පවතින නීති යටතේ ජනාධිපතිවරණ මැතිවරණය ලැබෙන්නේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ බවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට වසර 4ක් ගිය පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවත් ,එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 යෝජනාවක් සම්මත විය යුතු බවත්, ජනාධිපතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.
IMF සමග පැවැත්වූ සාකච්ඡා හා යෝජනා වල කිසිම විනිවිද භාවයක් නැති බව කියා සිටි පීරිස් මහතා IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නමුත් ගිව්සුමෙ සිංහල හා දෙමළ පරිවර්තනයක් මෙතෙක් සිදුවී නැති බවත්, IMF ගිවිසුමට නිදහස සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහය හිමි නොවන බවත් ඒ මහතා කියා සිටියේය.










