• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ආයතනයට අර්ජුන ‌බෝම්බයක් ගහයි

February 6, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්‍රිකට් ආයතනයට අර්ජුන ‌බෝම්බයක් ගහයි
Share on WhatsAppShare on Facebook

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ ‘වෝහාරික විගණනය’ පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත නොහැකි ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ ‘විශේෂ වාර්තාවක්’ ලෙසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අනාවරණය කරයි. 

එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක් ලෙසට වෙනස් වීම පිටුපස හොරුන් දූෂිතයින් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නට ඇතැයිද ඔහු අවධාරණය කළේය. 
ඒ අද (06) විශේෂ මාධ්‍ය සාකච්ඡවක් කැඳවමිනි.

https://sinhala.mawratanews.lk/wp-content/uploads/2020/02/getfvid_85525939_2772401079462690_669968353615413248_n.mp4

”අපි දන්නවා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන වෝහාරික විගණනයක් සිදු කළා. ඒබව මං ළඟ තියෙන මේ ලිපියෙනුත් සනාථ වෙනවා. මේ ලිපිය එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම්ට යවන්නේ විගණකාධිපති වෙනුවෙට නියෝජ්‍ය විගණකාධිපතිතුමා විසින්. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා වෝහාරික විගණනය කියලා. 
නමුත් මේ විගණනය පාර්ලිමේන්තුවට යන්නේ විශේෂ වාර්තාවක් ලෙසට. එහෙම වුණේ කොහොමද ? ඒ වගේම මේ වාර්තාවේ ක්‍රිකට් ආයතනයේ හුඟාක් දේවල් යට ගහලා තියෙනවා. නමුත් මේ වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන හෙළි වන තැන් කිහිපයකුත් තියෙනවා. කැම්පස් එකක් හදන්න කියලා කළ චෙක් ගනුදෙනු ගැන මේ වාර්තාවේ තියෙනවා. 
හතුරුසිංහ මහත්තයා ක්‍රිකට් ආයතනයට බඳවා ගෙන තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදියට බවත් මේ වාර්තාවෙන් හෙළි වෙනවා. හරි ක්‍රමවේදයක් බඳවා ගැනීමට අනුගමනය කරලා නැහැ…”
යිද අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දින හයක සි. සි. ටී. වි දර්ශන අභිරහස් ලෙසට මැකී ඇති බවයි.
”ක්‍රිකට් ආයතනයේ සි. සි. ටී. වී. 32ක් තියෙනවා. පුදුම කියන්නේ දවස් හයක දර්ශන මේ සි. සි. ටී. වි. වලින් මැකිලා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පවා කර තියෙනවා. 
නමුත් දැන් සභාපතිතුමා කියනවා බටන් එකක් ටච් වීමෙන් දර්ශන මැකිලා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න එපා කියලා. ඒක පුදුම හේතු දැක්වීමක්. මේ දවස් හයේ දර්ශන මැකුණේ ඇයි ? ක්‍රිකට් ආයතනයෙන් ෆයිල් උස්සන් යනවා මේ දර්ශනවල තිබුණද ? මොකද මේ දර්ශන මැකිලා තියෙනවා කියන්නේ ජනාධිපතිවරණය පැවැති කාලේදී….”
ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. 
වැඩිදුරටත් ඔහු අවධාරණය කළේ ක්‍රිකට් ආයතනයට කඩා පනින ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයෙන් විනාශයට පත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී බවද ඔහු අවධාරණය කළේය. 
”අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා. 
විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වුණු කාලය වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ එතුමා තමන්ගේ ළඟට ගත්තා. 
ඒ පවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මම අදත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරනවා. අපි සෑහෙන්න වැඩ කොටසක් කළා. නමුත් ක්‍රීඩාව පැත්තෙන් බැලපුවාම ක්‍රීඩාවට ගොඩාක් ප්‍රශ්න ආවා. චූදිතන්ව ආරක්ෂා කළා. 
ක්‍රිකට් ආයතනය විනාශ කළ සූදු කාරයෝ, බුකිකාරයෝ සිටියේ හිටපු ජනාධිපතිතුමාගේ රැකවරණය යටතේ. මම දන්න විදියට අද ක්‍රිකට් බෝර්ඩ් එකට නඩු හතලිකයට වඩා තියෙනවා. අපේ අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේදී දහවැනි ස්ථානයට දක්වා පහු බැස්සා. එදා අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශ සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා. 
ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිතුමා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් ඉන්නවා. ඉතිං රට හදනවා ශුද්ධ කරනවා, ඔක්කොම කරනවා කියලා ආපු අයටත් ඒ වගේ අය එක්කහු වෙනවා නම් එතැනින් එහාට අපිට ලොකු ප්‍රශ්නයක් තියනෙවා. 
එතුමාත් බස් ඩ්‍රයිවර් මාරු කළාද වගේද කියන ප්‍රශ්නයත් එතැන අපට තියෙනවා. හැබැයි එතුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා, එතුමා හොඳ දෙයක් කරන්න හදනවා කියලා. එතුමා ජාතිය අමතා කළ කථාවේ කොටසක් මම දැන් කියන්න කැමැතියි. එතුමා කියනවා මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තියෙනවා කියලා. 
මේ ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්. නමුත් පැතුම් විජේරත්න කියන මාධ්‍යවේදීයාට තහනමක් දාලා ක්‍රිකට් ආයතනයෙන්. මොකද්ද ඒකට හේතුව. එතුමා ක්‍රිකට් ආයතනයේ හොරකම් ලිවීම. එතොකොට ජනාධිපතිතුමා කියනවා මාධ්‍යයට සියලුම පහසුකම් ලබා දෙනවා කියලා. 
නමුත් ක්‍රිකට් ආයතනය ජනාධිපතිතුමාට වඩා උඩින් ගිහින්. අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්නා එක එක ආයතනවලට. ආර්. එම්. වී. එකට පැන්නා. තව ආයතන කිහිපයකට පැන්නා. නමුත් ජනාධිපතිතුමා මේ කතාව කළේ ක්‍රිකට් බෝර්ඩ් එක පැත්ත බලාගෙන. එතැන තමයි විශාලම හොරු ගොඩ ඉන්නේ. මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්…”

SendShareShare
Previous Post

ව්‍යුහාත්මක ඉන්ජිනේරු සංගමය සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික එකමුතුව

Next Post

ජැක්සන් පවුල සහ වාසනාවේ රහස් අංකය

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.