• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය එක පාරටම අපේ රිළව් ලක්ෂයක් ගන්න යන්නේ ඇයි? ඇත්ත කතාව එළියට එයි!

April 13, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
චීනය එක පාරටම අපේ රිළව් ලක්ෂයක් ගන්න යන්නේ ඇයි? ඇත්ත කතාව එළියට එයි!
Share on WhatsAppShare on Facebook

පශ්චාත් උපාධිධාරී තරුණ නීතිඥවයෙක්, පුරාවිද්‍යාඥයෙක්, පරිසර විද්‍යාඥයෙක් වන සුපුන් සංඛ ජයවීර, චීනයට රිළවුන් පැටවීම සම්බන්ධව හටගෙන ඇති ආන්දෝලනාත්මක සාකච්ඡාව විෂයෙහි ඉතා සාධනීය විග්‍රහයක් ඉදිරිපත් කරයි. ලෙස පවත්වාගෙන යන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළවී ඇති ඒ විග්‍රහය මෙලෙස ඔබ වෙත ගෙන එමු.

ඔය ඉහත ඉදිරිපත්වෙලා තියෙන කාරණා අතරේ ගැටලුව පිළිබඳ මගේ මතය තමයි මේක.

සත්වෝද්‍යාන කතාව ගත්තොත් ඒක වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඒකට හේතුව තමයි සත්වෝද්‍යානකට එපමණ සතුන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ජෝඩු හතරත් පහක් ගත්තත් දහස් ගණනින් ආනයනය කරලා සත්වෝද්‍යානවලට ගන්න තරන් ආකර්ෂණීය සත්වයෙක් නෙවෙයි රිලවා.

රිලවු විශේෂ වෙන වෙනම ගත්තත් ලංකාවේ ජීවත්වෙන විශේෂවලට වඩා සාපේක්ෂව ආකර්ෂණීය බව වැඩි රිලව් විශේෂ ලෝකයේ ඉන්නවා. දැන් මෙතන ආකර්ෂණීය බව කිව්වෙ පාරිසරික විද්‍යාත්මක පැත්තෙන් නෙවෙයි සාමාන්‍ය ජනතාව ආකර්ෂණීය ලෙස දකින කියන අර්ථයෙන්. ඉතින් එහෙම අඩු ආකර්ෂණීය බවක්, සුලබත්වයක් පවතින සත්ව විශේෂයක් ලක්ෂ ගණනින් ආනයනය කිරීමට ඇත්තටම හේතුවක් නෑ.

දෙවනියට මස් සඳහා, වාජීකරණ ඖෂධ සඳහාය කියන කතාව. ඇත්තටම චීන්නු වාජීකරණ ගුණයක් තියෙනවා කිව්වොත් ඕනෑම ජරාවක් කනවා. ඒ නිසාම තමයි ලෝකයේ සත්ව විශේෂ ගණනාවක් නෂ්ඨකරණයට ලක්ව තිබෙන්නෙ. ටොටෝබා මත්ස්‍යන්ගෙ වාතාශ, රයිනෝ අඟ, කබල්ලෑවන්, මුහුදු අශ්වයන්, ව්‍යාඝ්‍ර මාංශ, සර්පයන්ගෙ ඉඳන් දහස් ගානක් සත්ව විශේෂවල ⁣විවිධ කොටස්වල වාජිකරණ ගුණය පවතිනවා කියලා චීන්නු හිතනවා. හැබැයි වඳුරු මාංශ, හදවත වගේ දේවල් ඔය වාජිකරණ ඖෂධවල වටිනාකමේ ධුරාවලියක් හැදුවොත් තියෙන්නෙ යටම මට්ටමක.

තවත් විදිහකින් කිව්වොත් වෙනත් රටක් එක්ක සාකච්ඡා කරලා මාංශ හෝ වාජීකරණ ඖෂධ සඳහා රිලව් ගෙනියන්න තරම් අමාරුවක් චීන්නුන්ට එන්න විදිහක් නෑ. ඒ සල්ලිවලින් කරන්න පුළුවන් ඊට වඩා හොඳ විකල්ප භාවිතාවන් තියෙනවා.

