ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබදව දින 3ක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවාද කළද මෙතෙක් ඊට අදාළ ගිවිසුම සහ ඇමිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත්ව ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂය මීට අදාළ කාර්ය මණ්ඩල ගිවිසුමට අස්සන් තැබූ දින සිටම එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩුව ඒ අවස්ථාවේදී කියා සිටියේ ප්‍රධාන ගිවිසුමට අස්සන් තැබූ පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවකි.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාව ඇති කර ගත් අවස්ථාවේදී එවකට විපක්ෂයේ සිටි වික්‍රමසිංහ මහතා අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට දැඩිව ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
ඊයේ දින විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද කියා සිටියේ මෙතෙක් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැති බවකි.










