• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය ඉන්ටපෝල් එකත් එක්ක සාකච්ඡා ආරම්භ කළත් කඩු අංජු ප්‍රංශයෙන් ලංකාවට ගේන වැඩේ ටිකක් අමාරුයි!

May 1, 2023
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
රත්මලාන හොල්ලගෙන ඉන්න කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි! කිසිම පත්තරයක නොගිය-මව්රට විතරක් ලියපු අංජුගේ පාතාල ඉතිහාසය මෙන්න!
Share on WhatsAppShare on Facebook

සිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර ගනිමින් මෙහෙයුමක් දියත්කර තිබේ.

ඒ කුඩු අංජුව ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය මේ වන විට මෙරටට දැනුම් දී ඇති බැවිනි.

කුඩු අංජු ප්‍රංශයේ රැඳී සිටියේ දේශපාලන රැකවරණය පතමිනි. සිය බිරිය හා දරුවා සමඟ වසර කිහිපයක් තිස්සේ ප්‍රංශයේ රැඳී සිටි කුඩු අංජුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් සතියේදීය. ඒ ඔහුගේ බිරිය විසින් කළ පැමිණිල්ලක් මුල්කරගෙනය.

සිය බිරිය අතහැර සුදු ජාතික කාන්තාවක් විවාහකර ගැනීමට කුඩු අංජුගේ සූදානමක් මුල්කරගෙන දෙදෙනා ඇතිවුණු පවුල් ආරවුලක් දුර දිග යමින් මෙම පහරදීම සිදුව ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. කුඩු අංජුට එරෙහිව ඇති ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනය ගැන ප්‍රංශ පොලිසිය දැනුවත් වී ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගෙන විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදීය. තතු දත් තොරතුරු මගින් අනාවරණය වන ආකාරයට අනුව කුඩු අංජුට එරෙහිව රතු නිවේදනයක් ඇති බව ප්‍රංශ පොලිසිය දැනුවත්කර ඇත්තේ කුඩු අංජුගේ බිරිය විසිනි.

කුඩු අංජු දේශපාලන රැකවරණය ප්‍රංශයෙන් ඉල්ලමින් එරට රැඳී සිට ඇත්තේ සිය සහෝදරයාගේ ඝාතනය පෙන්වමින් සහ ශ්‍රී ලංකා පොලිසියෙන් තමාව මරා දැමීමට යන බව කියමිනි. මේ නිසා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින කුඩු අංජුව රතු නිවේදනයට අනුව මෙරටට භාරගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. නමුත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බව ද එම නිලධාරියා කීය. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද බොහෝ දේවල් සිදු කිරීමට නියමිත බව ද එම නිලධාරියා කීය.

මෙසේ දේශපාලන රැකවරණය පතමින් ප්‍රංශයේ වසර තුනකට වැඩි කාලයක් තිස්සේ රැඳී සිටි කුඩු අංජු එහි සිට කරනු ලැබුවේ මෙරට සිටින සිය ගෝලබාලයින් යොදා පාතාල අපරාධ මෙහෙයමින් මිනිස් ඝාතන සහ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වීමය. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී රංජන් ද සිල්වාට 2018 වසරේ මැයි 24 වෙනිදා සිය ගෝලයින් මෙහෙයවා රත්මලානේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ දී කුඩු අංජු විසිනි. එම වෙඩි තැබීමෙන් ඔහු සමඟ සිටි දෙදෙනෙක් තුවාල ලැබූ අතර ධනංජය ද සිල්වාගේ සහෝදරයා වූ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක්වූ සාවිත්‍ර ද සිල්වා දිවි ගලවා ගනු ලබන්නේ දිව ගොසිනි. ධනංජය ද සිල්වා ද කුඩු අංජුගේ ඉලක්කයක් බවට එකල පත්ව තිබුණු බව ද කියැවිණි.

අංජු පාතාලයට වැටී ඇත්තේ සිය වැඩිමහල් සහෝදරයා වූ ලංසියාව කඩවත පිහිටි මහර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී 2016 වසරේ ජුනි 23 වෙඩි තබා මරා දැමීමෙන් අනතුරුවය. එම ඝාතනය මෙහෙයනු ලැබුවේ ගොනාකෝවිලේ රොහාය.

සිය සහෝදරයා ඝාතනය කිරීමෙන් සීමා නොවූ රොහා විසින් ලංසියාගේ සහෝදරයින්වද ඝාතනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී අංජු සිය දිවි බේරා ගන්නේ මලයාසියාවට පලා ගොසිනි. එදා සිට මේ දක්වාම ඔහු මෙරටට පැමිණ නොතිබුණි. ඔහුගේ ඉලක්කය වූයේ රොහා ඝාතනය කිරීමය.

