• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවත් එක්ක හැප්පෙන හැටි ඉම්රාන් ඛාන්ගෙන් ඉගෙන ගන්න… අපේ විපක්ෂයටයි මේ ලියන්නේ…

March 31, 2023
in Exclusive, Politics
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවත් එක්ක හැප්පෙන හැටි ඉම්රාන් ඛාන්ගෙන් ඉගෙන ගන්න… අපේ විපක්ෂයටයි මේ ලියන්නේ…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ යම් රටක් තුළ ජන අරගල පැවැතියේ අද ඊයේක නොවේ. ඒවා එම රටවල රජවරුන් හෝ අධිරාජ්‍යවාදීන් හෝ සිටි සමයන්හිදී පවා ඇති විය. පසු කාලයකදී ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් සිටි සමයන් දක්වාම මෙම අරගල විකාශය විය. ජන අරගලයක් රටක් තුළ පවතින විටදී පාලකයන්ට නින්ද යන්නේ නැත. එසේත් නැතිනම් නිදහසේ ඉන්න හිටින්නටද තැනක් නැත. එරට ජනතාවගෙන් වසං වී සැඟවී සිටින තත්ත්වයට පවා එම පාලකයන් පත්වෙයි. ජන අරගලය යනු එතරම්ම බලවත් සිදුවීමකි. පසුගිය සමයක් පුරා ශ්‍රී ලංකාවේද මෙම තත්ත්වය අතිශය උච්ච ලෙස සිදුවිය. අපේ රටේ ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ද හැංගි හැංගී ජීවත් වී අවසානයේදී මෙරටින් පවා පලා ගියේය. මෙරට වුවද මෙම ජන අරගල තවම නිමක් නැත. මේ වන විට ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලකයන්ද ජන අරගලවලට මහත් බියක් දක්වන නිසා ඒවා ඇතිවුණු සැණින් මෙල්ල කිරීමට මහත් සේ උත්සාහ දරති. එහෙත් එම මර්දනය සෑම විටකම සිදුකළ නොහැකි බව ඔවුන් අවබෝධ කරගෙන නැත.

කෙසේ හෝ අප රටේ මෙවැනි බොහෝ පාලකයන්ට රාත්‍රියට පැය කිහිපයක් නින්ද ගියද එය සිදුවන්නේ තමන්ගේ සතර දෙසින් මුර දෙටුවන් රැකවල් කරගෙන සිටින නිසාවෙනි. සාමාන්‍ය මිනිසකු තම නින්දේදී ලබාගන්නා සනීපය මෙවැනි පාලකයන්ට උදාවන්නේ නැත. ඔවුන්ට නිරන්තරයෙන්ම රාත්‍රියේදී පෙනෙන්නේ බියකරු සිහිනය. ජනතාව තමන්ගේ නිදි යහන වෙත කඩාගෙන පැන තමන් ඔසවාගෙන යන අයුරු හෝ ඇදගෙන යන අයුරු හෝ ඔවුන් සිහිනයෙන් දකියි.

‘පාලකයන්ට නින්ද නොයන ජන අරගල’ නමැති කාලීන වගතුගක් යටතේ අද ඔබට මෙම ලිපිය ලියා තබන්නේ මෙම දිනවලදී ලෝකයේ ප්‍රධාතම රටකදී සිදුවනු ලබන මහා ජන අරගලයක කතාවක් හේතුවෙනි. මෙම දේශය නම් අපගේ ශ්‍රී ලංකාවට සමීප පාකිස්තානයයි. පාකිස්තානය යනු ශ්‍රී ලංකාව සමග කාලයක් පුරා සබඳකම් පැවැත්වූ රාජ්‍යයකි. කෙසේ වුවද මෙම දිනවලදී පාකිස්තානය තුළ ඇත්තේ එකම ජන අරගල ගිනි ගොඩක් බව විදෙස් පුවත් හරහා හෙළිවෙයි. මෙම උද්වේගකර කතාන්දරය කුමක්ද?

