2013 වසරේ සිදුව ඇතැයි කියන එයාර් බස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 2ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් සිදු කළේය.
මෙහිදී අදාළ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් අපොහොසත් වීම පිළිබදව මරික්කාර් මහතා සිය කනගාටුවද පළ කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබන්නේ වෙන මොනවත් නිසා නොව 2015 වසරට පෙර දරා ගත නොහැකි මුදලකට ගුවන් යානා මිලදී ගැනීම නිසා බවද ඒ මහතා සදහන්කර සිටියේය.
අද (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.










