• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාජ්ගේ මඩ සහ අශේන්ගේ බි.ක., YouTube එක බලලා වැලිසර හන්දියට ගිහිල්ලා හොඳම එක තෝරගන්න…

April 9, 2023
in Exclusive, Heart, News
Reading Time: 7 mins read
A A
ඉරාජ්ගේ මඩ සහ අශේන්ගේ බි.ක., YouTube එක බලලා වැලිසර හන්දියට ගිහිල්ලා හොඳම එක තෝරගන්න…
Share on WhatsAppShare on Facebook

තාක්ෂණය සහ වත්මන් යෞවනය ගැන දරන මතය කුමක්දැයි කිසිවකු යම් අවස්ථාවක ඔබෙන් විමසුවහොත් ඔබ ඊට දෙන උත්තරය කුමක් වෙන්නට පුළුවන්ද?

‘තරුණ පරපුර විනාශයි. තාක්ෂණ දියුණුවක් නොවුණා නම් කියලා හිතෙන තරමට තරුණ පරපුර විනාශයි…’

බොහෝ විට වැඩි හරියක් දෙනකුගේ උත්තරය එය වනු නොඅනුමානය. සත්තකින්ම ඒ උත්තරය වැරැදි නැත. එහෙම කියන්නේ ඇත්තටම කියනවා නම් දවසින් දවස දියුණුවට පත්වන තාක්ෂණයත් සමග තරුණ පරපුර පරිහානියට පත්වෙමින් සිටින නිසාය. ඒ සඳහා දෙන්නට පුළුවන් නිදසුන්ද බොහෝය.

එක විනාඩියකට මුහුණු පොත වෙත හැරෙන්නට ඇඟිලි තුඩින් ඉහළට යන විට එහි බොහෝ විට දකින්නට ලැබෙන්නේ නොසරුප් වචනය. නොහොබිනා බලි කුරුටය. එහෙමත් නැත්නම් අශ්ලීල රූපරාමුය. ඒ අතර ප්‍රසිද්ධියේ කරන අශීලාචාර අපහාස උපහාසද එහි සටහන්ව ඇත. සීමාව ඉක්මවා රහමෙර තොල ගාගත් බේබද්දන් ඉබාගාතේ බෝක්කු මත ඉඳගෙන ඉන්නකොට ඔහේ කියවන තාලේ අමු තිත්ත කුණුහරුපද මුහුණු පොත පුරා දැන් ප්‍රසිද්ධියේ සටහන් වේ. ප්‍රසිද්ධ නිළියක හෝ නළුවකු කසාද බැන්දත් මේ කුණුහරුපකරුවෝ නරක වචන දමා අකුරු කොටති. ඔවුන් ඩිවෝස් වුණොත් එය ඊට දෙවැනි නැත. ලස්සන නිළි කෙල්ලක් බුරිය පේන්න සාරිය ඇන්දත්, කකුල් ඕනෑවට වැඩිය පේන්න කොටට ඇන්දත් ඔවුන්ගේ ඇඟිලි තුඩු නළියන්නේම කිසිවකුට බලන්නවත් බැරි කාමුක වදන් කමෙන්ට් කරන්නටය.

යූටියුබ් එක ගත්තත් ඒකත් එහෙමය. මුහුණ පොතටත් වඩා වැඩි ජුගුප්සාජනක දසුන්වලින් එහි අඩුවක් නැත. කෙල්කගේ නිරුවත අලෙවි කොට බොහෝ යූටියුබර්ස්ලා විනෝද වෙති. මුදල් හරිහම්බ කරති. හොඳ පදමට රස කවා මේ අය නිර්මාණය කරන ‘වැඩිහිටියන්ට පමණක්’ යැයි සම්මත කරන තාලේ සමහර වීඩියෝ දසුන් පාසල් දරුවන් අතට ගියද ඔවුනට වගක් නැත. ඇතැම් විට සල්ලිවලටත් වැඩිය මේ නරුමයන්ට ඕනෑ පහත් විනෝදාශ්වාදයය.

ඉතින් එහෙම බලනකොට අර ඉහත උත්තරයෙහි කිසිම වරදක් දකින්නට බැරිය.

