ජල ගාස්තු කඩිනමින් යළි ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) නියෝජ්‍ය ජනරාල් එන්.කේ. රණතුංග මහතා අද පැවසීය.
පසුගිය දිනවල විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අමතර වියදම් දැරීමට සිදු වූ බව ඔහු පැවසීය.
“විදුලි බිල වැඩිවීමත් සමඟ වසර 10කට පසු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තුව ද වැඩි කිරීමට සිදුවුණා. නැවතත් 2023 ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කළත් එම වැඩි කිරීම තවමත් ජල බිලට එකතු කර නැහැ,” ඔහු පැවසීය.
“කෙසේ වෙතත්, නව විදුලි ගාස්තු කළමනාකරණය කිරීමේදී ජල මණ්ඩලයට අමතර වියදම් දැරීමට සිදු වෙනවා. නමුත් අපට මෙය දිගු කලක් කිරීමට නොහැකියි” යැයි ඔහු පැවසීය.
විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 4 ක අමතර පාඩුවක් සිදුවන බව ඔහු පැවසීය.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල ඉල්ලුම ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේය.










