වුහාන් හී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්.1423 විශේෂ ගුවන් යානයකින් අද (01) පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය.
මෙම සිසුන් පිරිස විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුරට වෙත රැගෙන ෙගාස් ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ සිසුන් දියතලාව යුද හමුදා රෝහලේ සති දෙකක කාලයක් පුරා රඳවාගෙන රෝග නිරෝදායනයන් සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි.