හැබැයි, ජාතික මට්ටමේ රූපවාහිනී සේවයක විකාශය වන වැදගත් කතිකාවකට පැමිණ සිටි විද්වතකු සහ දැනඋගත් පැවිද්දකු කියා සිටියේ ‘දියුණු වන තාක්ෂණය නිසා මිනිසා පරිහානියට පත්වනවා යැයි කීම විහිළුවක්’ බවය. තවත් සරලව කියනවා නම් එකී දැනඋගතුන් කීවේ ‘වරද ඇත්තේ තාක්ෂණය සමග පැමිණි මුහුණු පොතේ හෝ යූටියුබ් මාධ්‍ය තුළ නොව, වරද ඇත්තේ එය අවභාවිත කරන්නවුන් තුළ’ බවය.

ඒ අදහසද හරි මසුරංය. මන්දයත් ඒ උගතුන් නොකියා කීවේ යූටියුබ් හෝ මුහුණු පොත වැනි මාධ්‍යයන් හොඳ අතට ගෙන දියුණුව කරා ගිය මිනිසුන්ද ලොව සිටින වගය. ඒ කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්තය. ආණ්ඩුවක් කණපිට පෙරළන්නට හැකියාව තියෙන, අරගලයකට තල්ලුව දෙන්නට පුළුවන්කම තියෙන මුහුණු පොතට සහ යූටියුබ් එකට යමෙකුගේ ජීවිතයද උඩු යටිකරු කිරීමට බැරිකමක් නැත.

චාරයක් නැති කතා අකුරු කරනවා වෙනුවට චාරයක් නැති රූප දමනවා වෙනුවට මුහුණු පොත සහ යූටියුබ් මාධ්‍ය හොඳ කාරණයක් සඳහා යොදාගෙන ජනප්‍රිය වූ මිනිසුන්, දියුණු වූ මිනිසුන් ලොව පුරාම සිටියි.

එක අතකට ලොව පුරා මොනවට යන්නද? අපේම රටේ අපේම එකෙක් යූටියුබර් කෙනෙක් විදියට එකී මාධ්‍යයන් අවභාවිතයට ගන්නවා වෙනුවට හොඳ භාවිතයට ගෙන ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිහින් තියෙන කතාව අද හැමෝම දන්නා රසවත් ඕපාදූපයකි.

ඔහු නමින් අශේන් සේනාරත්නය. හැමෝම දන්නා විදියට කියනවා නම් ‘බික’ කඩේ හෙවත් ‘බිරියානි කඩේ’ හිමිකරුය. ‘බික’ නමින් එක කඩයක් නොව කඩ කිහිපයක්ම ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ඇත. ‘බික’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘බිරියානි කඩේ’ කියන නම ෂෝර්ට් ෆෝම් කරලාය. ‘බික’ කඩේ සුවිශේෂව හැදෙන්නේ ප්‍රණීත බිරියානිය. ඩුප්ලිකේට් සිස්ටම් එකට වෙනත් තැන්වල වෙනත් කෑම කඩවල හැදෙන බිරියානි බතට වැඩිය ‘බික’ කඩේ හැදෙන බිරියානිය ස්පෙෂල් බව එහි රස බැලූ අශේන්ගේ ෆේස්බුක් අනුගාමිකයන්ගේ කමෙන්ට්ස් දිහා බලන කොට හිතෙන්නේය.

‘බික’ කඩේ බිරියානි එක හදන්නේ ඉන්දියාවෙන්ම ගෙනාපු චෙෆ්ලා බව ආරංචිය.

‘මේ බිරියානි බත හරිම ස්පෙෂල්. මේක හදන්නේ ඉන්දියානු සූපවේදයේ පරතෙරටම ගිය ඉන්දියානු චෙෆ්ලා. ඔවුන් එය හදන්නේ ඔරිජිනල් විදියට. පාන්දර හයේ ඉඳලම ඔවුන් ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙනවා. පැය ගණනක් තිස්සේ එය හදනවා. බික කඩේට ඇවිදින් අපේ රටේ මිනිස්සු ඒ බිරියානිය රස බලලා වර්ණනා කරනකොට ඔවුන්ට දැනෙන සතුට අප්‍රමාණයි…’

අශේන් ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් චැනලය හරහා බික කඩේ බිරියානිය ගැන ලොකු වර්ණනාවක් දුන්නේ එහෙමය.

