• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

හ‌ේමසිරි-පූජිත කට අරින්න සූදානම්: ‌මෛත්‍රීපාල ‌කොටුවෙන්න ළගයි

February 1, 2020
in CID, Exclusive
Reading Time: 1 min read
A A
හ‌ේමසිරි-පූජිත කට අරින්න සූදානම්: ‌මෛත්‍රීපාල ‌කොටුවෙන්න ළගයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ගෙවී ගිය සති දෙක තුළ ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරන්නේ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදීය. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. මේ දෙදෙනාගෙන්ම ප්‍රශ්න කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටින පොලිස් අධිකාරී අම්පාවිල මහතාය. ප්‍රශ්න කිරීම් හමුවේ මේ දෙදෙනාම සඳහන් කරන්නේ ප්‍රහාරය එල්ලවන තුරුම තමන්ව ඒ ගැන කිසිදු අයෙක් දැනුවත් නොකළ බවය. දැන සිටියේ නම් ආරක්ෂක පියවර ගැනීමට පොලීසියට හා හමුදාවට නියෝග කරන බව මේ අය කියා ඇති කරුණකි.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් පොලිස්පති පූජිත් ජයසුන්දරත් වැඩි කල් යන්නට මත්තෙන් ඇත්ත හෙළිකරන්නට කට අරින්නට සූදානමින් සිටින්නේ මෙවන් තත්වයක් හමුවේය. ඒ අය රහස් ප්‍රකාශයක් ලෙස අධිකරණ විනිසුරුවරයකු ඉදිරියේදී හෝ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයා බලන ජනාධිපති කොමිසම ඉදිරියේදී බොහෝ විට මෙතෙක් සඟවා ගෙන සිටින අතීශය රහසක් හෙළිකරනු ඇති බවට තොරතුරු පලවී තිබේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කෙසේ වෙතත් ඒ තුළින් යම් බලපෑමක් එල්ල වන්නේ නම් ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.
ඒ අය එසේ කට අරින විට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධනද කට වසාගෙන නොසිටිනු ඇත. බොහෝ විට ඔහුගේ කට ඇරෙනු ඇත්තේ ජනපති කොමිසම හමුවේය. ඒ ඔහුද මේ වන විට රහස් ගොන්නක් සඟවාගෙන සිටින බවට සැක මතුවී ඇති බැවිනි. ඔහු කට ඇරියොත් දේශපාලනඥයන් කීයෙන් කී දෙනෙකුගේ සායම සේදී යනු ඇත්දැයි කියන්නට බැරි තරම්ය.
මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රනිල් වික්‍රමසිංහද කියන්නේ ප්‍රහාරය එල්ලවන තුරුම තමන් ඒ ගැන කිසිවක් තමන් දැන නොසිටි බවය. එහෙත් එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාද් සාලි කොමිසම හමුවේ පවසන්නේ ප්‍රහාරයට සති දෙකකට පෙර තමන්ගේ ආරක්ෂක නිලධාරියාට ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ලද ලිපියකට අනුව ප්‍රහාරය ගැන තොරතුරු දැනගත් බවය. එම ලිපියේ ප්‍රහාරකයන්ගේයැයි සඳහන් නම් කිහිපයක් තිබුණු බවත්, ඒ නම් අතර සිටි සහරාන් ඇතුළු පිරිස හදුනාගත් තමන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට දුරකතන ඇමතුමක් දෙමින් රැස්වීමක් කැඳවූ බවත් සදහන් කරයි. ඒ අනුව ආරක්ෂක ලේකම්, පොලිස්පති, ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්ද කැඳවූ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේය. ආණ්ඩුකාරවරයකු වූ අසාද් සාලිට තොරතුරු කල්තියා ලැබුණි නම් රටේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සහ අගමැතිට මේ තොරතුරු නොගියේ යැයි විශ්වාස කළ හැකිදැයි ඇත්තේ ගැටලුවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් යන්නේ ඒ පැනයට පිළිතුරුය.
පාස්කු කොමිසමේ සාක්ෂි විමර්ශනයේදී පෙනී යන ආකාරයට අනුව ජනපති අගමැතිට නැති උනන්දුවක් සහරාන් ඇතුළු අන්තවාදීන් අල්ලා ගැනීමට අසාද් සාලිට තිබී ඇත. ඒ උනන්දුව ජනපති අගමැතිට තිබුණේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් මෙරට සිදු නොවන්නට තිබුණු සම්භාවිතය බොහෝය.
