රටේ තත්ත්වය හොඳයි කියා අගනුවර කුරුදුවත්තේ ඒ.සී කාමරවල සිට කියන පුද්ගලයන්ට කියන්න ඇත්තේ රටේ සැබෑ තත්ත්වය දැන ගැනීමට ඒ.සී. කාමරයෙන් එළියට බැස ගම් නියම්ගම් සිසාරා ඇවිද යන ලෙසත් රටේ සමහර පාසල් දිහා බැලුවම ගරා වැටෙන ගොඩනැගිලි තිබුණත් එවැනි දුෂ්කර පාසල්වලට කිලෝමීටර් කිහිපයක් එහයින් ජාත්‍යන්තර ගුවනතොටුපොළවල් පවා ඉදිකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් හදන මුදලින් පොඩි කොටසක් වෙන් කර රටේ අධ්‍යාපනය සංවර්ධනය කලා නම් අද වන විට අප රට ලෝකයේ ප්‍රබල රටක් ලෙස ඉදිරියට යන බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උඩමත්තල කණිෂ්ඨ විද්‍යාලයේ දී සක්වල වැඩසටහනේ 27 වැනි අදියර වෙනුවෙන් සහභාගී වු අවස්තාවේදීය.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර 26 දී සක්වල හරහා රුපියල් ලක්ෂ 21,577,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.
එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.






















