• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීපාල එල්ලුම්ගහට!!!

February 4, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රීපාල එල්ලුම්ගහට!!!
Share on WhatsAppShare on Facebook

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ තුන්සීයකට වැඩි පිරිසකගේ ඝාතනයේ ප්‍රධාන වගකීම බාරගන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන. පොලිස්පති පූජිත් ජයසුන්දරටයි, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටයි නිදහසේ ජනාධිපති කොමිසම ඉස්සරහට ඇවිත් සාක්කි දෙන්න අවස්ථාව දිය යුතුයි. ඔවුන් නිදහසේ ඇත්ත කිව්වොත් පොලිස් කොමිසමට සහ අනෙක් ආයතනවලට බලපෑම් කරපු හැටි කියයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වංගු ගහන්න ඉඩ දෙන්නේ නැතුව ඔවුන්ට ඇත්ත කියන්න ඉඩ ලබාදෙන්න කියලා. මේ දෙන්නා නිවැරදිව කට ඇරියොත් මෛත්‍රීපාලට තමයි එල්ලුම් ගස් යන්න වෙන්නේ…’’ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රං‌ගේ බණ්ඩාර මහතා සදහන් කර සිටියේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ‌මේ බව අවධාරණය කළේය.

එහිදී මන්ත්‍රීවරයා ‌මෙසේද ප්‍රකාශ කළේය.

‘‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දොහොත් මුදුන් දීගෙන වැඳගෙන පන්සල්වලට ගියාම බුදුන් දේශනා කරපු පළවෙනි පාඩමවත් දන්නේ නැති පුද්ගලයෙක්. බුදුන් කියලා දීපු පළමු පාඩම තමයි කෘතවේදීත්වය. ඒ බුද්ධ ධර්මය පිළිපදින මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ දේශපාලනය ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් කෙළෙහිගුණ දක්වපු කෙනෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ​ලේකම් ධුරය දාලා ඇවිත් තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණේ. එහෙම කරලා ජනාධිපති ධුරයට පත්වුණු ගමන් ශ්‍රී ලංකා එකට ගහන්න පටන් ගත්තා. සමහරු කිව්වේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එළවලා දැම්මා කියලා. අද මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොදරුවෙක් බවට පත්කරලා ඉවරයි.

ඔහු ජනාධිපති ධුරයට පත්වුණායින් පස්සේ යූඑන්පී එකට පහර දෙන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉඳලා සියලු දෙනාටම පහර දෙන්න පටන් ගත්තා. යූඑන්පී එකේ කණ්ඩායමක් අල්ලගෙන, සමහරුන්ට එක එක තනතුරු දෙන බව හඟවමින් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ගැලවුම්කාර පුත්‍රයා විදියට කටයුතු කළා. නමුත් යූඑන්පී නායකයාගේ දක්ෂකම නිසා මෛත්‍රීපාලගේ ගුණ්ඩුවට අහුවුණේ නැහැ.

දැන් ඔහු කරපුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔහු කියනවා වත්මන් ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලය ලබාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුතුයි කියලා. කියාපන්කෝ ශ්‍රී ලංකා එක කෙළින් හිටවන්න කටයුතු කරනවා කියලා. එහෙම කියන්න බැහැ. ඔහු පීචං වෙලා ඉවරයි. දැන් නොමිනේෂන් දීපන් කියලා රාජපක්ෂලාගේ පස්සෙන් යනවා. ලැජ්ජා නැද්ද? හිටපු රාජ්‍ය නායකයෙක් නේද? සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය බොහොම වැදගත් විදිහට දේශපාලනයෙන් සමුගත්තා. එක එකා පස්සේ ගිහින් නොමිනේෂන් ඉල්ලුවේ නැහැ.

ඔහු කිව්වා සරල විදිහට ජීවත් වෙනවා කියලා. කෙහෙල් කොළේ බත් කනවා කිව්වා. හැබැයි ඔහු අන්ත කපටියෙක්. නරින්ටත් කපටිකම ඉගැන්නුවේ මෛත්‍රීපාල සිරිසේන. ලයිට් බිල වැඩියි කියලා ජනාධිපති මන්දිරේට ගියේ නැහැ. එහෙම කියලා පැජට් පාරේ ගෙවල් තුනක් එකට එකතු කරලා මාළිගාවක් හදාගත්තා. ඔහු මුලින්ම ජනාධිපති මන්දිරේට ගියේ නැත්තේ හොඳට සැලසුම් කරලා. එහෙම ගියා නම් ධුර කාලය අවසන් වෙනකොට ඔහුට ලබාදෙන නිල නිවසකට යන්න වෙනවා. එහෙම නැතිව සැලසුම් කරලා පැජට් පාරේ මාලිගාවක් හදාගත්තා. කෝච්චියේ පොළොන්නරුවට යනවා කියපු මිනිහා අද පැජට් පාරේ මාලිගාවට වෙලා ඉන්නවා.

අනිත් පැත්තෙන් තප්පුලෑවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියලා. ඒත් එල්ලපු එකෙක්වත් නැහැ. අපරාධකාරයෝ නැති කරනවා කියපු මෛත්‍රීපාල රෝයල් පාක් මිනීමැරුමේ විත්තිකාරයව නිදහස් කරලා ගෙදර යැව්වා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ තුන්සීයකට වැඩි පිරිසකගේ ඝාතනයේ ප්‍රධාන වගකීම බාරගන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන. පොලිස්පති පූජිත් ජයසුන්දරටයි, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටයි නිදහසේ ජනාධිපති කොමිසම ඉස්සරහට ඇවිත් සාක්කි දෙන්න අවස්ථාව දිය යුතුයි. ඔවුන් නිදහසේ ඇත්ත කිව්වොත් පොලිස් කොමිසමට සහ අනෙක් ආයතනවලට බලපෑම් කරපු හැටි කියයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වංගු ගහන්න ඉඩ දෙන්නේ නැතුව ඔවුන්ට ඇත්ත කියන්න ඉඩ ලබාදෙන්න කියලා. මේ දෙන්නා නිවැරදිව කට ඇරියොත් මෛත්‍රීපාලට තමයි එල්ලුම් ගස් යන්න වෙන්නේ.’’

SendShareShare
Previous Post

මරික්කාර් එයාර්බස් ගනුදෙනුව එළියට ගනී: මාධ්‍යවේදීන්ගේ ‌කොන්ද ගැනත් කතා කරයි

Next Post

දයාසිරි සින්දුවකින් සටන පටන් ගනී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.