කුරුණෑගල දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කර පලා යමින් සිටිය දී 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී රොහා පොලිසියට කොටුවීමෙන් අනතුරුව රොහාට බන්ධනාගාරය තුළ දී සයනයිඩ් විෂ ශරීර ගතකර මරා දැමීමට පවා අංජු විදේශයක සිට සැලසුම් කළේය. ඒ වෙනුවෙන් කෝටියක මුදලක් වැයකර බන්ධනාගාරය තුළට සයනයිඩ් විෂ සහ එන්නත් කටු යවා රොහාව ඝාතනය කිරීමට උත්සාහ ගත්තද එය අවසාන මොහොතේ ව්‍යර්ථ වූයේ බන්ධනාගාර නිලධාරීන්ට ඒ සියල්ලක්ම හසුවීම නිසාය. ඒ 2019වසරේ අප්‍රේල් 08 වෙනිදාය. ඊට පෙර රොහාව ඝාතනය කිරීමට උත්සාහගෙන තිබුණේ 2017 මාර්තු 01දාය. එදා රොහාව ඝාතනය කිරීමට ඔහු සැලසුම් කර තිබුණේ ගල්කිස්ස අධිකරණ ශාලාව තුළ වෙඩි තබාය. ඒ නඩු කටයුත්තකට රොහාව රැගෙන එන අවස්ථාවක් බලාය. එහෙත් එයත් ව්‍යාර්ථ වන්නේ එම ගිනිඅවි දෙක අධිකරණ ශාලාවේ බංකුවක් යට තිබී හමුවීම නිසාය.

ඔහු මේ හැම දෙයක්ම මෙහෙයවනු ලැබුවේ රටින් පිට රැඳී සිටිමිනි.

එම සිදුවීම් දෙකෙන් පසු අංජුගෙන් ආරක්ෂා වෙමින් සිටි රොහා බන්ධනාගාරයෙන් ඇප ලබා එළියට පැමිණ සැඟවී සිටියත් මීගමුව කොච්චිකඩේ දී පොලිස් වෙඩි පහරකින් ඝාතනය විය. පොලිසිය සඳහන් කරනු ලැබුවේ ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට සූදානමින් ධීවර වාඩියක රැඳී සිටිය දී පොලිසිය එම ධීවර වාඩිය පරීක්ෂා කිරීමට ගිය විට ඇතිවුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව මිය ගිය බවය.

රොහාගේ මරණයත් සමඟ ගල්කිස්සේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයත් පාතාල බලයත් සියතට ගත් අංජු ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙක් ලෙස කරලියට එන්නේ ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් සමඟද ඉතා කිට්ටු සම්බන්ධකම් ගොඩනඟා ගනිමිනි. එම දූෂිත පොලිස් නිලධාරීන් ගැන සහ ඔහුගෙන් වරප්‍රසාද ගත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කිහිපයක්ම පසුගිය කාලයේ බලධාරීන් අතට පත්ව තිබුණි.

කුඩු අංජුගේ නම ඉදිරියේ ලියැවී ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණන 18කි. අංජුගේ නම ඉදිරියේ ලියැවී ඇති මුල්ම අපරාධය වන්නේ 2007 වසරේ ජූලි 08 වෙනිදා විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක් සමඟ අත්අඩංගුවට පත්වීමකි. ඊට අමතරව එම වසරේම දෙහිවල දී පුද්ගලයෙකුට ගිනි අවි පෙන්වා රුපියල් ලක්ෂ 03ක මුදල් කොල්ලකෑමක්ද ඔහුට එරෙහිව ඇත.

කුඩු අංජුගේ නම ඉදිරියේ ලියැවී ඇති පළමු මිනිස් ඝාතනය වන්නේ 2016 වසරේ ජුනි 16 වෙනිදා පිළියන්දල පොලිස් වසමේ දී ප්‍රභාත් රසංග පෙරේරා නමැති අයට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයට අනුබල දීමකි.

අනතුරුව ඔහුගේ නම ඉදිරියේ දිගින් දිගටම අපරාධ රැසක් පොලිස් පොත්වල ලියැවී ඇත. ඒ අතර මිනිස් ඝාතන 06ක් සහ ඝාතන තැත්කිරීම් 06ක්ද ලියැවී ඇත්තේය.

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිටි අමල් සිල්වාට 2018 වසරේ මාර්තු 08 වැනිදා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම පිටුපසද ඇත්තේ අංජුය. ඒ සම්බන්ධයෙන් පවා අංජුට එරෙහිව පොලිස් වාර්තා තිබේ.

කොවිඩ් වසංගතය පැවැති 2020 වසරේ මැයි 29 වෙනිදා සොයිසාපුර පිහිටි ලක්මැදුර මහා ගෙදර හෝටලයේ හිමිකරුට සහ එහි සේවකයන්ට අනතුරක් සිදුවන ආකාරයට සිය ගෝලයින් යොදා ටී56 අවියකින් වෙඩි තබවන්නේද අංජුය. ඒ ඊට දින 10කට පෙර හෝටලයට කඩා පැන හිමිකරු සහ එහි සේවකයන්ට මැර කණ්ඩායමක් යොදවා කළ පහරදීමකින් පසුවය. ඒ ඔහුට කප්පම් නොදීම නිසාය. 29 වැනිදා වෙඩි තබන්නේද පොලිස් ආරක්ෂාවක් හෝටලයට යොදවා තිබියදීය.

