• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා චීන මකරා ගිලගනියිද: ලෝකෙට කියන්නේ ‌බොරුවක්ද?

February 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
කොරෝනා චීන මකරා ගිලගනියිද: ලෝකෙට කියන්නේ ‌බොරුවක්ද?
Share on WhatsAppShare on Facebook

මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳ භීතියෙන් ලෝකයම ඇළලී යෑම ආරම්භ වූයේ දැනට සති කිහිපයකට පමණ පෙරදීය. ලෝකය හා සමගාමීව එම භීතිය ශ්‍රී ලාංකිකයන්ටද දැනුණු අතර කොළඹ නගරය පුරා බොහෝ දෙනකු එදිනෙදා රාජකාරි සඳහා පැමිණියේ මුකවාඩම්ද සහිතවය. ඒ අතරතුරේ මුකවාඩම් අලෙවිය හා සම්බන්ධ ජාවාරමක් පිළිබඳවද තොරතුරු අනාවරණය විය. මුකවාඩමක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබූ බව දැක ගත හැකි විය. කොරෝනා වෛරසය වැලඳුණු චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු අතර ඇය ශ්‍රී ලංකාව තුළ ගමන් කළ ස්ථාන පිළිබඳව තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. කෙසේ නමුත් පසුගිය සතියේ අනාවරණය වූයේ ඇය සම්පූර්ණයෙන්ම සුවපත් වී ඇති බවය.
කොරෝනා වෛරසය සමඟින් ශ්‍රී ලංකාවට බලපෑ අනෙක් ප්‍රධානම කරුණ වූයේ චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමය. ශ්‍රී ලංකා ගුවන් සමාගම ඒ සඳහා ගුවන් යානයක් චීනයට යැවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක හමුදාවෝ එම සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කළහ. එලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් එම සිසු සිසුවියන් පිරිස මේ වන විට පසුවන්නේ දියතලාව යුද හමුදා කඳවුර තුළ සකස් කළ සුවිශේෂී රෝහලක් තුළය.
ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ දින කිහිපයක් බවට ජනප්‍රිය මතයක් ඇත. කොරෝනා වෛරසය සම්බන්ධයෙන්ද එය එකසේ අදාළ බව පෙනී යන්නේ පසුගිය සතියේ සහ අද ජනතාව එයට දක්වන ප්‍රතිචාර විමසා බැලීමේදීය. පසුගිය දිනවල දවස පුරා මුකවාඩම් පැලඳ සිටි කිසිවකු අද කොළඹ අගනගරයේ දක්නට නැත. කොරෝනා පිළිබඳව වූ භීතියද ජනතාව අතරින් පහව යමින් තිබෙන ආකාරයක් දක්නට ලැබෙන අතර බොහෝ දෙනකුට දැන් කොරෝනා සහමුලින්ම අමතකව යන තත්ත්වයක්ද උදා වී ඇත.

කිසිදු ශ්‍රී ලාංකිකයකු කොරෝනා පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බව සැබෑවය. චීනයේ ඇති වූ කොරෝනාවට අපේ ජනතාවට ඕනෑවට වඩා ප්‍රතිචාර දැක්වූ බවද සැබෑවය. එහෙත් කොරෝනා පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමට හෝ ඒ පිළිබඳ බිය සම්පූර්ණයෙන් දුරු කර ගැනීමට අප කිසිවකුට හෝ තවමත් අවස්ථාව උදා වී නැත. විශේෂඥයන් පවසන ආකාරයට කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව උදා වී ඇත්තේ මේ දින කිහිපයේදීය. ඒ බව සනාථ කරමින් චීනයෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණනද පසුගිය දින කිහිපයේදී අසීමිත ලෙස ඉහළ ගියේය.
මෙම සටහන ලියැවෙන මොහොත වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 565ක් ලෙසටය. 28, 299 දෙනකුට ඒ වන විට වෛරසය ආසාදනය වී තිබූ බව වාර්තා වී තිබුණු අතර ඒ අතරින් 3, 863 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද වාර්තා විය. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරන්නේ මේ තොරතුරු අතිශයින්ම සාවද්‍ය ඒවා බවය. චීනයෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරු අනුව එම මාධ්‍යය අනාවරණය කරන්නේ මේ වන විට කොරෝනා ආසාදනය වූ ගණන සහ එයින් මිය ගණන ප්‍රමාණය අති විශාල බවය. එම තොරතුරු අනුව එලෙස මියගිය හෝ වෛරසය ආසාදනය වූ ප්‍රමාණය විශ්වාස කළ නොහැකි තරමටම විශාලය.
මේ ආකාරයෙන් සැබෑ තොරතුරු වසන් කිරීම පිළිබඳ චීනයට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇත. ඒ අතරින් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2003 වසරේදීය. 2003 වසරේදී පැතිරුණු සාර්ස් වෛරසයෙන්ද චීනයට දැඩි බලපෑමක් එල්ල වූ අතර එම අවස්ථාවේදීද එහි සැබෑ තත්ත්වය වසන් කිරීමට චීන බලධාරීන් කටයුතු කළ බව පසුව අනාවරණය විය.
කොයි ආකාරයෙන් වසන් කිරීමට උත්සාහ කළද, කොරෝනා හේතුවෙන් චීනයේ ඇති වී තිබෙන සැබෑ තත්ත්වය මේ වන විට ලොවට අනාවරණය වෙමින් ඇත. එහි පළමු සිදුවීම වාර්තා වූයේද කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති චීනයේ වුහාන් නගරයෙන්මය. පසුගිය දිනෙක ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුණේ කොරෝනා වෛරසය පිළිබඳ බොරු විස්තර ලබා නොදෙන ලෙස වූහාන් නගරයේ වෛද්‍යවරයකු පොලිස් නිලධාරීන්ට දැඩි සේ අවවාද කළ බවය. කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ ජනවාරි මාසයේ සිටම වූහාන් පොලිස් බලධාරීන් ඒ පිළිබඳ සැබෑ තතු සැඟවූ බවට චෝදනා කර ඇති එම වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එසේ නොකොට සැබෑ තතු හෙළි කළේ නම් මීට වඩා වැඩි රෝගීන් පිරිසක් බේරා ගැනීමට හැකියාව තිබූ බවය.

