• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දට දමිතා මහින්දගේ ගෙදර ගිහින් බුලත් දීලා වැඳලා? සමාජ මාධ්‍යයේ යන ෆොටෝ එකකින් මහා කැළඹීමක්! කමෙන්ස්ට්වලින් දිගට හරහට දමිතාට පහර දෙයි! මහින්දගේ නිල ඡායාරූප ශිල්පියාත් කතා කරයි!

April 22, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
අලුත් අවුරුද්දට දමිතා මහින්දගේ ගෙදර ගිහින් බුලත් දීලා වැඳලා? සමාජ මාධ්‍යයේ යන ෆොටෝ එකකින් මහා කැළඹීමක්! කමෙන්ස්ට්වලින් දිගට හරහට දමිතාට පහර දෙයි! මහින්දගේ නිල ඡායාරූප ශිල්පියාත් කතා කරයි!
Share on WhatsAppShare on Facebook

එක හා සමාන පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන, එහි දැක්වෙන්නේ වෙනත් පුද්ගලයින් බවට හුවා දක්වමින්, නොමඟ යවන සුළු ආකාරයේ ව්‍යාජ අර්ථකතනයන් ලබා දෙන ඡායාරුප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මෙලෙසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රංගන ශිල්පීනී දමිතා අබේරත්න බවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ගෝඨාගෝහෝම්” සහ “මයිනාගෝහෝම්” අරගලයේ ප්‍රධාන නායිකාවක් වූ දමිතා අබේරත්න ද, සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් එකතුකරමින්, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට බුලත් දී වඳින අවස්ථාවක ඡායාරූපයක් ලෙසට හඟවමින් WhatsApp ඔස්සේ පණිවිඩයක් බොහෝ දෙනෙකු අතර සංසරණය වුණේ මෙලෙසින්. 

එම ඡායාරූපය ෆේස්බුක් පරිශිලකයින් අතර ද සංසරණය වී තිබුණා.

“වසරේ දක්ෂතම රගපෑම. නිර්පාක්ෂික අරගලකාරිය නාට්ටියේ දමිතා අබේරත්න….” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link FB | Archived

මෙම ඡායාරූපය සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි සිටින්නේ දමිතා අබේරත්න බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

එසේම වෙබ් අඩවි ඔස්සේ ද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දමිතා බව පෙන්වමින් වාර්තා පළකර තිබුණේ මේ අයුරින්. 

Archived

මේ හේතුවෙන් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඉහත ඡායාරූපයේ සිටින්නේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නොවට බවට දැක ගන්නට ලැබෙන නමුත්, අප මෙම සත්‍ය ඡායාරූප අවස්ථාව කුමක් ද සහ එහි පසුබිම පිලිබඳ වැඩිදුර කරුණු පරික්ෂා කිරීමට උත්සුක වුණා.

ඒ අනුව මෙම ඡායාරූප අවස්ථාව, අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට ඔවුන්ගේ නිවසට පැමිණි පිරිසගේ ඡායාරූප ඇල්බම් එකතුවකින් ලබාගත් එක් ඡායාරූපයකි. එම ඇල්බමය මෙතනින්. එම ඇල්බමයේ තිබූ ඉහත ඡායාරූපය පහතින්.

Facebook

මෙම ඡායාරූපයේ පසුබිමින් සිටින්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂක, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ මනෝජ් ගමගේ බැවින් අප මේ පිළිබඳව ඔහුගෙන් ද , විමසීමක් කළ අතර තහවුරු කර සිටියේ, එම ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න නොවන බවයි.

අප මෙම ඡායාරූපයේ සිටින කාන්තාව කවුරුන්ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූප ගනු ලැබුවේ තමන් බවත්, එම ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න නොව නීතිඥවරියක් බවත්ය. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීමට දමිතා අබේරත්න නොපැමිණි බවට තහවුරු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉහත ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ සිටින්නේ තමන් නොවන බවත්, එය පැහැදිලිවම පෙනෙන බවත්, අසත්‍ය ප්‍රචාර පැතිරවීම සඳහා විවිධ යටිඅරමුණු ඔස්සේ හිතාමතා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, තමන් කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු සුබපැතුම් එක් කිරීමට හෝ ඔහුව හමුවට නොගිය බවයි.

ෆැක්ට්ක්‍රෙසින්ඩෝ අනුග්‍රහයෙනි.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද? EXCLUSIVE

Next Post

ප්‍රේමදාස පවුල හාස්කම් සපිරි සේරුවාවිල සිරිපතුලට වීදුරු කුටියක් පූජා කරයි! VIDEO & PHOTOS

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.