ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද සහ බස් ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව එම සංගම් ප්‍රධානීන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන් එසේ කළ නොහැකි බවකි.
ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බවය.










