• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලස් ගත්ත හිටපු ජනාධිපති කෙනෙක් රටෙන් පිටුවහල් කරපු ආස හිතෙන කතාව…

May 5, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අල්ලස් ගත්ත හිටපු ජනාධිපති කෙනෙක් රටෙන් පිටුවහල් කරපු ආස හිතෙන කතාව…
Share on WhatsAppShare on Facebook

රජකම් කළත් කළකම් පලදේ යැයි හරබර අපූරු කියමනක් අපේ ජනවහරෙහි දක්වා ඇත. එය සැබෑ ලෙසම අතිශයින්ම පැහැදිලි සත්‍යයක් විදහාපාන කියමනකි. ශ්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් වූ ජර්මනියේ හිට්ලර්ට සිදුවූ දේත්, අපගේ භූමියේම ප්‍රභාකරන්ට සිදුවූ දේත් එයට කදිම නිදසුන්ය. ඒ ආකාරයේ නිදසුන් සිය ගණනක් මුළු ලෝකය පුරාවෙන්ම ගත හැකිය.

ලෝකයේ සමහර රටවල මෙයට කලකට පෙර නොයෙකුත් ආකාරයේ රජවරුන් රජකම් කළේය. එසේම දැනටත් ලෝකයේ රටවල් කිහිපයක පමණක් රජවරුන් දැකිය හැකිය. එහෙත් එම රජවරුන් බොහෝ කෲර ආකාරයේ රාජ්‍ය පාලනයක් ගෙනයන ආකාරය මෙකලදී දක්නට නැත. එසේ වුවද මෙකල රජවරුන් මෙන් කෲර පාලනයක් ගෙන යෑමට උත්සාහ දරන්නේ විවිධ රටවල සිටින ඇතැම් ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ය. මෙම බොහෝ පිරිස එම රට රටවල ජනතා ඡන්දයෙන් පත්වූ අය වෙති. එසේත් නැතිනම් ජනතා අභිලාසයන් කිසිවක් නැතිව වෙනත් සටකපට ක්‍රමවේදයන් හරහා බලයට පත්වූවෝද වෙති. මෙවැනි පිරිස් තමන්ගේ රට රටවල් පාලනය කරනු ලබන්නේ අත්තනෝමතික හිතුවක්කාර ක්‍රම රටාවක් අනුගමනය කරමිනි. වර්තමානයේ ශ්‍රී ලංකාවද මෙයට කදිම නිදසුනකි. ලෝකයේ සිටින මෙවැනි රාජ්‍ය පාලකයන් තමන්ගේ කෲරත්වයට අමතරව ජනතාවගේ ධන සම්භාරයන්ද කොල්ලකමින් සිටියි. ශ්‍රී ලංකාවේද පසුගිය දශක එකහමාරකට (වසර 15) අධික කාලයක් දේශපාලනික පවුල් මෙම කොල්ලය උච්චතම අයුරින් සිදුකළේය. ඔවුන් දැන් ‘රජකම් කළත් කළකම් පලදේ’ යන කියමන මත යම් අයුරකින් බලයෙන් විසිවී සිටී. එහෙත් එය මුළුමනින්ම නොවේ. තවද ඔවුන් බලයට කෙළ හලමින් සිටින්නේ පැය 24 පුරාමය.

අද ඔබට මෙවැනි වගතුගක් ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කළේ තවත් සුවිශේෂ වගතුගක් ලියා තබන්නටය. එය නම් මෙයට දින කිහිපයකට පෙර එතෙර රටවලින් අසන්නට ලැබුණු කතාවකි. මෙම වගතුග මුලින්ම අසන්නට ලැබුණේ ඇමෙරිකාවෙන් වන අතර, එහි දෙවැනි පියවර ලෙස අසන්නට ලැබුණේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන පේරු දේශයෙනි. පේරු යනු දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන අඩු ආදායම්ලාභී පහළ ආර්ථිකයක් ඇති රාජ්‍යයකි. මුලින්ම ඇමෙරිකාව හරහා අසන්නට ලැබුණු මෙම සුවිශේෂ වගතුග කුමක්ද? එය, මෙයට ඉහත අප ලියා තැබූ ‘රජකම් කළත් කළකම් පලදේ’ යන අපූරු කියමන නැවත ආවර්ජනය කරන්නකි.

