• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උණ හැදිලා ආ හත් හැවිරිදි දැරියට ඉස්පිරිතාලෙන් වැඩිහිටියන්ට දෙන පැනඩොල් මාත්‍රාව දීලා! අක්මාවට හානි වෙලා දැරිය මියගිහින්!

April 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
උණ හැදිලා ආ හත් හැවිරිදි දැරියට ඉස්පිරිතාලෙන් වැඩිහිටියන්ට දෙන පැනඩොල් මාත්‍රාව දීලා! අක්මාවට හානි වෙලා දැරිය මියගිහින්!
Share on WhatsAppShare on Facebook

උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් සිදුකළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ උඩහේන්තැන්න, උඩුවැල්ල, තාමරවල්ලි ජනපදයේ පදිංචි රන්කොත්පේඩි ගෙදර ශාමලී තරුෂි නමැති දැරිය යි.

ඇය උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 2 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි.

ඇගේ මවුපියන් ගම්පොළ කුරුඳුවත්ත රෝහලින් ඇයට දෙවරක් බෙහෙත් රැගෙන දී තිබිණි. වෛද්‍යවරයා විසින් ලබා දී ඇති අදාළ නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධහලෙන් සටහන්කොට ලබා දී ඇති වැඩිහිටි මාත්‍රාවක් ළමයාට ලබා දීම නිසා මෙම අධිමාත්‍රාව දැරියට ලැබී තිබෙන බව හෙළි වී තිබේ.

කුරුඳුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබා දීමට සිටින්නේ එක් ඖෂධවේදියෙකු බව පැවසේ. එසේ ම, පෙති වර්ග දැමීමට රෝහලට අවශ්‍ය දවටන හෝ කවර නොමැති අතර එම ඖෂධ වර්ග ලබා දෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමිනි.

රෝගීන් වැඩි නිසා පැරසිටමෝල් වැනි බොහෝ බෙහෙත් වර්ග කලින් ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට දීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙනි.

වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාවන් එසේ ලියා තිබුණ ද ළමුන් පැමිණි විට එම කොලේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදුකර තිබේ.

ඒ ආකාරයට හත් හැවිරිදි මෙම දරුවාට ද ඖෂධ ලබා දී ඇති අතර මවුපියන් සිදුකර ඇත්තේ එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව මෙම ළමයාට දීම ය.

මේ ආකාරයට දරුවාට උණට බෙහෙත් ගත්ත ද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර මවුපියන් විසින් 22 දින යළි එම දරුවා ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙනි.

එහිදී දරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ ද ගම්පොළ, පේරාදෙණිය, නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබූ නිසා දරුවා රාගම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.

ඒ අතර දරුවා දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කොට ඇති අතර එදින රාත්‍රි 7.30ට පමණ දරුවා ගම්පොළ රෝහලේදී ම මියගොස් තිබේ.

ඒ අනුව, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර මහනුවර මහ රෝහල වෙත 23 දින රැගෙන ගිය අතර එහිදී අනාවරණය වී ඇත්තේ අක්මාවට සිදුවූ බරපතළ හානි නිසා දරුවා මියගොස් ඇති බව ය.

එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි සී.යූ. වික්‍රමසිංහ මියගිය දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර පරීක්ෂණයකට ද යොමුකර තිබිණි.

ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ගම්පොළ රෝහලේදී මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් තේනුවරගේ (73444) මෙහෙයවීම මත මියගිය දැරියගේ පියා වන එරංග සමීර කරුණාරත්න (32) හා මව වන ජයසිංහගේ මල්ලිකා රාජපක්ෂ යන අය සාක්ෂි ලබාදෙන ලදී.

මෙහිදී මරණ පරීක්ෂකවරයා මෙම මරණයට හේතු ලෙස උණ රෝගයට අධිමාත්‍රාවෙන් පැනඩෝල් ලබා දීම, අක්මාවට හානි වීම හා රෝහල්ගත කර සිහිනැති කර සිටියදී මිය යාම යන කරුණු දක්වා තිබිණි.

SendShareShare
Previous Post

IMF ඡන්ද සටන තවත් උණුසුම් වෙයි! දෙමළ සන්ධානයත් විරුද්ධව ඡන්දෙ දෙන්න තීන්දු කරයි! ජවිපෙයි හෙලිකොප්ටරෙයි කලින්ම විරුද්ධ වෙන්න තීන්දු කළා!

Next Post

තත්ත්වය භයානකයි! ලංකාවට ආසන්නයේ අලුත් භූ තලයක් නිර්මාණය වෙලා! නිතරම භූමිකම්පා සිද්ධ වෙන්න පුලුවන්! කවදාවත් නොවුණු විදිහට ගිය මාස 4ට කම්පන 9ක් වුණා!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.