තුන්වෙනියට ජාන මංකොල්ලය. ජාන කියන දේවල් ලබාගන්න රිලව් ලක්ෂයක් උස්සන් යන්න උවමනාවක් නෑ. ලංකාවේ ඇවිත් රිලා බෙටි ඇහින්දත් ජාන කියන දේවල් ගන්න පුළුවන්. ඛේටය, මලද්‍රව්‍ය, ලොම් ඔය ඕනම දෙයක ජානමය ද්‍රව්‍ය පවතිනවා. ඔය එක සාම්පලයකින් පුළුවන් වර්තමාන විද්‍යාවට අනුව සම්පූර්ණ රිලා ජීනෝමයම නැවත නිර්මාණය කරන්න. ඒකට රිලව් ලක්ෂයක් අවශ්‍ය නෑ. එකෙකුත් වැඩියි ඇත්තටම.

ලෝකයේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලි සහ ඒවායේ සායනික පර්යේෂණ පිළිවෙත්වල වැදගත්ම පියවරක් තමයි මනුෂ්‍ය නොවන ප්‍රිමාටා පර්යේෂණ පියවර (Non human primate research). කෙටියෙන් NHPs. NHPs වල ඉතිහාසය දිවෙනවා ක්‍රි.පූ. තුන සහ හතර සියවස්වලට. ගේලන් සහ හපොක්‍රටීස් සඳහන් කරනවා මිනිසාගෙ සහ වානරයන්ගෙ ව්‍යුහයේ පවතින සමානකම් ගැන. ව්‍යුහ විද්‍යාත්මකව පවතින මේ සමානකම් පසුකාලීනව පර්යේෂණ සඳහා වැඩි වැඩියෙන් යොදාගැනීමට බලපානවා.

වර්තමානය වෙද්දි ඒඩ්ස්, පිළිකා, ස්නායු රෝග, මොළය සම්බන්ධ පර්යේෂණ, සෛල, අවයව බද්ධය ආදී නානාප්‍රකාර කටයුතුවල NHP පියවර අතිශයින්ම වැදගත් පියවරක්. රුධිර පාරවිලයනයේ Rh සලකුණේ නිරුක්තිය තියෙන්නෙත් රීසස් වඳුරා සම්බන්ධයෙන් 1930 දශකයේ පමණ සිදුකරපු පර්යේෂණ හේතුවෙන්.

වර්තමානයේදි ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියත්, පර්යේෂණ හා බැඳී තියෙන ඉල්ලුමට වඳුරන් සැපයීම කියන්නෙ විශාල ආර්ථික වටිනාකමක් පවතින ව්‍යාපාරයක්. මේ ඉල්ලුමේ ඉහලින්ම සිටින ප්‍රිමාටා විශේෂ දෙකක් තමයි රීසස් වඳුරා ( Macaca mulatta) සහ කකුලුවන් කන වඳුරා (Macaca fascicularis). දැන් මේ විශේෂ දෙකටම වඳුරා කිව්වට හරියටම ගත්තොත් මේ ඉන්නෙ රිලව් විශේෂ. සර්කොපිතසිඩේ කුලයේ මැකෑකා ගනය. මැකෑකා ගනය ව්‍යුහීයව සහ වෙනත් හේතු ගණනාවක් නිසා ඔය පර්යේෂණ කටයුතුවලට ඉතාමත් ඔබින මොඩලයක් විදිහට තමයි සලකන්නෙ. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්නායු පද්ධති ගත්තම අපිට සෑහෙන සමානකමක් දක්වනවා.

