ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියකුගේ බිරිදක මැදිහත් වී දැවැන්ත අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් බ්‍රිතාන්‍ය අධිකරණයේදී හෙළි වී ඇත.
බෘනායි රාජ්‍යයේ පවතින බව කියමින් ව්‍යාජ සමාගමක් පෙන්වා මෙම විධායක නිලධාරියාගේ බිරිද ප්‍රංශයේ එයාර්බස් ගුවන් සමාගම සමග මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම ගනුදෙනුව සිදුකිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා සිය පෞද්ගලික ජීමේල් ලිපිනයද භාවිත කර ඇති බව සදහන්ය.
මෙම විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව 2013 වසරේදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියාගේ බිරිඳට අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බෘනෙයි ෂෙල් සමාගම හරහා ගෙවා ඇති බවට හෙළිවී තිබේ.
ඊට අමතරව එයාර් ඒෂියා විධායකයින් දෙදෙනෙකු සතු ක්‍රීඩා කණ්ඩායමකට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ඇණවුම් ලබා ගැනීමේ අරමුණින් ඩොලර් මිලියන 50 ක අනුග්‍රාහකත්වයක් ලබා දී ඇත.
2011 වසරේ සිට 2015 දක්වා වූ කාල සීමාව තුලදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් සිය බාහිර උපදේශකයින් හරහා ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඝානා රාජ්‍යයට අල්ලස් ලබාදී ඇති බවට ලන්ඩනයේ පිහිටි බරපතළ වංචා සෙවීමේ කාර්යාලය විසින් සිදුකරන ලද විමර්ශනයන් හිදී අනාවරණය කර ගෙන තිබේ.
ඒ් හේතුවෙන් ප්‍රංශයේ එයාර්බස් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 3.9ක බේරුම්කරණයක් පැනවීමට බ්‍රිතාන්‍යයේ අධිකරණයක් නියෝග කර ඇති අතර එය අල්ලස් ලබාදීමේ සිදුවීමක් කරණ කොට ගෙන පනවනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් බේරුම්කරණ මුදල ලෙස ඉතිහාසගත වී ඇත.










