පුද්ගලයන් 261 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර පරීක්ෂණයක් දිගටම ඉල්ලා සිටින බව ජූලියන් පැට්‍රික් පෙරේරා පියතුමා පවසයි.
“අපි ශ්‍රී ලංකාවේ සුළුතර ආගමක් නිසා යුක්තිය සොයා ගැනීම සහ සත්‍යය හෙළි කිරීම අපේ රටට කළ හැකි ජාතික සේවයක් ලෙස අපි සලකමු.” යැයි උන්වහන්සේ කීය.