ඉම්රාන් ඛාන් යනු ලොව ප්‍රකට සුවිශේෂ පුද්ගලයෙකි. ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මහා ජය කෙහෙළි නැංවූ ඔහු, පසු කාලයකදී දේශපාලනය තුළින්ද මහා නාමයක් ලබාගැනීමට වාසනාවන්ත විය. එනම් ඉම්රාන් ඛාන් යනු පාකිස්තානයේ වත්මන් අගමැතිවරයාට පෙර බලයේ සිටි අගමැතිවරයාය. පාකිස්තානයේ බලගතු රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි. කාලයක් පුරා පාකිස්තානයේ දේශපාලනයේ නිරතව සිටි ඉම්රාන් ඛාන් 2018 වසරේ අගෝස්තු 18 වැනිදා පාකිස්තානයේ අගමැති ධුරයට පත්වන්නේ එරට මහ මැතිවරණය තම පක්ෂය තුළින් අතිශය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමිනි. ඔහු කෙරෙහි පාකිස්තානයේ ජනතාව මහා ප්‍රසාදයක් දැක්වීය. මේ නිසාම ඔහු අගමැති ධුරයට පත්වී 2022 අප්‍රේල් 10 වැනිදා දක්වා වසර 04කට ආසන්න කාලයක් අගමැති ධුරයේ කටයුතු කළේය. එහෙත් තමන්ගේ අගමැති ධුර කාලයට මාස 04ක් පමණ තිබියදී එරට විරුද්ධ පක්ෂ විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් ඉම්රාන් ඛාන් පරාජයට පත්වී ඔහුට අගමැති ධුරය අහිමි විය. දැනට 70 වැනි වියෙහි පසුවන ඉම්රාන්, එරට ‘පාකිස්තාන ටෙරීක් ඊ ඉන්සාෆ්’ (Pakistan Tehreek-e-Insaf) පක්ෂයේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වෙයි. මෙම පක්ෂය 1996 වසරේදී ඔහු විසින් පිහිටුවා ගන්නා ලදී. මෙම පක්ෂය යටතේ ඉම්රාන් ඛාන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්නේ 2002 වසරේ සිටය. එනම් දැනට වසර 20කට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීය. වසර ගණනාවක් පුරා පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු එංගලන්තයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වෙයි. එසේම ඉම්රාන් ඛාන් යනු එක්තරා සුවිශේෂ විද්වත් තනතුරක්ද දැරූ පුද්ගලයකු බව බොහෝ දෙනකු නොදනියි. එනම් ඔහු එංගලන්තයේ වසර 50කට වඩා පැරැණි ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Bradford) ප්‍රධන කුලපති ධුරයද 2005 සිට 2014 වසර දක්වා දැරීමය. ඉම්රාන් ඛාන් ගැන එසේ යම් වගතුගක් ලියා තැබුවේ ඔහු හරියාකාරව හඳුනාගැනීම උදෙසාය.

ඉම්රාන් ඛාන්ට 2022 අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ අගමැති ධුරය අහිමි වන්නේ යම් දූෂණ වංචා චෝදනා කිහිපයක් හරහා සහ යම් පාර්ශ්ව වෙත විවිධ බලපෑම් එල්ල කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවක් හරහාය. කෙසේ හෝ එරට විරුද්ධ පක්ෂ ඔහුට වඩා බලවත් විය. විශ්වාසභංගයෙන් අගමැති ධුරය අහිමි වුවද ඔහුට තිබුණු ජනතා ප්‍රසාදයේ විශාල අඩුවක් දක්නට නොවීය. මේ නිසාම ඔහු ඉදිරි මැතිවරණ සඳහා ජනතාව සහ පාක්ෂිකයන් සමග එක්වී විවිධ ජන උද්ඝෝෂණයන් සහ රැස්වීම්ද පැවැත්වීය. මෙහිදී 2022 නොවැම්බර් 03 වැනිදා පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති විශාල රැලියකදී යම් සතුරු විරුද්ධ පාක්ෂිකයකු විසින් ඉම්රාන් ඛාන්ට වෙඩිතැබීය. වාසනාවකට මෙන් එහිදී ඔහුගේ කකුලකට පමණක් වෙඩි වැදුණු අතර, ඔහුගේ සමීප පාක්ෂිකයකුට වෙඩිවැදී මියගියේය. අනතුරුව යම් කාලයක් පුරා ප්‍රතිකාර ලබාගත් ඔහු නැවත සුවය ලබා දේශපාලන කරළියට පැමිණියේය. පාකිස්තානයේ තිබෙන විශාලතම ප්‍රාන්තය වන්නේ පන්ජාබය වන අතර එය ඉම්රාන් ඛාන්ගේ බලප්‍රදේශය විය.

