ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ පළමුවැනියා බවට පත්වීමට හිටපු මුදල් අමාත්‍ය, එජාප උපනායක රවි කරුණානායක මහතා සමත්ව ඇත.
ඒ අනුව තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආණ්ඩුවේ බහුතරය හෝ නොමැතිව ජනතාවට විශාල වශයෙන් සහන ලබා දුන් ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මුදා හරිමින් කරුණානායක මහතා සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කොට තිබේ.
මෙහිදී වත්මන් ආණ්ඩුවේ නායකයන් පාර්ලිමේන්තු බහුතරය නොමැති වීම හේතුකොටගෙන ජනතාවට සහන ලබා දිය නොහැකි බවට ඉදිරිපත් කරන තර්කය කරුණානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.