කුඩු අංජු තමාට අවනත දූෂිත පොලිස් නිලධාරින්ට තෑගි බෝග පවා ලබාදෙන විට ඔහුට එරෙහිව යන නිලධාරීන්ට මරණීය තර්ජන පවා කර තිබුණි. අඟුලාන පොලිසියේ 2019 වසරේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක අලහකෝන් නමැති නිලධාරියා ඔහුගේ තර්ජනයන්ට ලක්ව සිටියෙකි. පොලිස් පොත්වල ලියැවී ඇති මෙම අපරාධ සම්බන්ධයෙන් කුඩු අංජුට එරෙහිව ජත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් ලබාගෙන ඇත්තේ 2020 වසරේ පෙබරවාරි 26 වැනිදාය. එම රතු නිවේදනය ලබා ගෙන ඇත්තේ A – 2073/2-2020 අංකය යටතේය.

කුඩු අංජුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ. ඒ ගල්කිස්ස මහාධිකරණයෙනි. සංවිධානාත්මකව අවි ආයුධ රැස්කරමින් ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට තර්ජනයක් වන ආකාරයෙන් සාහසික ලෙස අඛණ්ඩව ක්‍රියාකරමින් කටයුතු කරන බවට චෝදනා නඟමිනි. මෙම විවෘත වරෙන්තුව නිකුත්කර ඇත්තේ 2022 වසරේ සැත්තැම්බර් 09 වෙනිදාය.

මේ හැරුණු කොට 2022 පෙබරවාරි 16 වෙනිදා අංජුව පොලිස් ගැසට් පත්‍රය මගින් ද ප්‍රසිද්ධකර ඇත්තේ පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් ලෙසිනි. ප්‍රංශ අත්අඩංගුවේ සිටින අංජුව මෙරටට ගෙන ඒමට උත්සාහ දරන්නේ මෙම කරුණු කාරණා ඔස්සේය. එහෙත් ඊට පෙර අංජු ඉස්සර වී ඇති බව එරටින් ලැබෙන විශ්වාස තොරතුරු අනාවරණය කරන්නේය. අංජු දැනටමත් එරට නීතිඥ සහය ලබා ගනිමින් ඔහුට එරෙහිව ඇති මෙම චෝදනා සියල්ලක්ම බොරු යැයි කියමින් එරට තවදුරටත් රැඳී සිටින්නට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් විශාල මුදලක් ඒ වෙනුවෙන් වියදම් කරමින් ඇති බවත් එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

කුඩු අංජු එසේ ඔහුට එරෙහිව ඇති අපරාධ බොරු යැයි පවසද්දී පසුගිය කාලයේ ඔහුට අයත් සහ ඔහුගේ ගෝලබාලයින් කිහිප දෙනෙකුට අයත් දේපොළ රැසක් රාජසන්තක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන අංශය පියවර ගත්තේය. ඊට අමතරව ඔහුගේ පවුලේ සමීප ඥාතීන්ගේ දේපොළ තහනම් කිරීමටද නීති විරෝධි වත්කම් විමර්ශන අංශය මෑතක දී පියවර ගත්තේය.

කුඩු අංජුගේ මත්කුඩු මුදල් උණ්ඩියල් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකුවද පසුගිය මාර්තු 30 වෙනිදා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය. එහි දී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබුණේ ඔහු කුඩු අංජුගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ රුපියල් කෝටි 400ක මුදලක් පසුගිය කාලයේ දී රැස්කර දී ඇති බවය. කුඩු අංජුට එරෙහිව මේ හැම දෙයක්ම යොදා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම හෝ මෙරටට පිටුවහල් කර ගැනීමට උත්සාහ ගනිමින් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගයාන් කුමාර වීර­සිංහ

SendShareShare
Previous Post

ලංකාව දැන් හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙනවා! නීතියක් නෑ! හැමතැනම නීති කඩනවා! තමන්ට ඕන ඕන දේවල් කරනවා! පොඩි පොඩි දූෂිත වැඩ විතරක් නෙමෙයි ලොකු ලොකු දූෂිත වැඩත් කිසිම බයක් නැතිව කරනවා! කාදිනල් හිමියන් ලංකාවට වෙලා තියෙන දේ කියයි! VIDEO

Next Post

ලංකාවේ පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනය වෙලා! ලංකාවේ අධිකරණ 28ක නඩු පවරලා! එහෙම තියෙද්දිත් එක්ස්ප්‍රස් පර්ල් නඩුව ලංකාවේ දාන්නේ නැතිව සිංගප්පූරුවේ පවරපු එක සැකයි! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.