දැන් ඔබ මෙම සුවිශේෂ මිනිසාගේ ජීවිත කතාව යම් ප්‍රමාණයකින් දන්නේය. එසේ නම් දැන් මේ දිනවලදී ඉම්රාන් ඛාන්ගේ කතාවේ අලුත්ම පිටු පෙරළෙන්නේ කුමන වගතුගක් හරහාද? එනම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් මහාධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු දූෂණ වංචා චෝදනා කිහිපයක් හේතුවෙන් පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කළේය. එහිදී ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමටද කටයුතු කළ බව වාර්තා විය. මෙම තත්ත්වය ගැන එවිට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ මෙවර තමන් අත්අඩංගුවට ගෙන කෙළින්ම සිරගත කිරීමේ වෑයමක් වත්මන් පාකිස්තාන රාජ්‍ය පාලකයන් වෙත තිබෙන බවය. එම අර්බුදකාරී තත්ත්වය උඩ ඉම්රාන්ගේ පාක්ෂිකයන් දසදහස් ගණනින් දරුණු ලෙස කුපිත වන්නට ගත්තේය.

කෙසේ හෝ අධිකරණ නියෝගයට අනුව පොලිසිය විසින් වහාම ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නට විය. එහෙත් එය ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. කෙසේ වෙතත් තමා අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් පසුගියදා ඉස්ලාමාබාද් අධිකරණයට පෙත්සමක්ද ගොනුකර තිබුණු අතර, එම තීන්දුව ලබාදීමට අධිකරණය විසින් කල් තබනු ලැබීය. මේ අතර පොලිසිය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට සෑම තැනක්ම පීරා බලන්නට විය. එහෙත් දින කිහිපයක් යනතුරුම එය අසාර්ථක වෑයමක් විය. ඔහු තමන්ගේ ආධාරකරුවන් සහ හිතවත් ජනතාව සියදහස් ගණනක් සමග විවිධ ස්ථානවල ගතකරන්නට විය. යම් ස්ථානයක ඔහු සිටින්නේ යැයි පුවත මත පොලිසිය හා හමුදාව එම ස්ථානයන්ට කඩාවැදුණද එහිදී ඔහුගේ ආධාරකරුවන් පොලිසියට බාධා කරන්නට විය. ඒ අනුව බොහෝ ස්ථානවලදී පොලිසිය සහ පාක්ෂිකයන් අතර දරුණු ගැටුම් ඇතිවන්නට විය. මෙම තත්ත්වයේදී බලවත්ම සිදුවීම ඇතිවූයේ මෙතැනදීය. එනම් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවෙස වටලා එයට කඩාපැන ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එහිදී පොලිසිය සමග ආධාරකරුවන් අතිශය දරුණු ගැටුමක් ඇතිකරගෙන ඇත. එහිදී පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර, බැටන් පොලු ප්‍රහාරද ආධාරකරුවන්ට එල්ල කර ඇත. එහිදී ආධාරකරුවන්ද ගල් සහ ගඩොල් ප්‍රහාර පොලිසියට එල්ල කර ඇත. මෙසේ පොලිසිය ඔහුගේ නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇත. කෙසේ හෝ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. එහිදී ආධාරකරුවන් සහ ජනතාව එයට ඉඩදී නොමැත. මෙම අරගලකාරී තත්ත්වය යටතේ අධිකරණය තීරණය කළේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවීමටය. මේ නිසා අධිකරණය එම වරෙන්තුව අවලංගු කරන ලදී. නඩු විභාගය මාර්තු 30ට කල් තැබිණි.

ඒ අතරම ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනීසිටීමටද කටයුතු කළේය. මෙම අර්බුදකාරී තත්ත්වය ගැන ඉම්රාන් ඛාන් විදෙස් මාධ්‍ය අමතා මෙසේ ප්‍රකාශ කර ඇත.

