ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට ඡන්දය ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගය ඡන්දය වර්ජනය කොට පාර්ලිමේන්තුවෙන් පිටව යාමට තීන්දු කිරීමත් සමග හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම ඇතුලු රටට අහිතකර වගන්ති රැසක් ගිවිසුමේ ඇතුළත් වීම හේතුවෙන් සජබය මෙම ඡන්ද විමසීම වර්ජනය කිරීමට තීන්දු කොට තිබිණ.










