එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (04) පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










