• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දියතලාව හමුදා කෑම්ප් එකේ 24 දෙනෙක් පන්නයි! මහා අපරාධයක්! කිසිම සමාවක් නෑ! හේතුව මෙන්න!

April 13, 2023
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
දියතලාව හමුදා කෑම්ප් එකේ 24 දෙනෙක් පන්නයි! මහා අපරාධයක්! කිසිම සමාවක් නෑ! හේතුව මෙන්න!
Share on WhatsAppShare on Facebook

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් දහඅට දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර ඇත.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සිදුවී ඇතැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා යුද හමුදාපතිවරයාට දුන් නියෝගයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. අදාළ චෝදනාවට ලක්වන කිසිඳු අයෙකුට සමාවක් නොලැබෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූලික පරීක්ෂණ උසාවියක් මගින් ලබාගත් සාක්ෂි ලේඛන නිරීක්ෂණය කිරීමෙන් පසුව සෙසු නිල පුහුණු උපදේශකයන් හයදෙනෙකු මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය සිදුකර ඇති බව හෙළි වී ඇත. මෙම උපදේශකයන් හයදෙනාම සෙසු නිලයන් (ලාන්ස් කෝප්‍රල්, කෝප්‍රල් හා සාමාන්‍ය සෙබළ) වන අතර ඔවුන් ගංජා පානයට ඇබ්බැහි වී ඇත.

ඉන් පස් දෙනෙකු ගංජා අලෙවි කර ඇති අතර ඉන් තිදෙනකු අයිස් අලෙවියට, භාවිත කිරීමටද හුරු වී සිට ඇත. මේ අතර එක් උපදේශකයකු ගංජා, අයිස් හා හෂිස් මත්ද්‍රව්‍ය තුනම භාවිත කළ බව හා අලෙවි කළ බව පිළිගෙන ඇත. පාඨමාලා අංක 91ට අයත් කැඩෙට් නිලධාරීන් දහඅට දෙනෙකු මෙහිදී හඳුනාගෙන ඇති අතර පහළොස් දෙනෙකු පුහුණු කාලයේදී ගංජා පානය කළ බව පිළිගෙන ඇත. හයදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කළ බව පිළිගෙන තිබේ. එක් කැඩෙට් නිලධාරියකු අයිස්, ගංජා හා හෂීස් යන තුනම භාවිත කර ඇත. මෙම ජාවාරමට හවුල් වූ බව කියන පුහුණු උපදේශකයකු වන සැරයන්වරයකු විමර්ශන අතරේ හමුදා සේවය අතහැර පලාගොස් තිබේ.

මෙහි උපදේශකවරයකු ලෙස සිටි අයෙකු මීට පෙර පැවැති අංක 89 පාඨමාලිවේදී කැඩෙට් නිලධාරීන්ට මත්පැන් බෝතල් විකුණා හසු වූ අයෙකි. ඔහු මෙවර සිද්ධියේදී අයිස් හා ගංජා දෙකම විකුණා ඇතැයි හෙළි වී ඇත.

එක් උපදේශකයකු විසින් කැඩෙට් නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව දැනුවත් කර ඒ සඳහා ඔහු පොළඹවා ඇතැයි හෙළි වී ඇත. කොට්ටාව හා වැලිමඩ ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය කඳවුරට රැගෙන විත් ඇත. කොට්ටාවෙන් රුපියල් දහසක් දී මිලදී ගන්නා අයිස් මත්ද්‍රවය කොටසක් විකුණා ඇත්තේ රුපියල් අටදහසකටය. ගංජා රුපියල් පන්සියේ සිට ඉහළට විකුණා තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ සෙසු නිල උපදේශකයන්ගෙන් නිලධාරී උපදේශකයකු වන දෙවැනි ලුතිනන්වරයකුද ගංජා හා අයිස් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු යුද්ධාධිකරණය හමුවට පැමිණවිමට නිර්දේශ කර ඇත.

නිලධාරී උපදේශකවරුන් වන මේජර්වරුන් පස්දෙනෙකු හා කපිතාන්වරයකු කැඩෙට් නිලධාරීන් නිසි පරිදි අධීක්ෂණ නොකිරීමේ චෝදනාවට සේනා විධායක හමුවට පමුණුවා අවවාද කිරීමට යුද හමුදාපතිවරයා තීරණය කර ඇත.

ඉතා ඉහළ විනයක් ඇතැයි සැලකෙන දියතලාව විද්‍යා පීඨය පවුලේ අයට පවා යාමට ඉඩක් නොමැති බවත් පොලිස් නිෂ්කාශන වාර්තා, බුද්ධි වාර්තා මගින් පවුලේ පසුබිම පවා විපරම් කර බඳවාගත් කැඩෙට් නිලධාරීන් කඳවුර තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නතුවීම ගැන විද්‍යා පීඨයේ සියලු නිලධාරීන් වගකිව යුතු බවත් දෙමාපියෝ චෝදනා කරති.

SendShareShare
Previous Post

ආණ්ඩුව දැනටමත් IMF කොන්දේසි කඩලා! ජුනිවල IMF ටීම් එකක් ලංකාවට එනවා! ඉතුරු වාරික දෙන එක නවතීද?

Next Post

චීනය එක පාරටම අපේ රිළව් ලක්ෂයක් ගන්න යන්නේ ඇයි? ඇත්ත කතාව එළියට එයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.