මෙම කතාවට සම්බන්ධ සුවිශේෂ මිනිසාගේ නාමය වන්නේ ඇලෙජැන්ඩ්‍රෝ ටොලෙඩෝ (Alejandro Toledo) ය. 77 වැනි වියෙහි පසුවන ඔහු පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකි. එනම් ඔහු 2001 ජූලි 28 සිට 2006 ජූලි 28 දක්වා වසර පහක් පුරා පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ජනතා ඡන්දයෙන් තේරීපත්වූ ඔහු තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් බොහෝ සෙයින් බලාපොරොත්තු ලබාදුන් පාලකයකු විය. රටේ ආර්ථිකය උසස් මට්ටමකට ගෙන ඒම, ජනතාවගේ වැටුප් සහ අනෙකුත් ආදායම් මාර්ග ඉහළ දැමීම, වැඩි වැඩියෙන් රැකියා උත්පාදනය කිරීම, කර්මාන්ත නගාසිටුවීම මෙන්ම රට තුළින් වංචාව සහ දූෂණයද ඉවත් කිරීම ඔහුගේ ජනතා පොරොන්දු විය. එසේම වංචා, දූෂණ සිදුකරන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස පියවර ගන්නා බවටද ඔහු ජනතාවට පොරොන්දු වීය. මේ ආකාරයට ජනතා සිහින ඉදිරිපත් කළ ඇලෙජැන්ඩ්‍රෝ ටොලෙඩෝ ජනාධිපති පුටුවේ වාඩිවී කාලය කෙමෙන් ගතවී ගියේය. එහෙත් ජනතාවට ලැබෙන සුඛ විහරණයක් ගැන දක්නට නොවීය. මේ අතර විවිධ පාර්ශ්ව විසින් චෝදනා ගෙන ආවේ පේරු ජනාධිපතිවරයා දූෂණ, වංචාවන්ට නැඹුරු වී ඇති බවටයි. එරට මාධ්‍ය හරහාද මේ චෝදනාවන් නැගෙන්නට විය. එහෙත් ඔහු බලයේ සිටින හෙයින් කිසිවකුටවත් ඔහුට එරෙහිව කටයුතු කරන්නට නොහැකි විය. තමන්ට එරෙහිව විපක්ෂය සහ මාධ්‍ය නගන චෝදනා සම්පූර්ණ අසත්‍ය බව ඔහු කියා සිටියේය. රට තුළ සිදුකෙරෙන විවිධ විශාල ජාත්‍යන්තර ව්‍යාපෘති හරහා ජනාධිපතිවරයා මූල්‍යමය වංචාවන් සිදුකරන බවට ද දැඩි ලෙස චෝදනා එල්ල විය. ඇලෙජැන්ඩ්‍රෝ ටොලෙඩෝ වසර 05ක් පුරා ජනාධිපති පුටුවේ සිටින විටදී කිසිදු පාර්ශ්වයකට ඔහුට එරෙහිව කටයුතු කිරීමට නොහැකි විය.

එහෙත් ඔහුගේ ජීවිතයේ අපගමනය ඉන් පසුව ආරම්භ විය. එනම් ඔහුට එරෙහිව නැගෙන විවිධ දූෂණ චෝදනා හරහා ඔහු මහත් අපකීර්තියකට පත්වන්නට ගත්තේය. මේ නිසාම ඔහු 2006 ජනාධිපතිවරණයට තරග නොකළේය. එහෙයින් එවක විපක්ෂයේ ප්‍රධානියා වූ අලන් ග්‍රාශියා තරග කළ අතර, ඔහු ජනාධිපතිවරයා ලෙසට පත්විය. ඔහු මුලදී යහපත් පාලකයකු ලෙස පෙනෙන්නට සිටියද අවසානයේදී ඔහුද නොයෙකුත් දූෂණ වංචා සහ වෙනත් අපරාධ චෝදනාවන්ට ලක්වන්නට විය. මේ අතර නැවතත් ඇලජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ තීරණය කළේ 2011 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමටය. අවසානයේදී ඔහුට සිදුවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි ක්‍රියාවලියකි. පේරු රටෙහි ජනතාවගේ දැඩි අපකීර්තිය මත ඔහු ජනාධිපතිවරණය තුළින් අතිශය අන්ත පරාජයකට පත්වී සිවුවැනි ස්ථානයට පත්වූයේය. ඔහුට යන එන මං නැතිවිය. මේ අතර බලයට පත්වූ රාජ්‍ය පාලනය සහ තවත් පාර්ශ්ව තීරණය කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මූල්‍ය අපරාධ මුල්කර ගනිමින් දඬුවම් පැමිණවිය යුතු බවටය. මෙම තත්ත්වය අවබෝධ කරගත් ඇලජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ හැකි ඉක්මනින් ඇමෙරිකාවට පලා ගියේය. ඔහුට කාලයක් පුරාම ඇමෙරිකාවේ සහයෝගය හිමිව තිබුණු අතර ඔහු තමන්ගේ අධ්‍යාපනික කටයුතු පවා සිදුකළේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයන් තුළදීය. එනම් ඔහු ඇමෙරිකාවේ ප්‍රකට විශ්වවිද්‍යාල දෙකක් වන සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධියද හිමිකර ගත් විද්වතෙකි. එසේම ඔහු තමන්ගේ ඇමෙරිකානු ආගමනයෙන් පසු විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක සේවය කිරීමද සිදුකර ඇත. එසේම ඔහු ප්‍රකට ආර්ථික විශේෂඥයකු ලෙසද කටයුතු කර ඇත.