‘පොලිසිය දොඹකර පවා භාවිත කරලා මගේ නිවෙසේ ගේට්ටු කඩාදමලා තමයි එයට ඇතුළු වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ වෙලාවේ මම නිවෙසේ සිටියේ නැහැ. මගේ බිරිය පමණයි එහි සිටියේ. මගේ අනුගාමිකයන් මෙම තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඔවුන් විරෝධතාව දක්වන විට ඔවුන්ට දරුණු ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ පිරිසෙන් සිය ගණනක් දැනටමත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මෙම රජය මට එරෙහිව බොරු චෝදනා ගණනාවක් ගෙනල්ලා. ඒත් ඒ කිසිවක් මට අදාළ නෑ. මොන නීතියක් යටතේද රජය මෙම ප්‍රහාර එල්ල කරන්නේ? මම ජනතාව සමග මේ ගමන යන්නේ ඉතා සාමකාමී ලෙසයි. තවමත් ජනතාව සිටින්නේ මා සමගයි. පසුගියදා පන්ජාබයේ තිබුණු පළාත් මැතිවරණයකින්ද අපේ පක්ෂය ඉතා ඉහළ ජයක් ලැබුවා. එම ජයග්‍රහණයෙන් පසුව දැන් ආණ්ඩුව හොඳටම ප්‍රකෝප වෙලා. ඒ වගේම ලැජ්ජාවටත් පත්වෙලා. මේ 2023 වසරේදී පන්ජාබ් මහ මැතිවරණය පවත්වනවා. තව මාස කිහිපයයි තියෙන්නේ. මේ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබන්නේ අපේ පක්ෂයයි. ඒ වගේම ඉන් පසුව පන්ජාබයේ පාලනය අප සතු වෙනවා. රජයට දැන් මේ තත්ත්වය දරාගන්න බැහැ. රාජ්‍ය පාලකයන් හදන්නේ මාව හිරේ දාන්නයි. මම මේ වසරේ මැතිවරණයට තරග කිරීම වැළැක්වීමටයි මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ. මම හිරේ හිටියත්, නැතත් මගේ පක්ෂය මෙවර මැතිවරණය දිනන එක වළක්වන්න රජයට බැහැ. දැනටමත් මේ ප්‍රාන්තයේ බලය තිබෙන්නේ අපේ අතේයි. එය තවදුරටත් මේ මැතිවරණය දිනීමෙන් පසු උච්ච තත්ත්වයට පත්වෙනවා. රාජ්‍ය පාලකයන්ට මෙම තත්ත්වය දරාගන්න බැහැ….’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය 2022 වසර අගදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව රුපියල් බිලියන10ක (පාකිස්තාන රුපියල්) වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනුකිරීමටද තීරණය කළේය. වත්මන් මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා සහ ඔහුගේ සිවු පුද්ගල මණ්ඩලයක් විසින් ඉම්රාන් ඛාන් වත්මන් පාකිස්තාන ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර නුසුදුස්සකු බවට පත්කර තිබීම මෙම චෝදනා විය. කොමසාරිස්ගේ එම ක්‍රියාවලිය හේතුවෙන් ඉම්රාන් ඛාන්ගේ කීර්ති නාමයට හානියක් වූයේ යැයි පවසමින් එම නඩුව ගොනුකිරීමට කටයුතු කෙරිණි. එම සිදුවීමේදී ඉම්රාන් ඛාන් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

‘දේශපාලන හොරුන්ගේ කියමනට අද මැතිවරණ කොමිසම කටයුතු කරලා තිබෙනවා. ඔබ සැවොම ඔය හොරුන්ගේ හොඳම මිතුරන් බව අමතක කරන්න එපා. මම මැතිවරණ කොමසාරිස්ගෙන් සහ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසටයි. මට එරෙහිව ගෙනැවිත් තිබෙන බොරු චෝදනාවලට මම වැරැදිකරු වුණොත් මම මොහොතක් කිසිම තනතුරක රැඳී සිටින්නේ නැහැ. පාකිස්තානයේ පාලනය අද බංකොලොත් කණ්ඩායමකට දීලා තියෙනවා. ජාතිය සිටින්නේ කොතැනකදැයි හොඳින් බලන්න. ජනතාව සිටින්නේ මා සමගයි. මම පාකිස්තානයේ ඉපදී ජීවත්වන සහ මියයන පුද්ගලයකු හැටියටයි කටයුතු කරන්නේ….’ යැයි ඔහු අවධාරණය කර ඇත.

