• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෝෂිත අලුත් පිම්මක් පනින්න සූදානම් ‌වෙයි

February 3, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
යෝෂිත අලුත් පිම්මක් පනින්න සූදානම් ‌වෙයි
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල සිටින්නේ සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා සූදානම් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අඩි පාරේ යමින් මහින්දද මෙවර සිය පළමු සංචාරය ලෙස තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාවය. කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඔහුට එල්ල වුණු බරපතළ චෝදනාවක් වූයේ විශාල පිරිසක් සමඟින් සෑම අවස්ථාවකම විදෙස්ගත වුණා යැයි කියාය. ඒ අනුව මෙවර බොහෝ දෙනා බලා සිටින්නේ මහින්ද කොපමණ සංඛ්‍යාවක් සමඟ ඉන්දියාව බලා පිටත්ව යනවා දැයි කියාය. ගෝඨාභය සිය පළමු නිල සංචාරයට කිසිදු ඇමැතිවරයකු එක්කර නොගැනීමත්, සිය පවුලේ කිසිදු අයකු එක්කර නොගැනීමත්, නිලධාරීන් කිහිප දෙනකු පමණක් එක්කර ගැනීමත් නිසා සියලු දෙනාම මහින්ද දෙස බලා සිටීම ඊට හේතුවය. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනට ලැබී ඇති තොරතුරුවලින්ද කියැවෙන්නේ ගෝඨාභය මෙන්ම මෙවර මහින්දද ඉතා සුළු පිරිසක් සමඟ ඉන්දියාව බලා පිටත්ව යනු ඇති බවකි.
මේ අතර හම්බන්තොට සියලු දෙනා බලා සිටින්නේ රාජපක්‍ෂ පවුලේ ඊළඟ දේශපාලන තරුව කවුරුන්ද යන්න සම්බන්ධයෙනි. නාමල් මේ වන විට වසර ගණනාවක්ම දේශපාලනයේ නිරතව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිසා මෙවර රාජපක්‍ෂවරුන් තීරණය කර ඇත්තේ පවුලේ ප්‍රධානියා වූ යෝෂිතව රාජපක්‍ෂ පවුලේ ඊළඟ දේශපාලන තරුව කරන්නටය. ඒ අනුව ළඟදීම නාවික හමුදා සේවයෙන් ඉවත් වී පූර්ණකාලීන දේශපාලනයට පිවිසෙන ලෙසට දැනටමත් යෝෂිත වෙත රාජපක්‍ෂ පවුලෙන් උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව දැන්ම තියා යෝෂිත අගමැති කාර්යාලයට වී අගමැති කාර්ය මණ්ඩලයේ රාජකාරි අධීක්‍ෂණය කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. වාර්තා වන්නේ එළැඹෙන මහමැතිවරණයෙන් පසු ගාමිණී සෙනරත් දැරූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය යෝෂිත විසින් භාරගනු ඇති බවකි. එමෙන්ම මහමැතිවරණයෙන් පසු එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී යෝෂිත මහ ඇමැති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවද ආරංචිය.
මේ සඳහා බලපා ඇති තවත් හේතුවක්ද තිබේ. ඒ යෝෂිතගේ හඳහනය. බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ යෝෂිතගේ හඳහන ඉතා ප්‍රබල එකක් බවත්, රාජ යෝග පවා එම හඳහනේ දකින්නට ඇති බවත්ය.

SendShareShare
Previous Post

වැරැදිකරුවන්ට සමාවක් නොදෙන ජගන් මාතා

Next Post

ජවිපෙට ‌දෙපැත්තකින් ආරාධනා: කාගේ පැත්ත ‌තෝරා ගනියිද?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.