දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ආයෝජකයන් වෙත ලබා දීම ලබන මැයි මාසයේ මැද දක්වා කල් යනු ඇති බව වාර්තා වේ.
මීට පෙර ආණ්ඩුව දැනුම් දී තිබුණේ මේ මාසය අවසානයේදී මෙම සැලැසුම ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවකි.
විදේශ ණය හිමියන්ට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද අවශ්‍ය වන අතර, සමහර ශ්‍රී ලංකාවේ බැංකු ඊට විරුද්ධ බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා පාර්ලිමේන්තුවේදී පැවසීය.










