නියෝජනය කරන රවි, අකිල, ආශු, කිරිඇල්ල ඇතුළු කණ්ඩායමක් ඊට එක්ව සිටිනු දැකගත හැකි විය. මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ ලබන 18-19 යන දෙදින තුළ විවාදයට ලක්කිරීමට නියමිත බැඳුම්කර වාර්තාවේ වෝහාරික විගණනය සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත පාර්ලිමේන්තු විවාදය පිළිබඳවය. එම විවාදය පවත්වන්නේ කුමන ආකාරයටද, ආණ්ඩුවෙන් එල්ල විය හැකි චෝදනා මොනවාද, ඊට ලබාදිය යුතු පිළිතුරු මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී විවිධ යෝජනා කියැවෙද්දී ඉදිරිපත් වූ එක් යෝජනාවකින් කියැවුණේ 2015ට පෙර සිටම බැඳුම්කර සම්බන්ධයෙන් දැවැන්ත පාඩු සිදුව ඇති නිසා එජාපයට අවාසි සහගත කොටස් කතා නොකොට රාජපක්ෂ සමයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කළ යුතු බවකි. නමුත් මෙහිදී අමුතුම යෝජනාවක් ගෙන එමින් රනිල් කියා සිටියේ බැඳුම්කර විවාදයේදී බැඳුම්කර සම්බන්ධයෙන් නොමැතිව කොටස් වෙළෙඳපොළ තුළ සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා, දූෂණ හා ඩීල් සම්බන්ධයෙන් කතා කළ යුතු යැයි කියාය. රනිල්ගේ මේ යෝජනාවත් සමඟම කිසියම් කසුකුසුවක් මන්ත්‍රිවරුන්ගෙන් පැනනැඟුණු අතර මරික්කාර් කියා සිටියේ කුමන කරුණු කීවද මෙම විවාදයේදී පැත්තක් නොගෙන ඇත්ත කතා කිරීමට සිදුවනවා යැයි කියාය.

මරික්කාර්ගෙන් ‌කෙළින් කතාවක්

“මේ විවාදයේදී අපිට කාවවත් සුද්ද කරන්න බෑ. මේකෙදි අපි ඇත්ත කතා කරන්න ඕනෙ. අපිට රටට කියන්න වෙනවා මේ මේ දේවල් සිද්ධවෙලා තියෙනවා කියලා. අපේ ආණ්ඩු කාලේ මේව වෙලා නෑ කියල අපිට සුද්ද කරන්න බෑ…” යනුවෙන් මරික්කාර් කියද්දී හර්ෂද සිල්වාද කියා සිටියේ තමන් මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැය එකහමාරක පමණ වීඩියෝවක් නිර්මාණය කර ඇතැයි කියාය. ඒ අනුව මරික්කාර් නැවැත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී සාකච්ඡාවට මැදිහත් වූ ජේ.සී. අලවතුවල කියා සිටියේ ඉදිරියේදී මහ මැතිවරණයට මුහුණදීමට පක්ෂයට සිදුව ඇති නිසා විවාදයේදී සිදුවන අවාසිය එජාපයට පැමිණීම අවම කරගෙන එය ආණ්ඩුව පැත්තට යොමුවන ලෙසට විවාදය සිදුකළ යුතු යැයි කියාය. ඒ අනුව මරික්කාර් නැවැත කතා කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැරැදිව තොරතුරු දැනගත යුතු බව කියා සිටිද්දී අජිත් පෙරේරා කතා කරමින් කෝප් කමිටුවේ සිදුකළ විමර්ශනවලදී පාදසටහන් (ෆුට්නෝට්) දැමූ පිරිස් පිළිබඳව විග්‍රහ කිරීමට පියවර ගත්තේය.

සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වැඩමුළුවක්

කෙසේ වෙතත් අවසානයේදී තීන්දු වූයේ බැඳුම්කරයේ වෝහාරික විගණනය සම්බන්ධයෙන් සහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා එජාප මන්ත්‍රිවරුන්ට විශේෂ වැඩමුළුවක් සංවිධානය කිරීමටය. ලබන සඳුදා (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම වැඩමුළුව පැවැත්වීමට තීන්දු වූ අතර එහි සම්පත් දායකයන් ලෙස මංගල, රවි, හර්ෂ, එරාන්, අජිත්, සුජීව යන මන්ත්‍රිවරුන් අදහස් දැක්වීමට නියමිතය.

අශෝක් පළමු ගල ගහයි

රැස්වීමේ හොඳම හරිය පටන්ගත්තේ ඉන් අනතුරුවය. එහිදී පළමු ගල ගැහුවේ අශෝක් අබේසිංහය.
“අපි දැන් මහ ඡන්දය ගැන කතා කරමු. පසුගිය සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරල තිබුණා සන්ධාන නායකත්වයයි, සන්ධානයේ මහලේකම්වරයා පත්කිරීමේ බලයයි, නාමයෝජනා කමිටුවේ බලයයි සජිත් ප්‍රේමදාස මහත්තයට පවරන්න. ඒ අනුව සජිත් අලුත් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත්කළා කාටවත්ම චෝදනා කරන්න බැරි පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්ව. ඒ තමයි රන්ජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිතුමා….” යනුවෙන් අශෝක්, රන්ජිත්ගේ නම නැවැත මන්ත්‍රි කණ්ඩායම ඉදිරියේ තහවුරු කරද්දී රනිල් පිල නියෝජනය කරන බොහෝ දෙනා එහි සිටියද ඒ කිසිවකුගෙන් ඊට විරෝධයක් පලවන ආකාරයක් දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය.

රනිල් ‌හොල්මන්

ඒ අනුව සියලු දෙනාම ඒ අවස්ථාවේ බැලුවේ රනිල්ගේ මුහුණේ ඉරියව් දෙසය. එවිට ඔහුගේ මුහුණේ දැකගන්නට ලැබුණේ බොහෝ කලබලයට පත්වූ ඉරියව්ය. උඩ බිම බලමින්, ඔරලෝසුව දෙස බලමින් තමන්ට හිතවත් ජෝන්, අකිල වැනි මන්ත්‍රිවරුන්ගේ මුහුණු දෙස බලමින් රනිල් ඒ වන විට කලබලයට පත්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණද කිසිවකුත් රනිල්ගේ ඉඟිවලට අනුව රන්ජිත්ගේ නමට විරුද්ධව වචනයක් හෝ කියන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

යෝජනාව ඒකමතිකව සම්මතයි

ඒ අනුව ඉන්පසු කතා කිරීමට නැඟිට්ටේ සජිත්ය. “මම ඒ නම අනුමත කරනවා. මම හිතනවා ඒ තනතුරට නියම සුදුස්සා එතුමා කියලා. මොකද එතුමත් එක්ක කාටවත් ප්‍රශ්නයක් නැහැ. මේ යෝජනාවට කාගෙහරි විරෝධතාවයක් තියෙනවද” යනුවෙන් කියමින් සජිත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළද ඊටද කිසිවකුගෙන් විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව රන්ජිත්ගේ නම ඒකමතිකව සම්මත වනු දැකගන්නට ලැබිණ.