ඉන් අනතුරුව චීනයේ පිහිටි දෙවැනි විශාලතම සමාගම වන ඔැබජැබඑ විසින් වැරදීමකින් කොරෝනා පිළිබඳ නියන තතු හෙළි කර තිබූ බව තායිලන්ත පුවත් සේවයක් වාර්තා කර තිබිණි. චීන රජය විසින් වැඩි හිමිකාරිත්වයක දරන ඔැබජැබඑ සමාගමේ වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය ගණන 24, 589ක් බවය. ඒ පිළිබඳව අදහස් දක්වමින් තායිලන්ත පුවත් සේවය පවසා තිබුණේ චීනයේ සැබෑ තත්ත්වය එය විය හැකි බවය.
මෙලෙස සැබෑ තතු වසන් කරමින් නිසියාකාරව රෝගය පාලනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරයෙන්ද දැඩි බලපෑමක් චීනය වෙත එල්ල වී ඇත. මේ අතර කොරෝනා වෛරසයෙන් චීනයට ඇති වූ හානිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ චීන ජනපති ශී ජින්පින්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ රජයේ පාලන ව්‍යුහය මේ පිළිබඳව අධ්‍යයනය කර පාඩම් උගත යුතු බවය. “පැතිර ගොස් ඇති කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නොහැකි වීමට හේතුව කුමක්දැයි අධ්‍යයනය කළ යුතුයි. කෙසේ වෙතත් අපේ ජාතික හදිසි අවස්ථා කළමනාකරණ යාන්ත්‍රණය පිළිබඳව ක්‍රියාමාර්ග වර්ධනය කළ යුතුයි. මෙවැනි වසංගත තත්ත්වයන් කෙරෙහි ක්‍රියා කළ යුත්තේ කවර ආකාරයකටදැයි යන්න ගැන අපේ හැකියාවන් වර්ධනය කළ යුතුයි.” යනුවෙන් චීන ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
මාධ්‍ය සාකච්ඡාව ඔස්සේ ජනාධිපතිවරයා වෛරසය පාලනය කිරීමට චීනයට උනන්දුවක් සහ හැකියාවක් නොතිබූ බව පිළිගෙන ඇති බව විචාරකයන්ගේ මතය වී ඇත. මේ අතර පසුගිය සඳුදා ජාත්‍යන්තර මාධ්‍යය ඇමතූ චීන සෞඛ්‍යය බලධාරීන් ආයාචනය කළේ රට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙසය. සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු වන හුවා චූන් යං සඳහන් කළේ සෞඛ්‍යය සම්පන්න මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ නෙත් ආරක්ෂිත උපැස් වැනි උපාංගවල දැඩි හිඟයක් චීනය පුරා පවතින බවය.
මේ අතර කොරෝනා වෛරසය චීනයේ ආර්ථිකයට දැඩි හානියක් සිදු කර ඇත. චීනයේ හිටපු මහ බැංකු උපදේශක හුවෑං ඉපිං පවසන්නේ ඒ හේතුවෙන් චීනයේ කෝටි දෙකකට පමණ රැකියා අහිමි වනු ඇති බවය. පසුගියදා පැවැති චීනයේ නව අවුරුදු සැමරුම වෙනුවෙන් විදේශගතව සිටි බොහෝ දෙනකු චීනය වෙත පැමිණි අතර මේ වන විට ඔවුනට නැවත තම රැකියා ස්ථානය කරා ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. විදෙස් ගත චීන ශ්‍රමිකයන්ගෙන් 1/6ක් පමණ ජීවත්වන හුබේයි පළාතටද කොරෝනා වෛරසය දැඩිව බලපා ඇති අතර ඒ හේතුවෙන් ඒ කිසිවකුටත් නැවත විදේශ ගත විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ආර්ථික විශේෂඥයන් පවසන ආකාරය කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහයි දශම පහකට (5.5%)ක් පමණ බිඳ වැටී ඇත. රටේ ආර්ථික නිෂ්පාදනයේ සියයට හතරයි දශම පහක (4.5%) ඇද වැටීමක් සිදු වී තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී එය තවත් ඉහළ යා හැකි බවද විචාරකයන්ගේ අදහස වී ඇත. මේ අතර කොරෝනා හේතුවෙන් චීනය තුළ තවත් ගැටලු රාශියක් ඇති