යාපනය, නෙඩුන්තිව් ප්‍රදේශයේදී ඊයේ (අප්‍රේල් 22) ඝාතනය කරනු ලැබ තිබූ පුද්ගලයින් 5 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් මෙසේ නම් කර ඇත.
77 හැවිරිදි වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍රරත්නම් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරයි
නාගනාධි බාලසිංහම් වයස අවුරුදු 82 යි
බාලසිංහම් කන්මනිපිල්ලේ 76 හැවිරිදියි
කාත්ගිගේසු නෆේස්වරි 83 හැවිරිදි වියේ පසුවිය
මහදේවන් වයස අවුරුදු 75 යි
මේ අතර, මෙම සිද්ධියේදී තුවාල ලැබූ කනගම් පූරණම් නමැති 100 හැවිරිදි කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර නෙඩුන්තිව් ප්‍රදේශයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සැකකරුවෙකු පුංකුඩුතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරු ජර්මනියෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු බවත් ඔහු මානසිකව පීඩාවට පත්ව ඇති බවත් ප්‍රකාශ කර ඇත.










