• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දයි-චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි: ‌මෛත්‍රී-දයාසිරි නිදහස් උළෙල වර්ජනය කළ හැටි (රාජ්‍ය රහස්)

February 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 4 mins read
A A
මහින්දයි-චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි: ‌මෛත්‍රී-දයාසිරි නිදහස් උළෙල වර්ජනය කළ හැටි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙවර පැවැත්වුණේ 72 වැනි නිදහස් දිනයය. බොහෝදෙනකු එය ඉකුත් කාල වකවානුවලදී පැවැත්වුණු ආකාරයටම වෛවාරණ, විච්චූරණවලින් යුතුව පැවැත්වෙනු ඇති බව සිතා සිටියද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා මෙවර නිදහස් උළෙලේදීද වෙනස්කම් රැසක් කිරීමට උපදෙස් ලබාදී තිබිණ. ඉන් ප්‍රධානම එකක් වූයේ පසුගිය කාලවකවානුව පුරාම කොළඹ ගෝස්ෆේස් පිටිය ඉදිරිපිට පැවැති නිදහස් දින උළෙල මෙවර නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ගොස් තිබීමය. මීට පෙර නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිට නිදහස් උත්සවයක් පවත්වා තිබුණේ මීට වසර 15කට පෙරාතුවය.
මීට අමතරව නියමිත කාලවේලාවට පටන්ගෙන නියමිත කාල වේලාවට අවසන් කිරීමට හැකිවන ලෙසත්, නාස්තිකාර වියදම්වලින්වලින් තොරව අඩු වියදමකින් නිදහස් උත්සවය සංවිධානය කරන ලෙසත් ජනාධිපතිවරයා එහි සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබිණි. එසේම අමුත්තන්ට ආරාධනා කිරීමේදී වෙනසක් නොමැතිව හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු යුද හමුදාපතිවරුන්ටද ආරාධනා කරන ලෙසටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබිණි. එමෙන්ම උත්සවය හැකිතාක් කෙටි කරන ලෙසත්, අනවශ්‍ය අංග කපාහරින ලෙසත් කළ දැනුම්දීමට අනුව මෙවර කලකට පසු රටේ ජනතාවට සරල, චාම් එහෙත් අභිමානවත් නිදහස් උත්සවයක් දැකබලා ගැනීමේ හැකියාව ලැබී තිබිණ.

චන්ද්‍රිකා ආවේ ‌කොහොමද?

ඒ අනුව මෙවර නිදහස් උත්සව වේදිකාවේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකබලා ගැනීමට ඉඩ ලැබුණු අතර ඉන් ප්‍රධානම තැනක් ගත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පැමිණීමත්, උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා ලැබ තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොපැමිණීමත්ය.
කෙසේ වෙතත් සියලු දෙනාම බලා සිටියේ පසුගිය කාලයේදී නයි, මුගටි වෛරයෙන් සිටි රාජපක්ෂවරුන් සහ බණ්ඩාරනායකවරුන් මේ ආකාරයට එක වේදිකාවට ඒමට තරම් ඇයි හොඳැයියක් හිටිහැටියේම ඇතිවූයේ කෙසේද යන්න කියාය. ඒ සඳහා මූලික පදනම වැටුණේ පසුගිය සතියේ පැවැති ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාගේ සමුගැනීමේ සාදයේදීය. අප ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය තුළින් එම සමුගැනීමේ සාදයේ යම් යම් තොරතුරු හෙළි කළද මෙවර අපට එම සාදයේ සිදුවූ තවත් රසවත් බොහෝ සංවාද වාර්තා විය. ඒ අනුව මෙවර අප හෙළි කරන්නේ රාජපක්ෂවරුන් හා බණ්ඩාරනායකවරුන් අතර හිතවත්කමක් මතුවීමට තුඩුදුන් මෙම හමුවේ තොරතුරුය.

