මාස 3කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (05) නියම කළේය.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද(05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට හිටපු ජනාධිපති මෙන්ම එවකට ආරක්ෂක අමාත්‍යවරයාද වූ මෛත්‍රීපාල සිරිසේන මහතාද සම්පූර්ණයෙන් වගකිව යුතු බවට විශාල මතවාදයක් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මතුව ඇති අකාරයක් දැකගන්නට තිබේ.











