ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (20) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.
මේ වනවිට නවතා ඇති ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ බඳවා ගැනීම් වත්මන් අවශ්‍යතාවය මත නැවත ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.