හිටපු පේරු ජනාධිපතිවරයා මෙසේ තම උපන් රටෙන් පලාගොස් ඇමෙරිකාවේ යහතින් ජීවත් වුවද ඔහු වටා යම් ග්‍රහණ දැලක් එළමින් තිබුණේය. එනම් එවක පේරු රාජ්‍යයේ පාලනය තීරණය කළේ මෙලෙස පලාගිය ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව එරට රාජ්‍ය නීති පාර්ශ්වයන් විසින් එම කටයුත්ත සකස් කළේය. පේරු රාජ්‍ය පාලනය හරහා නීති පාර්ශ්වයන් විසින් ඇමෙරිකානු රාජ්‍ය පාලනය වෙත ඉල්ලීම් කළේය. හිටපු ජනාධිපතිවරයා විසින් සිදුකළ වංචා දූෂණ සහ අනෙකුත් මූල්‍ය අපරාධ පිළිබඳ සත්‍ය තොරතුරු සහ සාධක සියල්ලක්ම පේරු රාජ්‍යය විසින් සොයාගෙන ඇතැයි ඇමෙරිකානු රජයට දන්වා සිටියේය. මේ අනුව 2018 වසරේ සිට ඇමෙරිකානු රාජ්‍ය බලධාරීන් මෙම හිටපු රාජ්‍ය නායකයා ගැන දැඩි අවධානයක් යොමු කළේය. එකල පේරු රාජ්‍ය පාලනය ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපතිවරයා බලයේ සිටි සමයේ බ්‍රසීලයේ එක්තරා සුවිශාල ඉදිකිරීම් සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක අතිවිශාල මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවය. එනම් එම සමාගමට පේරු රාජ්‍යයේ ඉදිකරනු ලැබූ විශාලතම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව ඒකමතිකව ලබාදීම උදෙසා එම මූල්‍ය වංචාව සිදුකළ බවය. මෙය ජනතා ධනය කොල්ලකෑමක් ලෙස පේරු බලධාරීන් ඇමෙරිකානු බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේ ඇලජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. ඉන් පසුව ඔහු ඇමෙරිකානු බලධාරීන් හරහා නැවත පේරු රාජ්‍යය වෙත පිටමං කරන ලෙසට ඉල්ලා සිටියේය. මෙම රාජ්‍ය ඉල්ලීම හරහා ඇමෙරිකානු බලධාරීන් වහා තම අවධානය යොමුකරන්නට ගත්තේය. හිටපු පේරු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වහා අධිකරණ නියෝගයක් ද නිකුත් කළේය.

මේ අනුව පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාට එරෙහි නීතිමය ක්‍රියාවලිය 2018 වසරේදී ආරම්භ කෙරෙන්නේ ඇමෙරිකාවේදීය. මුලින්ම පේරු රාජ්‍යය විසින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා තම උපන් දේශයෙන් පලාගිය පුද්ගලයකු බවත්, එහෙයින් වහා අත්අඩංගුවට ගෙන නැවත පේරු රාජ්‍යයට පිටුවහල් කරන ලෙසත්ය. ඒ අනුව ඇමෙරිකානු රාජ්‍ය බලධාරීන්ද ඔහුට එරෙහිව විමර්ශනයක් දියත් කළේය. එම විමර්ශනයන් 2019 වසර දක්වා සිදුකෙරුණු අතර පසුව ඇමෙරිකානු බලධාරීන් තීරණය කළේ ඔහු අත්අඩංගුවට ගැනීමටය. ඒ අනුව 2019 වසරේදී ඇමෙරිකාව තුළදී ඔහු අත්අඩංගුවට ගැනිණි. මුලින් ඇමෙරිකානු බලධාරීන් සහ නීති පාර්ශ්ව ඔහුට එරෙහිව ඇමෙරිකානු අධිකරණයන්හි නඩු පැවරුවේය. කිහිප වතාවක් ඇමෙරිකාව තුළදී නඩු විභාග වුවද පසුව ඔහුට ඇප නියෝග ලබාදුන්නේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පසුගිය 2023 මුල් කාලය දක්වාම ඇමෙරිකාව තුළ ජීවත් වූයේය. එහෙත් පේරු රාජ්‍ය බලධාරීන් නිකම් සිටියේ නැත. ඔවුන් පසුගිය වසර 02ක් පුරාම ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේ හිටපු ජනාධිපතිවරයා පේරු වෙත පිටුවහල් කරන ලෙසය. මෙම කතාන්දරයෙහි උච්චතම හැරවුම් ලක්ෂ්‍ය ඇතිවූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය බලධාරීන් තීරණය කළේ ඇලජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ වහාම අත්අඩංගුවට ගෙන පේරු රාජ්‍යය වෙත පිටුවහල් කිරීමටය. එනම් ඔහුට එරෙහිව සිදුකෙරෙන සියලු නීතිමය කටයුතු පේරු රාජ්‍යය වෙත පැවරීමට තීරණය කළේය. මේ අනුව පසුගියදා ඔහු ඇමෙරිකානු ඉන්ටර්පෝල් රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක විශේෂ ආරක්ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් පේරු රාජ්‍යයේ ලීමා ගුවන් තොටුපළ වෙත ගෙන එනු ලැබීය.