රනිල් එළියෙදි චණ්ඩියා ‌වෙයි

ඒ සමඟම එම පුවත විවිධ වෙබ් අඩවි විසින් වාර්තා කිරීමට පටන් ගැනීමත් සමඟ රනිල්ට ඉතාම සමීප පුද්ගලයකුගෙන් රනිල්ට දුරකතන ඇමැතුමක් ලැබිණ. එම ඇමැතුමෙන් කියැවුණේ රන්ජිත්ගේ නම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වුණා නේද යැයි කියාය. ඒ වන විට රනිල් සිටියේ රැස්වීම නිමාකොට සිය නිවෙසට එන අතරතුරය. එම ඇමැතුමට පිළිතුරු දෙමින් රනිල් කියා සිටියේ “ඕව එකක්වත් වලංගු නෑ. අපි ඡන්දෙට යන්නෙ අලියගෙන්. කැමැති කෙනකුට ඒකෙ ඉන්න පුළුවන්. අකමැති කෙනකුට යන්න පුළුවන්….” යැයි කියාය. ඒ අනුව ඇතැමුන් රනිල්ට කියා සිටියේ රන්ජිත්ගේ පත්වීම ප්‍රතිකේෂ්ප කරමින් නිවේදනයන් නිකුත් කරන ලෙසටය. එවැනි ඉල්ලීම් කිහිපයක් රනිල් වෙත ලැබුණද රනිල් එවැනි නිවේදනයක් නිකුත් කරන තැනක‘ට තල්ලු නොවීම විශේෂ සිදුවීමක් විය.
ඒ අතරවාරයේ සජිත් පිලෙන් තවත් තද පණිවුඩයක් රනිල්ගේ පිලට ලැබී තිබිණ. ඉන් කියැවුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ සජිත් පිලේ සිවුදෙනා නැවැත ඊට පත් නොකළහොත් බ්‍රහස්පතින්දා (06දා) පැවැත්වීමට නියමිතව ඇති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නැවැත වතාවත් වර්ජනය කිරීමට කටයුතු කරනවා යැයි කියාය. එම පණිවුඩය ලැබීමත් සමඟ රනිල් කළේ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ ඊට නිසි උත්තරයක් නොදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දැමූ බවට සියලු දෙනාටම දැනුම් දී සිටීමය.

අජිත් සන්ධානය හැදිල්ලට බසී

මේ සියල්ල මැද නව සන්ධානය බිහිකිරීමේ නීතිමය කටයුතු මේ වන විට සංවිධානය කරමින් සිටින්නේ සජිත් පිලේ ප්‍රබලයකු වන නීතිඥ අජිත් පී. පෙරේරාය. ඒ අනුව අජිත් පසුගිය බදාදා මැතිවරණ ලේකම් කාර්යාලයට ගියේ ලිපිගොනු විශාල ප්‍රමාණයක්ද රැගෙනය. මෙම ගමන රහසක් ලෙස තබාගැනීමට එම පාර්ශ්වයෙන් පියවර ගෙන තිබුණද දැනටමත් සජිත් සතුව අලුත් සන්ධානය සඳහා අලුත් නමකුත්, නව ලකුණකුත් පවතින බව දැනගන්නට ඇත.

අලියා ‘ලීස්’ ‌වෙයි

මේ අතර රනිල්ගේ පාර්ශ්වයෙන් මේ වන විට යෝජනා වී ඇති අලියා ලකුණේ යෝජනාව තවදුරටත් ඉදිරියට පැමිණියහොත් කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන්ද පසුගිය සතිය වන විට සජිත් පිල ඇතුළේ විශාල සංවාදයක් මතුව තිබිණ. මෙහිදී රනිල් දැනුවත්ව මෙම සිදුවීම් සිදුවනවාද යන්න සම්බන්ධයෙන් සැකයක්ද අප තුළ තිබුණත් සජිත්ගේ නීතිඥ කණ්ඩායම ඊටද මේ වනවිට යම් විසඳුමක් සොයාගෙන ඇති බව ආරංචිය. ඔවුන් එම විසඳුම සොයාගෙන ඇත්තේ මැතිවරණ නීතියේ පවතින වගන්තියක් අනුවය. එම වගන්තියට අනුව කියැවෙන්නේ ඕනෑම සන්ධානයකට වෙනත් පක්ෂයක සලකුණක් කිසියම් කාලසීමාවකට කල්බදු ක්‍රමය (ලීස්) යටතේ ලබාගත හැකි යැයි කියාය. ඒ අනුව නව සන්ධානයෙන් තරග වැදීමටත්, යම් හෙයකින් සලකුණ පිළිබඳ ගැටලුවක් මතුවුවහොත් කල්බදු ක්‍රමය යටතේ අලියා ලකුණ ලබාගැනීමටත් සජිත් පිල මේ වන විට තීන්දුවක් ගෙන ඇති බව ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්

Next Post

නිධානය කඩපු හැටි -චම්පික රණවක ලියයි

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.