• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගිවිසුමේ කොන්දේසිවලට සජබය විරුද්ධ වෙයි! ගිවිසුම තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ!

April 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රට හෙල්ලෙන හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේ සිදුකරයි! ආණ්ඩුව ශීඝ්‍රගාමී ලෙස ව්‍යවස්ථාදායක සභාව පත්කරන කුමන්ත්‍රණයක! කතානායකතුමනි අහුවෙන්න එපා! මේ හදන්නේ ඡන්දය කල්දාන්න! විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි! EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බවත්, ගිවිසුමේ කොන්දේසි වලට සජබය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා අද(27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේය.

ඒ මහතා මෙසේද කීය.

සභානායකතුමා අයි,එම්,එෆ් ගිවිසුම ගැන කිව්වත් ගිවිසුම තාමත් සභා ගත කරලා නෑ.අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඔබතුමාලා කරපු ඉල්ලීමයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගිවිසුමයි.තවමත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.ගිවිසුම නැතුව තමයි අපි මේ වාද විවාද කරන්නේ.ගිවිසුම මොනවා තියනවද කියලා අපි දන්නේ නෑ.වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති උනාට පස්සේ පාර්ලිමේන්තුවට කීප වතාවක් ආවා.අපි කිව්වා ගිවිසුමේ අඩංගු කරුණු අපට දෙන්න කියලා.නමුත් කිසිම කරුණක් අපට දුන්නේ නෑ.

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව රට බංකලොත් කෙරුවා.අපි ආණ්ඩුව භාර දෙන කොට ඩොලර් මිලියන 7800 සමඟයි රට භාර දුන්නෙ.මේ අය ඒක බින්දුවට බස්සව්වා.ඒක තමයි පළවෙනි වැරැද්ද.දෙවැනි වරද්ද මොකක්ද?දෙපැත්තෙම ඇයි කියනවා දාසය වතාවක් අයි එම් එෆ් ගියා කියලා .නමුත් වෙනස මේකයි,ඒ හැම දාසය වතාවෙම ගියේ රට බංකොලොත් වෙන්න කලිනුයි.රට බංකොලොත් වෙන්න කලින් i m f ගියානම් අපිට ගනුදෙනු කරන්න තිබ්බේ අයි එම් එෆ් එක සමග විතරයි.නමුත් බංකොලොත් උනාට පස්සේ අයි,එම්,එෆ් ගියාම යි,එම්,එෆ් අපි විතරක් නෙමෙයි ණය කරුවනුත් මේකට එකතු වෙනවා.මේකයි ආණ්ඩුව කරපු වැරැද්ද.බංකොලොත් වෙන බව දැනගෙන ප්‍රමාද කෙරුවා.2021 බැසිල් රාජපක්ෂ මහතාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා අයි,එම්,එෆ් යනවද නැද්ද කියලා?එතුමා ඒ වෙලාවෙත් කිව්වේ යන්නේ නෑ කියලා.ආණ්ඩුව නියම වෙලාවට අයි,එම්,එෆ් ගියේ නෑ. රට බංකොලොත් උනාට පස්සේ අයි එම් එෆ් එක්ක කතා කරලා මේක විසඳගන්න බැ.ණය කාරයෝ ඔක්කොම මේකට ඇතුළත් වුණා.ආණ්ඩුව මේ වගේ වැරදි කරලා කොහොමද රට පාලනය කරන්නේ.අපේ සභානායකතුමා කිව්වා බැංකුවට ගියාම ණයක් ගත්තාම සමාගම බංකොලොත් නම් බැංකුවෙන් කියනවා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්න කියලා.දැන් රට බංකොලොත් කරපු අයම අය් එම් එෆ් ගිහිල්ලා රට ගොඩ ගන්න හදනවා.මේක කරන්න බෑ.සමාගමක් බැංකුවට ගියාම කියන්නෙත් බංකලොත් කරපු අධ්‍යක්ෂ මන්ඩලේ අස්වෙන්න කියලා.හරින්ම් දැන් ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕනේ.බංකොලොත් කරපු අයට ණය දෙන්නේ නෑ.