ඇමෙරිකානු ඉන්ටර්පෝල් රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයා පේරු රාජ්‍යයේ රහස් පොලිස් නිලධාරීන් වෙත ලීමා ගුවන් තොටුපළේදී නීතිමය අයුරින් භාරදීම සිදුකළේය. එහිදී පැය කිහිපයක්ම එම ගුවන් තොටුපළේදී රඳවාගෙන සිටි ඔහු එතැන් සිට කෙළින්ම විශේෂ හෙළිකොප්ටරයකින් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙනගොස් ඇත. නීත්‍යනුකූලව අවසාන සිර දඬුවම් නියම කරන තෙක් චෝදනා ලැබූවන් මෙසේ රඳවා ගැනීම සිදුකරනු ලබයි. බාර්බඩිල්ලෝ බන්ධනාගාරය නමැති මෙම සිරමැදිරි සංකීරණය තුළ පූර්ණව අධිකරණ දඬුවම් නියම වූ විශේෂිත සිරකරුවෝද රැසක් සිටිති. එහිදී අතිශය සුවිශේෂ කතාවක් වන්නේ මෙයට පෙර පේරු රාජ්‍යය පාලනය කළ තවත් ප්‍රකට ජනාධිපතිවරුන් දෙදෙනෙක්ද මෙහි දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටීමය. අධිකරණ නඩුහබවලින් පසුව ඉහත තෙවැනි ජනාධිපතිවරයාටද අඩුම වශයෙන් වසර 20ක් දක්වා සිර දඬුවම් නියම වීමට නියමිතය. මේ වන විට පේරු රාජ්‍ය බලධාරීන් දැඩි ලෙස තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ අධිකරණ නඩුහබ අවසාන වන තෙක් ඔහු ඉහත බන්ධනාගාරයේ රඳවා තැබීමටය. ඔහුගේ රාජ්‍ය පාලනය සමයේදී ඉතා ධනවත් මැක්සිකානු ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක මහා ධනයක් වෙනත් සමාගම් දෙකක් හරහා තමන්ට ලබාගෙන, එම මුදල් විශුද්ධිකරණය කළේ යැයි දැන් බොහෝ සාධක සහිතව ඔප්පු වී ඇත. ඒ අනුව ඇලජෙන්ඩ්‍රෝ ටොලෙඩෝ ජනාධිපතිවරයාට මෙවර තම ජීවිතය අවසාන වන තෙක්ම සිරබත් කෑමට සිදුවනු ඇතැයි විවිධ පාර්ශ්ව කියා සිටියි. පේරු රාජ්‍යයේ සිට බ්‍රසීලය වෙත දිවෙන අතිශය සුවිශාල අධිවේගී මාර්ගය ගොඩනැගීමේදී හිටපු ජනාධිපතිවරයා මෙසේ මූල්‍ය අල්ලස් ලබාගෙන ඇතැයි සාධක අනාවරණ වී ඇත. හොඳ හොඳ ජවනිකා ඇත්තේ එළිවෙන ජාමෙටය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හයදෙනාගේ මරණෙත් එක්ක මතකෙට ආපු ඩෙල්ෆ්…

Next Post

භාවනාව කියලා දීලා ලෝකෙම අවධානය දිනාගත්ත ඇමෙරිකාවේ අපේ හාමුදුරුවෝ…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.