• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවෙන් කංචනට අනතුරු අඟවයි! වෘත්තීය සමිති නායකයන් මර්දනය කර තෙල් සම්පත පාවා දීමේ වටිනාකම කංචනට ගෙවන්න වේවි! අපි පත් කරපු මහින්දලා ගැන කනගාටු වෙනවා! VIDEO

March 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවෙන් කංචනට අනතුරු අඟවයි! වෘත්තීය සමිති නායකයන් මර්දනය කර තෙල් සම්පත පාවා දීමේ වටිනාකම කංචනට ගෙවන්න වේවි! අපි පත් කරපු මහින්දලා ගැන කනගාටු වෙනවා! VIDEO
Share on WhatsAppShare on Facebook

වෘත්තීය සමිති නායකයන් මර්දනය කර ඛනිජ තෙල් සම්පත අහිමි කිරීමේ මහා පාවාදීමේ වටිනාකම බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට ගෙවීමට සිදුවන බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යටතේ ක්‍රියාත්මක ඛනිජ තෙල්, වාණිජ සේවා, කර්මාන්ත ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසනවා. ඔහු කියන්නේ තමන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තම වෘත්තීය සමිතියේ අනෙකුත් සාමාජිකයන් 2019 ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කළ කැපකිරීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සියලු පාර්ශ්ව දන්නා බවයි. එහෙත් දැන් තමන් කියන දේට ඇහුම්කන් නොදී සිටීම දැඩි කණගාටුවක් බව ඔහු පවසනවා.

තමන්ගේ දේශපාලන පක්ෂය පිහිටුවීමටත් පෙර සිට තමන් ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයන් පොදුජන පෙරමුණු ප්‍රගතිශීලි බලවේගය ගොඩනැගූ බව සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර කියනවා. එහි අරමුණ වූයේ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ. එසේ කළ තමන්ට මෙලෙස සැලකීමක් කිසිසේත්ම අපේක්ෂා නොකළ බව සභාපතිවරයා කියනවා.

සභාපතිවරයා මෙසේ පවසා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමත්, ඔවුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමත් සම්බන්ධයෙන් කළ විමසීමකදී යි.

“අපේ ඛනිජ තෙල් සංස්ථාවේ කොටස් විදේශ සමාගම් 03කට වසර 20ක කාලයක් සඳහා පවරා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීමට එරෙහිවයි අපි ඊයේ (28) උදෑසන සත්‍යග්‍රහයක් පටන් ගත්තේ. ඒකට සංස්ථාවේ වෘත්තීය සමිති සියල්ල එකතු වුණා. හැබැයි මේ බලධාරීන් ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒ නිසයි සත්‍යග්‍රහය වර්ජනයක් දක්වා පුළුල් කරන්න සිද්ධ වුණේ.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම නතර කෙරුණා. ඉන්පසු ආරක්ෂක හමුදා යොදවා බලහත්කාරයෙන් බවුසර්වලට තෙල් පිරවීමටත්, ඒවා පිටත් කිරීමටත් බලධාරීන් කටයුතු කළා. එම උත්සාහයේ දී එයාලට පුළුවන් වුණේ තෙල් බවුසර් 10ක් පමණ පිටතට යැවීමට යි. මේ සඳහා සහයෝගය නොදුන් සහ සංස්ථා සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට ඉඩනොදුන්න බව කියමින් වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පියවර ගන්නා බව ඊයේ රෑ ම ඇමති කාංචන විජේසේකර ප්‍රකාශයක් නිකුත් කළා.

අද (29) උදේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ සේවාවල යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමට සංස්ථා කළමනාකාරිත්වය තීරණය කරලා තියෙන බව.

ඒ අයට සංස්ථා පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් කරන බවත් ඒ නිවේදනයේ දැක්වුණා” යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යටතේ ක්‍රියාත්මක ඛනිජ තෙල්, වාණිජ සේවා, කර්මාන්ත ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසා තිබෙනවා.

SendShareShare
Previous Post

වෘත්තීය ක්‍රියාමාර්ග ගත් තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි! කංචන තදින් සිටී!

Next Post

ඇමෙරිකාව, චීනයට එරෙහිව ඉන්දියාවට සහාය දෙගුණ කරයි!

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.