අපේ රටට දැන් ඕන අලුත් ආණ්ඩුවක්.ජනාධිපතිතුමා එනකොට රට බංකොලොත් වෙලා.නමුත් ආණ්ඩුව තමයි මේ විනාශය කළේ.රට බංකොලොත් කෙරුවා ,ප්‍රමාදවෙලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා.මුළු රටම විනාශ කෙරුවා.48 සිට ආණ්ඩු ගණනාවක් රට පාලනය කළා කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ.මේ අය රට බංකොලොත් කරලා හංගගෙන හිටියා.පාර්ලිමේන්තුවට කිව්වෙත් නෑ.පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම කඩ කරලා තියෙන්නේ ආණ්ඩුවයි.මේ ගිවිසුමේ තියෙනවා රජය නීතිය නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න ඕනි කියලා.නමුත් රජය මොකක්ද කරේ?සල්ලි හම්බ උනා විතරයි මැතිවරණය කල් දැම්මා.අපි උසාවි ගියා අධිකරණය කිව්වා මැතිවරණය තියන්න සල්ලි දෙන්න කියලා නමුත් අධිකරණ නියෝගය නොසලකා හැරියා.කොහෙද නීතිය උත්තරීතර භාවයක් තියෙන්නෙ?අධිකරණ තීන්දුව නොසලකා හැරියා.තීන්දුව දුන්න විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්වන්න හැදුවා.දැනටමත් ආණ්ඩුව මේ ගිවිසුම කඩලා තියෙන්නේ අපිට දොස් කියන්න එපා.ජුනි මාසය ඔබතුමාලට මේකට උත්තර දෙන්න වෙනවා.

ඊයෙ පුවත්පතක තිබ්බා ආදායම දෙගුණයක් බවට පත්වෙලා .දැන් මැතිවරණය තියන්න පුළුවන්.ආණ්ඩුව කියනවා නම් දැන් ඔක්කොම හරි මිනිස්සුන්ට හොඳයි කියලා මැතිවරණයකුත් තියන්න.පුවත්පත්වල සමීක්ෂණ වාර්තා පවා කියන්නේ මැතිවරණයක් අවශ්‍යයි කියලා.අපි මේ ගිවිසුමේ කොන්දේසි වලට විරුද්ධයි.එකක් දේශීය ණය ප්රතිව්යුහගත කිරීම ,අනික් කාරණය අර්ථසාධක අරමුදලේ තත්වය.විදුලි බිල,අධික බදු බර,දේශීය ණය ප්රතිව්යුහගත කෙරුවොත් වත්කම්වල වටිනාකම 30% කින් අඩුවෙනවා.epf ප්රතිව්යුහගත කෙරුවොත් epf වටිනාකම 30% කින් අඩුවෙනවා.මේක දරාගන්න බෑ.

අපි ඔක්කොම අයි,එම්,එෆ් ගිවිසුම ගැන කතා කරනවා.නමුත් මොකද්ද ඊයේ ජනාධිපති තුමා කිව්වේ?යලිත් 2019 පැවැති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වනුයේ 2028 දී බවයි.තව වසර කීයක් බලන් ඉන්න ඕනද.මේ අය කරපු විනාශය තමයි මේ.දැන්වත් තේරුම් අරගෙන ජනතා මතයට ඉඩ දෙන්න.මැතිවරණ කල් දාලා.ඡන්ද වලට බයේ රටක් පාලනය කරන්න පුලුවන්ද?කෝවිඩ් අර්බුදය උච්ච අවස්ථාවේ දී ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය තිබ්බා.මෝදි ප්‍රාන්ත පහම පැරදුනා .කොවිඩ් අර්බුදය මර්දනය කරලා රට හොඳ තත්ත්වයට ගෙනල්ලා මැතිවරණය තිබ්බාම එතුමා ප්‍රාන්ත පහම දින්නා.මැතිවරණ වලට බය වෙන්න එපා.ආණ්ඩු එනවා යනවා එම නිසා ජන මතයට හිස නමා මැතිවරණය පවත්වලා ජනමතයේ ඉස්මතු වෙන්න අවස්ථාව ලබා දෙන්න.

SendShareShare
Previous Post

මුලින් කිව්වේ මේ මාසයේ දෙනවා කියලා! බැංකු විරුද්ධ වෙයි! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේත් මැයි දක්වා ඇදෙයි!

Next Post

වතුර බිල ආයෙත් වැඩිකරන්න වෙනවා! මණ්ඩලයෙන් ප්‍රකාශයක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.