ගෑස් මිල හා ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට වහාම ලබාදෙන ලෙසත්, එසේ ලබා නොදෙන ආපන ශාලාවන්හි පිරිසිදුභාවය පිළිබඳ රටට හෙළිකරන බවත් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඇතැම් ආපන ශාලාවන්හි ආහාර පිළියෙළ කිරීමේදී භාවිත කරන පොල්තෙල්, කුළුබඩු වර්ග ප්‍රමිතියෙන් බාල බවත්, ආහාරපාන පිළියෙළ කරන අරක්කැමියන්ගේ පිරිසිදුතාවය ඉතා අවම මට්ටමක පවතින බවත් පෙන්වා දෙන එම සංගමයේ සභාපති අසේල සම්පත්, පාරිභෝගිකයන්ට රජයෙන් ලැබුණු සහනය ලබා නොදෙන්නේ නම් අදාළ ආපන ශාලාවන්හි පවතිත හොර මැරකම් හා අපිරිසිදුකම් රටට හෙළිකරන බව පැවසුවේය.
විශේෂයෙන්ම රජයෙන් මහජනතාවට ලබාදුන් සහනයන් ලබා නොදෙන්නේ විවිධ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන ආපනශාලා හිමියන් බැවින් ඔවුන් පිළිබඳ වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දීමටද කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.
lankasara