වී තිබෙන බවද අනාවරණය වී ඇත. ඒ අතර ප්‍රධාන කරුණක් වන්නේ වූහාන් සහ ඒ අවට ප්‍රදේශයන්හි කුකුළන් ඇතුළු ගොවිපොළ සතුන් නිරාහාරව මිය යෑමය. එයට බලපා ඇති ප්‍රධාන සාධකය වන්නේ ගොවිපොළ සතුන් සඳහා අවශ්‍ය ආහාර ප්‍රවාහනය කළ නොහැකි මට්ටමට වූහාන් අවට ප්‍රවාහන පහසුකම් බිඳ වැටීමය. මේ අතර චීනය පුරා සූකර උණ සහ කුරුලු උණ පැතිර යන බවටත් ආරංචි පැතිර යන අතර එය චීනයේ සමාජ පර්යේෂණ ආයතනය විසින්ද තහවුරු කර ඇත.
කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු වසන් කිරීමට චීනය කෙතරම් උත්සාහ දැරුවද එහි සත්‍ය තොරතුරු නිරාවරණය වීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් කොරෝනා පිළිබඳව දැඩි විමසිල්ලක් දැක්වීම ආරම්භ කර ඇත. බොහෝ රටවල් මේ වන විටද චීනය සමඟ සෘජු ගුවන් ගමන් නවතා ඇත. විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා හමුදා කඳවුරු හතරක් සූදානම් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රකාශකයෝ පසුගියදා තහවුරු කළහ.
ඇමෙරිකාව, යුරෝපීය සහ ආසියාතික කලාපීය රටවල්ද, චීනයෙන් පැමිණෙන සංචාරකයන් අවම කිරීම සඳහා විවිධ නීති සම්පාදනය කිරීමට කටයුතු කර ඇත. එම රැකවල් තවත් තීව්‍ර වූයේ ලෝක සෞඛ්‍යය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හදිසි අනතුරු තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟය. එම ප්‍රකාශයෙන් අනතුරු අඟවා තිබුණේ කොරෝනා වෛරසය සරම්ප රෝගයට වඩා දරුණු විය හැකි බවය.
කෙසේ නමුත් චීනයෙන් පිටත කොරෝනා ආසාදිතයන් දෙසියයක් පමණ ඇති බව වාර්තා වන නමුත් ඒ අතරින් මිය ගොස් ඇත්තේ එක් පුද්ගලයෙක් පමණි. එලෙස මිය ගිය 31 හැවිරිදි පිලිපීන ජාතිකයාද සංචාරයක් සඳහා චීනයේ වූහාන් වෙත ගොස් පැමිණි අයෙකි. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රැකියාවේ නියුතු චීන ජාතිකයන් සියල්ලම දැඩි අසීරුතාවයකට පත් වී ඇත. ඔවුන් සමඟ ගමන් බිමන් යෑම ටැක්සි රියැදුරන් ප්‍රතික්ෂේප කරන අතර බොහෝ ආහාර වෙළඳසල් චීන ජාතිකයන්ට ආහාර ලබා දීම ප්‍රතික්ෂේප කරන බැවින් ලොව පුරා චීන ජාතිකයන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බවද සඳහන්ය.
ලෝකයේ සෙසු රටවලට කෙසේ වෙතත් චීනය සමඟ බොහෝ සබඳකම් ඇති ශ්‍රී ලංකාවට ඒ හරහා සිදුවන බලපෑම අති විශාලය. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ පිරිස්වලට එය දැනටමත් බලපෑම් එල්ල කර ඇත. පාස්කු ප්‍රහාරයෙන් අන්තයටම ඇද වැටී ටිකෙන් ටික හිස එසවූ සංචාරක කර්මාන්තයට නැවත වරක් කණ කොකා හඬමින් ඇත. චීනයේ ආර්ථිකයට එල්ල වන බලපෑම ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල් සඳහා බලපාන්නේ කොයි ආකාරයෙන්දැයි පැවසීමට තවමත් කල් වැඩිය. මේ සියලු කරුණු ඔස්සේ පැහැදිලිවම පෙනී යන්නේ කොරෝනා යනු අපි සිතනවාට වඩා බොහෝ භයානක දෙයක් බවය.

චන්ද්‍රසේන මාරසිංහ-චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

නමට ‘‌ෆ්‍රෙෂ්’ වුණු කුණු කෑම ගබඩාව: හිටපු-ඉන්න ‘කැරවන්’ ‌ලොක්කෝ කතා කරති

Next Post

අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.