හලෝ මැඩම්…

මෙම සාදයට දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම නායකයන් පාහේ සහභාගිව සිටි අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන විටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊට පැමිණ තිබූ ආකාරය දැකගන්න හැකිවිය. ඒ අනුව මහින්දත්, ශිරන්තිත් ඇතුළට එද්දීම චන්ද්‍රිකා හමුවූ නිසා යම් විරසකයක් තිබුණද මහින්ද සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන “හලෝ මැඩම්…” යනුවෙන් චන්ද්‍රිකාව ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේය. වෙනදා මේ ආකාරයට මහින්ද සිනාසී කතා කළත් ඔරවාගෙන අහක බලාගෙන සිටි චන්ද්‍රිකා මෙදින ඒ සියල්ලම අමතක කොට සිනාසී කියා සිටියේ “ආ… ඕගොල්ලො දැන් ලොකු මිනිස්සුනේ…” යැයි කියාය. මහින්දද ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමින්මය.
“අපි නම් ඉතින් ඒ වගේම තමයි. මැඩම්නෙ ඉතින් ගොඩක් ලොකු මිනිස්සු වගේ හිටියේ…” යනුවෙන් කී මහින්ද චන්ද්‍රිකා සමග තවත් සුළු වේලාවක් කතා කරමින් සිට ඇය සමඟ තනියට සිය බිරිය වූ ශිරන්තිද රඳවා පැමිණ සිටි අනෙකුත් අමුත්තන් සමඟ කතාබස් කිරීමට යන ආකාරයක් දැකගැනීමට ලැබිණ. ඒ අනුව චන්ද්‍රිකාත්, ශිරන්තිත් බොහෝ වේලාවක් කතාබහේ යෙදී සිටි අතර දකින සියල්ලන්ටම පෙනී ගියේ මේ දෙදෙනා ඉතා කුළුපගුව දැඩි හිතවත්කමකින් යුතුව කතාබස් කරන ආකාරයක්ය. එහිදී චන්ද්‍රිකා දිගින් දිගටම කතා කරමින් සිටින බවත්, ශිරන්ති ඊට ඔළුව වනමින් නිහඬව පිළිතුරු දෙන ආකාරයත් දැකගන්නට ලැබිණ. දෙපාර්ශ්වය අතර හිතවත්කමට මඟපෑදුණේ මේ කතාබහය. කතාබහේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.

මෛත්‍රී ‌දෙන්නාව ‌සෙට් කරයි

එහිදී චන්ද්‍රිකා මෛත්‍රි තමන්ට සිදුකළ කුහකකම්, කුඩුකේඩුකම්, යටිකූට්ටු වැඩ පිළිබඳවත්, සිය සොහොයුරා වූ අනුර බණ්ඩාරනායකට කළ දෑ පිළිබඳවත්, අවසානයේදී මහින්දට කළ දෑ පිළිබඳවත් උදාහරණ සහිතව ශිරන්තිව දැනුවත් කිරීමට පියවර ගත්තාය. එමෙන්ම මෙහිදී චන්ද්‍රිකා මෙම සංවාදය අවසන් කිරීමේදී විශේෂ වටිනාකමක් ඇති වචන කිහිපයක්ද ශිරන්තිට සඳහන් කර සිටියාය. ඒ, “මට දැන් දැනෙනව මෛත්‍රි වගේ මිනිහෙක්ට ජනාධිපතිකමක් අරන් දෙන්න ගිහිල්ල කරගත්ත වැරැද්ද. මම මේ සති දෙක තුනට තේරුම්ගත්තා ගෝඨා වගේ කෙනෙක් අර මනුස්සයාට වඩා දහස් වාරයක් වටිනවා කියලා..” යන්න චන්ද්‍රිකා එහිදී ශිරන්තිට කී අවසන් වචන කිහිපය විය.
ඒ අනුව අපට දැනෙන ආකාරයට ශිරන්ති මේ චන්ද්‍රිකාගේ වචන සියල්ල මහින්දට ඒ අයුරින්ම පැවැසුවාට සැකයක් නැත. මහින්ද හරහා හෝ වෙනත් ආකාරයකින් මේ වචන මේ ආකාරයෙන්ම ගෝඨාභයගේ කනටද වැටෙන්නට ඇත. ඒ අනුව ගෝඨාභයගෙන් චන්ද්‍රිකාට දුරකතන ඇමැතුමක් ගිය ආකාරයක්ද නිල නොවන ආකාරයට රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී නිදහස් උත්සව වේදිකාවට පැමිණෙන ලෙසට ගෝඨාභය නිල වශයෙන් චන්ද්‍රිකාට දැනුම් දුන් බවක්ද අපට දැනගන්නට ඇත. කලක් රාජපක්ෂවරුන් සමඟ මහත් විරසකයකින් පසුවූ චන්ද්‍රිකා හිටි හැටියේම රාජපක්ෂලාගේ නිදහස් දින උත්සවයට ගොඩවීමේ පසුබිම් කතාව එයය.

