බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
අකුණු සහ ගිගුරුම් තත්වයන් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මකව දන්වා සිටිනවා.
එළිමහනේ හෝ ගස්යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදි සිටින්න.
කුඹුරු, තේ වතු, කීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථනවල රැදී සිටීවමන් වළකින්න.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමේ වන්න.
හදිසි තත්වයකදී ප්‍රාදේශිය ආපදා කළමනාකරණ නිලධාරීන් ගේ සහය පතන්න.
dasathalankanews