මේ ඖෂධ පර්යේෂණ ඉන්ඩස්ට්‍රි එකට වඳුරන් සප්ලයි කරන මාර්කට් එකේ ඉහලින්ම ඉන්න විශාලතම සැපයුම්කරුවා තමයි චීනය. චීනයේ වඳුරු ෆාම්වල ලක්ෂ 3-4 අතර වඳුරන් සංඛ්‍යාවක් ඉන්නවා. දැන් මේ ගාන බැලුවම තේරෙනවනෙ බිස්නස් එකට උන්ට ඉන්නෙත් ලක්ෂ 3-4යි. ඒ වුණාට සත්වෝද්‍යානවලට ලක්ෂයක් ගන්නවා කියන්නෙ මොන විහිළුවක්ද කියලා. මේ ප්‍රමාණයෙන් 70%ක් විතර ඉන්නේ ඔය උඩ කිව්ව මැකැකා විශේෂ ද්විත්වය.

වාර්ෂිකව එක්සත් ජනපදයේ විද්‍යාගාර අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුමෙන් 80% පමණ සංතෘප්ත කරන්නෙ චීනය. 2019 කෝවිඩ් වසංගතයත් එක්ක චීනය කියන වඳුරු සැපයුම්කරුවා විශාල උභතෝකෝටිකයකට මුහුණ දෙනවා. ඒ තමයි 2019 වසංගතයේ සුලමුල වන සත්ව විශේෂයක් (Zoonotic disease) කියන සැකය නිසා සියලු ආකාරයේ වන සත්ව ආනයනයන් චීනය විසින් නවතා දමනවා. චීන වඳුරු ෆාම්වලට අග්නිදිග ආසියාතික රටවලින් එන සැපයුම් මේ නිසා අඩාල වෙනවා.

චීනයට ලැබෙන සැපයුම අඩාල වීමත් එක්කම වසංගතයේ Ground zero චීනය වීම නිසා බෙහෙතක් හොයාගන්න වැඩේටත් චීනයට ලොකු පීඩනයක් එල්ලවෙනවා. අනෙක් අතට චීනය විසින් සැපයුම් කරන ඖෂධ පර්යේෂණාගාරත් කෝවිඩ්වලට බෙහෙත් හොයන නිසා ඉල්ලුමත් තවත් වැඩි වෙනවා.

මුල් අවස්ථාවේ කෝවිඩ් එන්නත්, ඖෂධ නිපදවීමේ තරඟකරුවන් 200 විතර හිටියා. ඔය හැම ඖෂධයක්ම අවසාන පියවර තෙක් පැමිණියොත් NHP පියවර අනිවාර්යයෙන්ම පසුකර යායුතුයි. එහෙම නම් හිතාගන්න පුළුවන් නේ ඒ අවස්ථාවේ තිබුනු ඉල්ලුම. කෝවිඩ් ඒ අවස්ථාවේ ප්‍රමුඛත්වය අරන් තිබුනාට වඳුරන්ව පර්යේෂණාගාර මට්ටමින් යොදාගන්න තවත් එකී මෙකී නොකී වැඩ දාහක් තියෙනවා.

උදාහරණයකට චීනය කියන විදිහට ඔවුන් නුදුරේදිම වඳුරන් අභ්‍යවකාශගත කිරීමටත් ලෑස්ති වෙනවා. මාස කිහිපෙකට කලින් චීනෙන්ම ප්‍රවෘත්තියක් ආවා මිනිස් සෛල වඳුරෙකුට ලබාදුන් අවස්ථාවක්. ඔය හිම කන්දෙ අපිට පේන කොටස පමණයි. නොපෙනන ස්ථරය සෑහෙන ගැඹුරට යනවා. හේතුව තමයි සාමාන්‍යයෙන් ඔය පියවී සෛල සම්බන්ධ පර්යේෂණ (stem cell research) වලදි තියෙනවා ලෝකට පිළිගත් යම් සදාචාරාත්මක රාමුවක්. ඒ රාමුවට පිටින් කටයුතු කිරීමේදි අදාල විද්‍යා සංදර්භවලින් පිටුවහල් වීම ⁣තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. චීනය කියන්නෙ ඉතින් එහෙම සදාචාරා විරෝධි පර්යේෂණ සිදුවෙන තැනක්. චීනය විතරක් නෙමෙයි තවත් ඕන තරම් රටවල මේක වෙනවා. හැබැයි චීනයේ වෙන ප්‍රමාණය ගැන පිටට අදහසක් නෑ. ඒ වගේ දේවල්වලට යන වෙනම වඳුරු කෝටා එකක් තියෙනවා. මේ හැම දේකදිම ඉල්ලුම තියෙන්නෙ අපේ මිත්‍ර මැකැකා ගනයේ අර මුලින්ම කිව්ව විශේෂ දෙකට.

