• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!

April 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කරන්න පුලුවන්. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ඨ රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙනවා. කෙසේවෙතත් මේ වනවිට එහි ස්ථාන 2ක බඹර වද සාදා ඇති ආකාරයක් දැකගන්නට පුලුවන්. ඉක්මණින්ම ක්‍රියාත්මක නොවුණොත් මේ විශිෂ්ට නිර්මාණයට හානි සිදුවන්න පුලුවන්.

කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මෙය පිහිටි බැවින් මෙයට ඒ නම ලැබී තිබෙනවා. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වනවා. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතයි. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට පුලුවන්. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට පුලුවන්.

මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් දක්වන්නේ මැළිකමක් නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත්තේ මෙය ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් බවයි.

මුහුණු අණ්ඩාකාරව නිමැවී ඇති අතර දෙඇස්වලින් ගැඹුරු හැගීම් විදහා දක්වන බව වියතුන්ගේ අදහස වී තිබෙනවා. හිස මුදුනේ දක්නට ඇති සිරස්පත් බිමට වැටී තිබුණු බවත් පසුව ඒවා සවිකරන්නට ඇතැයි යන්නත් බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා. මෙහි තිබී සොයාගත් සෙල්ලිපි සදහන් කරන ආකාරයට අවුකන පිළිමයෙහි පද්මාසනය අටවන හා නවවන සියවස් වලට අයත් වූවක් බව සැලකිය හැකි වනවා.

මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ උගතුන් හා වියතුන් විශ්වාස කරනවා. මන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් දහ අට රියනක් වූවත් මෙය ඊට වඩා උසින් යුතු වීම එයට හේතුව විදියට සදහන් කරන්නට පුළුවන්. මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන අතර එමගින්ද මින් පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බව සැලකිය හැකි බව විද්වතුන්ගේ මතයයි.

පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිලිමයේද දකින්නට හැකි බව දැක්වෙනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකි වනවා. එසේම මෙම පිළිමයේ ලම්භකතවය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කාරණය නම් සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල මෙහි නිර්මාණ ශිල්පියා කෙතරම් මානව රූපය පිළිබඳව අවබෝධයකින් යුතු වූවාද යන්න නිගමනයකට එලැබීමට අපට හැකිවනවා නොඅනුමානයි.

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න යන අලුත් ත්‍රස්ත පනත හදලා තියෙන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නෙමෙයිලු! හිතවත් නීතීඥවරුන්ලු! අපි උසාවි යනවා! වගන්ති රැසක් ඉවත් කරාවි! VIDEO

Next Post

ආණ්ඩුවට එරෙහිව සියලු දේශපාලන පක්ෂ 19 වැනිදා රටේ තැන් 5කින් එකවර ‘සෙනෙහසේ යාත්‍රාව’ අරඹයි! 21 වැනිදා මහ සෙනගක් එක්ක කොළඹට! VIDEO

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.