සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීමට සහ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි බලපත්‍ර ඇති ස්ථාන අධික්ෂණයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා 1200ක පමණ සුරාබදු නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ.
මෙම කාලසීමාව තුළ සිදුවන මත්පැන්, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා.
ලබන 14 වැනිදාට යෙදී ඇති සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
එසේ වුවද සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල්වල නේවාසික සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමටයි අවසර ලබාදී ඇත්තේ.

dasathalankanews