‘සමහරු කියන්නේ අශේන් යූටියුබර් කෙනෙක් හැටියට ලොකු කයිවාරුකාරයෙක් කියලයි…’

ඔව්. ජනප්‍රිය යූටියුබර් කෙනෙක් හැටියට අශේන් ටිකක් කයිවාරුකාර තමයි. තවත් අය කියන විදියට අශේන් ටිකක් ෂෝකාරයෙක්. එහෙමත් නැත්නම් ජේත්තු ඩයල් එකක්. හැබැයි ඒවා මෙතැනට අදාළ නැහැ. මෙතැනට අදාළ වෙන්නේ යූටියුබර් කෙනෙක් හැටියට යූටියුබ් මාධ්‍ය හරහා ඔහු ලද ජනප්‍රියත්වය සහ ජයග්‍රහණයයි. ඔහුගේ අලුත්ම බිරියානි කඩේ ඉදිවුණේ වැලිසරදී. මීගමුවෙයි රාගමයි තියෙන බිරියානි කෑම කඩ දෙක ජනප්‍රිය වුණාට පස්සේ තමයි අශේන් වැලිසර ‘බික’ කඩේ ඕපන් කළේ.

‘බික’ හන්දිය කියලලු ඔහුගේ බිරියානි බත් කඩ කිහිපය ෆේමස් වෙලා තියෙන්නේ. කවුරුත් කියන්නේ එහෙමයි. ඒ කවුරුත් කියන පිරිස අතර බස් කොන්දොස්තර මහත්තරුත් ඉන්නවලු.
‘බික හන්දිය බහින අය ඉස්සරහට එන්න. බික හන්දිය බහින අය නැගිටින්න…’ කියලම කොන්දොස්තර මහත්තුරු බස් හෝල්ට් එකකුත් හදාගන්න තරමටම ‘බික’ නමින් තියෙන අශේන්ගේ බිරියානි බත් කඩේ හැමෝම අතර ප්‍රසිද්ධයිලු. දැන් දැන් ‘බික’ කඩේ බිරියානි විතරක් නෙවෙයි, රෝස් පාන්, පොල් සම්බෝල වාගෙම ඉන්දියානු රසට හදන මසාලා සහ බීම වර්ගත් තියෙනවා කියලා අශේන් තම යූටියුබ් චැනලය හරහා ප්‍රසිද්ධ කොට තිබුණා.

යූටියුබර් කෙනෙක් හැටියට අශේන් තම චැනලය හරහා ජනප්‍රිය වුණේ හෙමින් හෙමින්. සමහර පිරිස් ඉරිසියාවට හෝ කියනවා වගේම අශේන් මුලින්ම සෝෂල් මීඩියා අතර ජනප්‍රිය වුණේ කයිවාරු කතාවලින් සහ ජේත්තුකාර වැඩවලින්. හැබැයි අශේන් යූටියුබ් හරහා කාටවත් නොසරුප් කතා කිව්වේ නැහැ. කුණුහරුප ලිව්වේ නැහැ. කාටවත් මඩ ගැහුවෙත් නැහැ. මැතිවරණයක් තියෙන කාලෙදී ඉරාජ් වීරරත්න, පක්ෂයකට කැම්පේන් කරන්න ලක්ෂ 150ක් ගත්තා කියලා අශේන්ට ප්‍රසිද්ධියේ අපහාස කරද්දිවත් අශේන් ඉරාජ්ට විරුද්ධව මඩ ගැහුවේ නැහැ. මේ දේවල් කියන්නේ ‘බික’ කඩවල අයිතිකාරයා වෙච්ච අශේන්ට සුදු හුණු ගාන්න නම් නෙවෙයි. මෙතැනදී අපි හයිලයිට් කරන්නේ අශේන් යූටියුබර් කෙනෙක් විදියට සමාජ ජාල මාධ්‍ය තම දියුණුවට භාවිත කරපු සිස්ටම් එක ගැන සහ ටෙක්නික් එක ගැනයි.

‘යූටියුබර් කෙනෙක් හැටියට මට නම් මිනිහව ඉස්සර දිරෙව්වේ නැහැ. හැබැයි කාටවත් මඩක් ගහන්නේ නැතුව අශේන් යූටියුබ් එක හරහා පොරක් වෙච්ච එක ගැන නම් බොක්කෙන්ම හැපි හොඳේ…’

ඒ කමෙන්ට් එක වත්තල පැත්තේ තරුණ හාදයෙක් දාලා තිබුණේ. වැලිසර බික කඩේ රවුමක් ගියා කියන කතන්දරය අශේන්ගේ යූටියුබ් චැනලය හරහා මුදාහැරියාට පසුව එහි පාමුලින් තවත් කිහිප දෙනෙක්ම කයිවාරුකාරයා වුණත් යූටියුබ් චැනලය හරහා ජනප්‍රිය වූ අශේන් සේනාරත්නට ඒ විදියට සුභාශිංසන කරලා තිබුණා. තවත් කිහිප දෙනෙක් එතැනදීත් තම තමන්ගේ ඉරිසියාව කුහකකම ප්‍රදර්ශනය කරලා තිබුණත් එකසිය ගානට වැඩි හරියක්ම මේ යූටියුබ්කාරයට ලැබිලා තිබුණේ සුබ පැතුම් සහ ප්‍රශංසාය.

