කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර මට්ටමේ රෝහලක්, මූල්‍ය මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හෝටලයක් පිහිටුවීමට මූලික අනුමැතිය ලැබී ඇත.
සිසුන් 1000කට පමණ අධ්‍යාපනය ලැබිය හැකි ජාත්‍යන්තර පාසල ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක පමණ ආයෝජනයකින් සමන්විත ව්‍යාපෘතියකි.
ඇඳන් 1000කින් සමන්විත ජාත්‍යන්තර රෝහල ඇමරිකානු ඩොලර් මිලියන 105 ක ආයෝජනයකි.
ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනයක් වන අතර ඉදිරි මාස තුන තුළ එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.
කීර්තිමත් සමාගමක් වන LOLC හි ආයෝජනයක් වන Marina Hotel නම් තරු පහේ හෝටලයේ මූලික ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් පමණ වැය වන බව වාර්තා වේ.
ඒ අනුව මුළු ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 650.9ක් පමණ වේ.