මෛත්‍රිගේ පුටුව හිස්

කෙසේ වෙතත් චන්ද්‍රිකා ඇතුළු ආරාධිත අමුත්තන්ට නිදහස් උළෙලේ වේදිකාවේ ආසන පැනවීම සම්බන්ධයෙන්ද ගෝඨාභය විශේෂ අවධානයක් යොමුකර තිබිණ. ඒ අනුව ගෝඨා සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබුණේ නිල තනතුරු දැරූ ආකාරයට ආසන පනවන්න යැයි කියාය. ඒ අනුව චන්ද්‍රිකාට හිටපු ජනාධිපතිනිය වශයෙන් ඉදිරිපෙළ ආසනයක් වෙන්ව තිබූ අතර ඊට යාබද ආසනය වෙන්ව තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. මෙහිදීද උත්සවය ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ කැමරා කාච නිරතුරුවම යොමුව තිබුණේ ශිරන්තිව මැදින් තියාගෙන චන්ද්‍රිකාත්, මහින්දත් දෙපස ආසනවල සිට නිරතුරුවම කළ කතාබහ දෙසටය. එදින නිදහස් දා සවස් වරුවේ රටේම ප්‍රධාන මාතෘකාව වී තිබුණේද චන්ද්‍රිකාත්, මහින්දත් මේ ආකාරයෙන් කතා කළ දේවල් පිළිබඳවය. නැතහොත් දෙදෙනා අතර ගොඩනැඟී ඇති අලුත් යාළුකම් පිළිබඳවය.
කෙසේ වෙතත් කලක් විරසකව සිටියද දෙදෙනාටම දේශපාලනයේ පොදු සමානකම් කිහිපයක්ම දැකගන්නට තිබේ. දෙදෙනාගේම පියවරුන් ශ්‍රීලනිපය බිහි කිරීමට මුල්ගල් තිබූ අයය. චන්ද්‍රිකාගේ පියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකත්, මහින්දගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂත් ශ්‍රීලනිපය නිර්මාණය කිරීම සඳහා එජාපයෙන් එළියට බැස්සේ එකටය. ඒ වගේම චන්ද්‍රිකාත්, මහින්දත් දෙදෙනාම ශ්‍රීලනිපය විසින් බිහිකරනු ලැබූ හිටපු ජනාධිපතිවරුන්ය. පසුගිය කාලයේ දෙදෙනා අතර විශාල දේශපාලන විරසකයක් තිබුණද අද වන විට දෙදෙනාව යාළු කරවීම සඳහාද බලපා ඇත්තේද එක්තරා පොදු කාරණයක්ය. ඒ වෙන කවුරුවත් නොව මෛත්‍රිපාල සිරිසේනය.
කෙසේ වෙතත් ආරාධනා කර තිබුණද මෛත්‍රිපාල නිදහස් දින උත්සවයට පැමිණ නොසිටීමද මෙහිදී විශාල මාතෘකාවක් වී තිබිණ. විපක්ෂනායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මැතිනිය, කතානායක කරු ජයසූරිය වේදකාවේ ඉදිරි පේළියේ සිටියද මෛත්‍රි සහ රනිල් ඊට සහභාගි වී තිබුණේ නැත. රනිල්ගේ නොපැමිණීමට බොහෝ දුරට හේතුවී ඇත්තේ ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පමණක් වීම නිසා දෙවැනි පෙළ ආසනයක් හිමිවීම විය යුතුය. ඒ නිසාමදෝ කල්තියාම රනිල් සිය බිරිය වූ මෛත්‍රි වික්‍රමසිංහ සමඟ විවේකීව ගත කිරීම සඳහා ගාල්ල ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබිණ. තමන්ට උත්සවයට සහභාගි වීමට නොහැකි බව ඒ නිසා රනිල් කල්තියාම සංවිධායකවරුන්ව දැනුවත් කර තිබිණ.

නාවේ සිත්තැවුලටද?