කෝවිඩ්වලින් පාඩම් ඉගෙන ගත්ත චීනය මන් හිතන්නෙ ඊලඟ පියවරට සූදානම් වීමක් වෙනවා. චීනය කියන්නෙ වසංගතවල තෝතැන්නක්. ඉන්න ජන සන්නිපාතයයි කන බොන දේවලුයි එක්ක ඊලඟ වසංගතය පහර දෙනවා ඉතාමත් නුදුරේදීම. කෝවිඩ් එක්ක ආපු ආර්ථික පසුබෑම ආදී කාරණා නිසා එවැනි අවස්ථාවක් ආවොත් කඩිනමින් ක්ලිනිකල් රීසර්ච් ෆේසස් ඉවර කරගන්න අවශ්‍ය පහසුකම් සපයා ගැනීමක් චීනය සිදුකරනවා කියලා හිතන්න පුළුවන්. ඒ සුදානම් වීමේ එක් පියවරක් තමයි ටෙස්ට් සබ්ජෙක්ට්ස්වලට ගන්න වඳුරු සැපයුම තමන් සතු කරගෙන තිබීම.

ලංකාවේ ඉන්න රිලවාත් මැකැකා (Macaca sinica). ගනයේ වැඩේට මෙච්චරකල් ගත්ත විශේෂයක් නොවුනත් චීනෙක් විදිහට හිතුවොත් හොඳම අන්ටැප්ඩ් රීසෝර්සස් තියෙන්නෙ ලංකාවේ. ඩොලර් 7000 වගේ මාර්කට් ප්‍රයිස් එකට යන රිලවු අපි වගේ හිඟන රටකින් ගන්න එක ජීනියස් වැඩක්. කරදරයක් කියලා දඟලන අපිට උදව්වක් කරන න්‍යායෙන් සත්වෝද්‍යානවලට අපි ගන්නන් කියන එක ඊටත් වඩා ජීනියස් වැඩක්.

ඇත්තටම ඔය ලක්ෂෙ යවන්න වෙනවානම් මම අල්ලන්නෙ චීනෙ නෙමේ ග්ලෝබල් මාර්කට් එක. අහවල් එකටද අතරමැදියෙක්ට රිලවු දෙන්නෙ? ඕනෙනං වැලිව් ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදිහට උන්ගෙ කොණ්ඩ එහෙම පීරලා, පෝනී ටේල් දාලා විකුණනවා.

lankasara

SendShareShare
Previous Post

දියතලාව හමුදා කෑම්ප් එකේ 24 දෙනෙක් පන්නයි! මහා අපරාධයක්! කිසිම සමාවක් නෑ! හේතුව මෙන්න!

Next Post

රෝහිත-මහින්දානන්ද මම ආණ්ඩුවට එනවට බොහොම සතුටින් ඉන්නේ! කෙහෙළිය කිව්වා මම එන එක ගැන එතුමට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා! මේ ප්‍රශ්නෙ තියෙන්නේ සජබෙ මන්ත්‍රීවරුන්ටයි! මට තේරෙන්නේ නෑ ඇයි කියලා… -රාජිත!

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.