කයිවාරු ගැහුවට ජේත්තුවට ෂෝ එක දැම්මට සෝෂල් මීඩියා එක අවභාවිතයට නොගෙන හොඳ භාවිතයට ගත්ත මේ ‘බික කඩේ’ නිර්මාණකරු තරුණ පරපුරට ආදර්ශයක් නොවේද?

යම් තරුණයකු තවත් කෙනකුට මඩ ගසන්නට, කුණුහරුප කියන්නට පාවිච්චි කරන සමාජ මාධ්‍ය, අශේන් සේනාරත්න භාවිතයට ගත්තේ තම ජීවිත දියුණුව සඳහාය. ‘බික’ බිස්නස් එක මේ තරමට අල්ලලා යතැයි අශේන් සමහර විට සිතන්නට නැත.

ඔහු සිතුවා නම් සිතුවේ එකකි.

ඒ, යූටියුබ් චැනලය හරහා මීට වඩා යමක් කරන්නට තිබුණා නම් ඒක පට්ට නොවේදැයි කියාය. ඒ සිතුවිල්ල හරහා ඔහු ආරම්භ කළ අඩු සම්පත් ඔස්සේ දියත් කළ ‘බික’ බිස්නස් එක හිතුවාට වඩා පට්ට විය. බික කඩේ හදන්න ගත්ත ඉන්දියානු බිරියානි බත දසත විසිර සිටින ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ මනදොළ සපුරවමින් ඔවුන්ගේ රස නහරට අමතක නොවන රසයක් දෙන බව ප්‍රචලිත වූයේද අශේන්ගේ යූටියුබ් චැනලය හරහාය.

‘අවිස්සාවේල්ලෙන් පුත්තලමෙන් පවා බික කඩේ බිරියානිය කන්න කට්ටිය එනවා. ලොකු ලොකු හීන තිබුණේ නැහැ. කෝටිපති ඉලක්ක තිබුණේ නැහැ. හැබැයි නොහිතපු විදියට බික කඩේ නැගලා ගියා. එක වේලක් කන්න හරි බික කඩේට ගොඩවෙච්ච හැමේටම පින්. පට්ට සන්තෝසයි හොඳේ. පට්ට සන්තෝසයි…’

වැලිසර බික කඩේ ඕපන් කරපු දවසේ අශේන් තම යූටියුබ් චැනලය හරහා දුන්නේ එහෙම පණිවුඩයකි.

එක්කෙනෙක් දෙන්නෙක් ‘මෙලෝ රහක් නෑ’ කියා කමෙන්ට් දැම්මට, සිය ගානක් අනුගාමිකයෝ බික කඩේ බිරියානි බතට ලකුණු සීයෙන් සීයම දෙති.

‘වැලිසර බික කඩේටත් ඇවිත් යන්න එන්න. සදා ජය බ්‍රෝ…’

කටට රසට කන්න ආස තරුණ ගැටව් අශේන්ට කමෙන්ට් කරන්නේ එහෙමය.

කොයික කෙසේ වුණත් සමාජ මාධ්‍ය අනුනට මඩ ගහන්නත්, කුණුහරුප ලියන්නත් භාවිතයට ගන්නා බොහෝ පිරිස්වලට, යූටියුබර් කෙනෙක් වූ ‘බික කඩේ’ නිර්මාණකරුවාව ආදර්ශයක්ම වේවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි! තවමත් වින්දිතයන්ට සාධාරණය ඉටුවී නෑ! කූඹි සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනඥයන් බලයේ එල්ලී තමන් ලොක්කා යැයි හිතාගෙන වැඩ කරනවා! පාස්කු දිනයේදී කාදිනල් හිමියන්ගෙන් දේශපාලඥයන්ට යළි ප්‍රහාරයක්! VIDEO

Next Post

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු… ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු…

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.