නමුත් කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෛත්‍රි උත්සවයට නොපැමිණීම පිළිබඳව සොයාගෙන යද්දී අපට දැනගන්නට ලැබුණේ මේ දිනවල මෛත්‍රි සිත් තැවුලින් සිටීම ඒ සඳහා හේතු වී ඇති බවකි. අප හැමදාමත් කියන්නේ මෛත්‍රි දේශපාලන මුට්ටි දමා බැලීම්වලට ප්‍රසිද්ධ අයකු යැයි කියාය. පසුගිය සතියේද මෙසේ මෛත්‍රි පොහොට්ටුව පැත්තට කිසියම් දේශපාලන මුට්ටියක් දැමීමට පියවර ගෙන තිබිණ. ඒ, අලුතින් බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සම නායකත්වය මෛත්‍රිපාලට සහ මහින්දට හිමිවිය යුතු බවට ශ්‍රීලනිප විධායක සභාවේ යෝජනාවක් සම්මත කර ගනිමිනි. ඒත් සමඟම පසුගිය සතියේ පොහොට්ටුව පැත්තෙන් මෛත්‍රිට දුවන්නට පහර එල්ල වූ අතර, ජී.එල්., ප්‍රසන්න ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක්ම මාධ්‍ය හමු කැඳවා කියා තිබුණේ මෛත්‍රිට සන්ධානයේ සම නායකත්වය තබා අවම වශයෙන් නාමයෝජනා හෝ ලබාදිය යුතු නැතැයි කියාය. මෛත්‍රි නිදහස් දින උළෙල වර්ජනය කිරීමට තීන්දු කළේ මේ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව සිටීම නිසා බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

ඇමැති දයාසිරිත් නෑ

මීට අමතරව තවත් එක් කැපී පෙනෙන චරිතයක්ද නිදහස් දින වේදිකාවේ දැකගන්නට නොලැබිණ. ඒ, ශ්‍රීලනිපයේ මහලේකම්වරයා ලෙස පමණක් නොව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කරන දයාසිරි ජයසේකර මහතාගේ නොපැමිණීමය. ඒ හරහා පෙනී ගිය කරුණක් වූයේ මෛත්‍රිගේ නොපැමිණීම තනිව ගත් තීන්දුවක් නොව එය පක්ෂය හා දයාසිරි සමඟ සාකච්ඡා කර ගත් එකක් බවය. එමෙන්ම එය නොපැමිණීමකටත් වඩා නිදහස් උළෙල වර්ජනය කිරීමට ගත් තීන්දුවක් ලෙස පෙනෙන්නට තිබිණ. එසේ වුවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා වූ මහින්ද අමරවීර මෙම උත්සවයට සහභාගි වීම හරහා පෙනෙන්නට තිබුණේ නිදහස් උත්සවය වර්ජනය කරන්නට තීන්දුවක් ගත් බවක් අමරවීර නොදැන සිටි බවකි. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ඒ හරහා ඉදිරියේදී ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවත්ව තනිවම තරග කරන බවට වූ ඉඟියක් මෙම නිදහස් දින වේදිකාවට මෛත්‍රිපාලලා ගොඩනොවීම හරහා දැකගන්නට ලැබුණු බවකි.
මේ බව තවදුරටත් සනාථ වන්නේ මේ වන විටත් මෛත්‍රි සහ දයාසිරි වෙන වෙනම තම තමන්ගේ ඡන්ද සටන් ආරම්භ කිරීමත් සමඟය. මෛත්‍රිපාල නම් පසුගිය සති කිහිපය පුරාම පොළොන්නරුවේ රැඳී සිටිමින්, ගෙයක් ගෙයක් ගානේ යමින්, ගෙවල්වලට වැදී වයස උදවිය සමඟ ප්ලේන්ටි බොමින්, දරු දැරියන් සමඟ සෙල්ෆි ගසමින් සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ. දයාසිරි නම් සිය ඡන්ද සටන ආරම්භ කර තිබුණේ මෛත්‍රිපාලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. එනම් සිය රට ගැන ආඩම්බර විය හැකි බව කියැවෙන තමන්ගේම ගීතයක් ගායනා කරමින් එය යූටියුබ්වලට දැමීමෙනි.

ජායාරූපය ‌ඩේලිමිරර් ඇසුරිනි

SendShareShare
Previous Post

සජිත් කොළඹින් එයි

Next Post

ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.