• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාම අවුරුදු 20යි! හැමෝම කියන්නේ ‘පුංචි මාලිංග’ කියලා! මේ දවස්වල චෙන්නායි කණ්ඩායමේ ඉඳන් IPL පිටිය දෙවනත් කරනවා! දෝනි අන්තිම පන්දුවාර දාන්නත් දෙනවා! විචාරකයෝ ලොකු අනාවැකි කියනවා! ගන්නෝරුවෙන් ආපු කව්ද මේ මතීෂ පතිරණ!

May 7, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
තාම අවුරුදු 20යි! හැමෝම කියන්නේ ‘පුංචි මාලිංග’ කියලා! මේ දවස්වල චෙන්නායි කණ්ඩායමේ ඉඳන් IPL පිටිය දෙවනත් කරනවා! දෝනි අන්තිම පන්දුවාර දාන්නත් දෙනවා! විචාරකයෝ ලොකු අනාවැකි කියනවා! ගන්නෝරුවෙන් ආපු කව්ද මේ මතීෂ පතිරණ!
Share on WhatsAppShare on Facebook

ලසිත් මාලිංග නාමය ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකේය සලකුණක් වුයේ ඔහුගේ පන්දු යැවීමේ විලාසයේ තිබු වෙනස්ම ඉරියව්ව හේතුවෙනි. ලොව මෙතෙක් බිහිවූ දක්ෂතම වේග පන්දු යවන්නෙකු ලෙස ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නමක් ඉතිරි කර විශ්‍රාම යාමෙන් පසු ක්‍රිකට් පිටියේ තවත් එක් ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකු ගැන ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දක්වන දස්කම් හේතුවෙන් මේ වන විට එරට මාධ්‍ය තුළ මෙන්ම ප්‍රේක්ෂකයින් ගේ අවධානය දිනා සිටින මෙම යොවුන් පන්දු යවන්නා වන්නේ මතීෂ පතිරණ ය. මතිෂට තවත් නමක් ඇත, ඒ ‘පුංචි මාලිංග’ ලෙසය.

ඒ, මතීෂ පතිරණගේ පන්දු යවන ඉරියව්ව ද ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන වීම හේතුවෙනි.

CRICKET-IND-IPL-T20-LUCKNOW-CHENNAI
ඡායාරූප ශීර්ෂ වැකිය,දකුණත් වේග පන්දු යවන්නෙකු වන මතිෂ පතිරණ, 2020 සහ 2022 යන වසර වලදී අවුරුදු 19න් පහළ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට සමත් විය.

ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන මේ මතීෂ පතිරණ කවුද ?

2002 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනිදා මහනුවරදී උපත ලබන මතීෂ පතිරණ සිය මුලික අධ්‍යාපනය හදාරනු ලබන්නේ ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙනි. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන මතිෂ පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුලත්ව තිබේ.

දකුණත් වේග පන්දු යවන්නෙකු වන මතිෂ පතිරණ, 2020 සහ 2022 යන වසර වලදී අවුරුදු 19න් පහළ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට සමත් විය.

CRICKET-IND-IPL-T20-LUCKNOW-CHENNAI
ඡායාරූප ශීර්ෂ වැකිය,මතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු බවට මේ වන විට පත්ව සිටින අතර තරගයක අවසන් පන්දු ඕවරය යැවීමේ වගකීම ඔහුට භාරදීමට තරම් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත්ව සිටියි.

මතිෂගේ ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය

2022 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන තරග සංචාරය සඳහා මතීෂ පතිරණ නම් කෙරුණ ද ඔහුට ඇතිවූ ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි විය.

ඉන් අනතුරුව එම වර්ෂයේදීම ආසියානු කුසලාන20/20 තරගාවලිය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරනු ලැබීය.

2022 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන 20/20 තරග සංචාරය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මතීෂ පතිරණ නම් කරනු ලබන අතර එහිදී ඔහුට සිය මව්බිම නියෝජනය කරමින් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවිය.

CRICKET-IND-IPL-T20
ඡායාරූප ශීර්ෂ වැකිය,2022 වර්ෂයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවන මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී යවන ලද පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වන්නේ එම දස්කම දැක්වු නම වැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වෙමිනි.

IPL තරගාවලියේ පළමු පන්දුවෙන්ම මතීෂ තැබූ වාර්තාව..

2022 වර්ෂයේදී මතීෂ හට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාවන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම නිසාය.

ඇඩම් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවන මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී යවන ලද පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. එලෙස වාර්තා පොත් අතරට එක්වූ නම වැනි පන්දු යවන්නා ලෙස මතීෂගේ නම වාර්තා අතරට එක්වන්නේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගය.

එම තරගයෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මේ දක්වා තරග 08කට ක්‍රීඩා කර ඇති මතීෂ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 09කි. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වන්නේ 27.22ක් ලෙසයි.

මතීෂ පතිරණ

මතිෂ පතිරණ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්දු යැවීමේදී පන්දු ඕවරයක දී ලකුණු ලබාදීමේ සාමාන්‍ය ලෙස සටහන් වන්නේ 8.12කි.

එමෙන්ම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 22 කට කඩුලු 02ක් දවා ගැනීමය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේ දී පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 150 සීමාව පසු කිරීමට ද මතීෂ සමත් විය.

එම තරගයේදී මතිෂ යවන ලද එක් පන්දු වාරයකදී ඔහු විසින් පැයට කිලෝමීටර් 150 සහ 149.5 යන වේගයෙන් පන්දු දෙකක් යැවීමට සමත් වී ඇත.

පිතිකරුවන්ට හිසරදයක්..

මතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු බවට මේ වන විට පත්ව සිටින අතර බොහෝ විට තරගයක අවසන් පන්දු ඕවරය යැවීමේ වගකීම ඔහුට භාරදීමට තරම් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත්ව සිටියි.

මතීෂගේ පන්දු යැවීම ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු මෙන්ම හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේග පන්දු ක්‍රීඩකයෙකු වන ඉයන් බිෂොප් පවසා සිටියේ ඔහු පිතිකරුවන්ට වඩාත් හිසරදයක් ගෙන දෙන පන්දු යවන්නෙකු වනු ඇති බවයි.

“මතීෂ ක්‍රමයෙන් පරිණත වන විට වඩාත් භයානක පන්දු යවන්නෙක් වේවි. වයසත් සමඟ පතිරණ අත්දැකීම් ලබන අතර ඔහු සිය යෝකර් පන්දු යැවීමේ නිරවද්‍යතාව රැකගතහොත් පිතිකරුවන්ට විශාල කරදරයක් වේවි” යනුවෙන් ඉයන් බිෂොප් ප්‍රකාශ කර තිබේ.

BBC සිංහල සන්දේශය ඇසුරිණි.

SendShareShare
Previous Post

මාලිංගට වඩා මතීෂ දස්කම් දක්වාවි! මේ දවස්වල IPL පිටිය හොල්ලන මාලිංග වගේ බෝල් කරන ලංකාවේ පොඩි කොල්ලා ගැන නවසීලන්තයේ විශිෂ්ට ක්‍රීඩකයකු වූ ස්ටයිරිස් අනාවැකියක් කියයි!

Next Post

තුන්වැනි පාර්ශ්වයක් අතේ බැසිල්ට ආණ්ඩුවෙන් ආ රහස් පණිවුඩය! රාජ්‍ය රහස්! EXCLUSIVE

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.