රටේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාතේ මැතිවරණය මැයි 14 වනදා පවත්වන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට රජයට නියෝග කර ඇත.
පළාත් දෙකක මැතිවරණය ප්‍රමාද කිරීමට එරට මැතිවරණ කමිටුව ගත් තීරණය “ව්‍යවස්ථා විරෝධී” බව ප්‍රකාශයට පත් කරමින් පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය වන පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් විය.
පන්ජාබ් මැතිවරණය අප්‍රේල් 30 සිට ඔක්තෝබර් 8 දක්වා ප්‍රමාද කිරීමට පකිස්තාන මැතිවරණ කොමිසම (ECP) ගත් තීරණයට ඛාන්ගේ පක්ෂය අභියෝග කළේ ආර්ථික අර්බුදය සඳහන් කරමින් මැතිවරණ සඳහා රජය අරමුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.










