මින් ඉදිරියට කොළඹ නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම සදහා වෙනම ස්ථානයක් වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ෂැන්ග්‍රීලා හෝටලය අසල පිහිටි හිස් බිම ඒ සදහා වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර දැනටමත් එහි නාමපුවරුවක් සවි කර ඇති අකාරයක් දැකගන්නට තිබේ.
මේ අතර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් විසින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අසල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් අද (05) දිනයේද මතුව ඇති බව දැනගන්නට ඇත.










