2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියකදී අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලන්කන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබා දී ඇත.
බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ පසුගිය දිනෙක අනාවරණය වූයේ ප්‍රංශ ගුවන් යානා සමාගමකින් යානා මිලදී ගැනීම සදහා ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියගේ නමට ඇති ගිණුමකට ඩොලර් මිලියන 2ක මුදලක් ගෙවා ඇති බවකි.
2011 වසරේ සිට 2015 දක්වා වූ කාල සීමාව තුලදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් සිය බාහිර උපදේශකයින් හරහා ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඝානා රාජ්‍යයට අල්ලස් ලබාදී ඇති බවට ලන්ඩනයේ පිහිටි බරපතළ වංචා සෙවීමේ කාර්යාලය විසින් සිදුකරන ලද විමර්ශනයන් හිදී අනාවරණය කර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරින්ට නියෝග කරනු ලැබීය.