ඉහත මෙම මැතිවරණ කොමිසමේ තීරණයට අනුව ඉම්රාන් ඛාන්ගේ මන්ත්‍රී ධුරයද 2022 ඔක්තෝබර් මාසයේ සිට අහිමි කෙරිණි. මෙම තීරණය තමන්ට එරෙහිව රජය ගත් අතිශය අසාධාරණ තීන්දුවක් ලෙස ඉම්රාන් දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. මෙය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කඩකිරීමක් ලෙස ද ඔහු පැවැසුවේය. මෙම සිදුවීමෙන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී ඔහු අතිවිශාල රැලියක්ද සංවිධාන කළේය. මෙම විරෝධතා පාගමන ලාහෝර් නගරයේ සිට පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දින 04ක් පුරා දිවා-රාත්‍රී පැමිණියේය. මේ සඳහා පාකිස්තානයේ ජනතාව දසදහස් ගණනින් සහභාගි වූ අතර රථ වාහනද දහස් ගණනක් එක්ව තිබිණි. කිලෝමීටර් 378ක දුරකින් යුත් එම පාගමන අතරවාරයේදී නගර රාශියක් තුළ රැස්වීම් පැවැත්වීමද සිදුකෙරිණි. මෙම සුවිශාල ජන රැලියේ ප්‍රධාන තේමාව වූයේ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුය යන්නය. තමන්ගේ සහ තම පක්ෂයේ ජනප්‍රියත්වය ඒ හරහා හොඳින්ම අවබෝධ කරගත හැකි යැයි ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේය. මේ අනුව 2023 වසරේදී මුලින්ම විශාලතම ප්‍රාන්තය වන පන්ජාබ් සඳහා එම මැතිවරණය පැවැත්වීමට නියමිතය. පන්ජාබ් සඳහා එම මැතිවරණය පැවැත්වීමට නියමිතය. පන්ජාබ් යනු ඉන්දියාව පාකිස්තානය පුරා පැතිරී තිබෙන සුවිශාල ප්‍රාන්තයකි. මෙහි ජීවත්වන සමස්ත ජනගහනය මිලියන 190 ඉක්මවයි. මෙහි බහුතර කොටස අයත් වන්නේ පාකිස්තානයටය. එනම් එම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,05,405ක් වෙයි. මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව මෙන් තුන්ගුණයකටත් වඩා වැඩිය. මේ හෙයින් මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන පක්ෂය පාකිස්තානයේ ජයග්‍රාහීම පක්ෂය ලෙස පිළිගැනෙනු ඇත. පාකිස්තානය යනු දුප්පත් රාජ්‍යයකි. එහි වත්කම් ඉතා හීන තත්ත්වයේ ඇති අතර ආර්ථිකය කඩාවැටී ඇත. එහෙත් වත්මන් රජය මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබීම සුවිශේෂ කාරියකි.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යනු සැබෑ ලෙසම බොහෝ ධෛර්යවන්ත පුද්ගලයකු බව එරට සමාජය පිළිගෙන ඇත. ඔහු තමාගේ ක්‍රිකට් ජීවිතයේදී දිගට හරහට හයේ පහරවල් ගැහුවා සේ දේශපාලනය තුළද හයේ පහර ගසමින් සිටියි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මරණ දඬුවම නියමව සිටි රෝයල් පාක් මිනීමරු ජූඩ් ජයමහට මෛත්‍රීපාල ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රී ගත් තීරණය අඩංගු ලේඛනය ඉල්ලයි!

Next Post

තියෙන කර්මාන්තශාලා රැකගන්නේ කොහොමද? අලුතෙන් කර්මාන්ත සමග රැකියා බිහි කරන්නේ කොහොමද? බදු ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මිනිස්සුන්ට දීලා තියෙන සහන කප්පාදු නොකර IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? රටම බලන් ඉන්න වෙලාවක සජබෙ ආර්ථික විශේෂඥයන් සමග සජිත් සිය ආර්ථික ප්‍රතිපත්තිය එළියට දායි! VIDEO & PHOTOS

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.