ප්‍රහාරය එල්ලවන විට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිටින්නේ සිංගප්පූරුවේය. ප්‍රහාරයත් සමග පෙරලා මෙරටට පැමිණිය යුතු වූවත් ඔහු එන්නේ දින කිහිපයක ප්‍රමාදයකින් පසුවය. ඒ ගැන නිදහසට කාරණා කියන්නේ සිංගප්පූරුවේ සිට ඒ හදිසියේ තමන්ට මෙරටට එන්නට ගුවන් යානාවල ආසන නොතිබුණු බවය. එහෙත් දැන් හෙළිවෙමින් ඇත්තේ ඒ දිනවල සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානාවල ඇති තරම් ආසන හිස්ව තිබුණු බවය. ආසන ප්‍රශ්නයක් සැබෑ ලෙසම පැවතුණි නම් ඔහුට මෙරටින් ශ්‍රී ලංකන් ගුවන් යානාවක් සිංගප්පූරුවට ගෙන්වාගෙන එන්නට ඕනෑ තරම් අවකාශ තිබුණි. ඒ සෑම දෙයක්ම ඔහු මග හැරියා පමණක් නොව, ප්‍රහාරය ගැන කිසිවක් කල්තියා තමන් නොදැන සිටි බව කියමින් හේමසිරිත් පූජිත්වත් බිල්ලට දුන්නේය. එපමණක් නොව, බුද්ධි ප්‍රධානියාව සිටි සිසිර මෙන්ඩිස්ට ඉල්ලා අස්වී ගෙදර යන්නට බවද මාධ්‍ය වාර්තා කර තිබිණ.
පාස්කු කොමිසම නම් ඉදිරියේදී මේ සියල්ලක්ම හාර අවුස්සනු ඇත. ඒ දැනටමත් කොමිසම විසින් බොහෝ කරුණු ගැඹුරින් විශ්ලේෂණය කර ඇති බැවිනි. මළල්ගොඩ කමිටුවට මෙන්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට හසු නොවූ බොහෝ දේවල් කොමිසම විසින් අල්ලාගෙන හමාරය. මේ අතර බොහෝ දෙනා සිතාගෙන සිටියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් පිහිටුවීමට යන බැටික්ලෝ කැම්පස් නම් වූ ආයතනය මෙරට ස්ථාපිත කෙරෙන පළමු මද්‍රසා අරාබි විශ්ව විද්‍යාලය බවය. බැලින්නම් එය බොරුවක්ය. මේ වන විටත් මද්‍රසා විශ්ව විද්‍යාලයක් රටේ ක්‍රියාත්මකය. බේරුවල පැත්තේ පිහිටා ඇති එම අරාබි විශ්ව විද්‍යාලය ගැන තොරතුරු හෙළිවන්නේ පාස්කු කොමිසමේදීය. ඒ තාසීම් නැමැති මව්ලවිවරයෙක් විසින් ලබාදුන් සාක්ෂියකිනි. එම මවුලවිවරයා කියා ඇති ආකාරයට එම විශ්ව විද්‍යාලය කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වන එකකි. එය පවත්වාගෙන යන්නේ ප්‍රකෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වන නජීම් හාජ්ජියාර් සහ ඔහුගේ දරුවන් එක්වය. හිස්බුල්ලාගේ බැටික්ලෝ විශ්ව විද්‍යාලයට එරෙහිව හඬ නගන බොහෝ දෙනෙක් බේරුවල විශ්ව විද්‍යාලය ගැන දැන සිටියේද, නැති නම් දැනගෙන නොදැන මෙන් සිටියේ දැයි ඇත්තේ ගැටලුවකි.
පාස්කු ප්‍රහාරයට පෙර මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් කර තිබුණේද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්මය. පිළිම විනාශ කළ අය අතර සාහිඞ් සහ සාදික් නැමැති අයියා මලෝ දෙදෙනෙක් සිටියහ. මරාගෙන මැරෙන පුහුණුව ලබාසිටි ඔවුන් 2018 දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ලේ බුදු පිළිම විනාශයත් සමග අතුරුදන්වන්නේ පොලීසියට අල්ලා ගන්නට නොහැකි වන ලෙසිනි. අසාද් සාලි විසින් මැවනැල්ලේ සහකාර පොලිස් අධීකාරීවරයාට පැවැසුවේ යැයි කියන එම අයියා මලෝ දෙදෙනා පොලීසියට භාරදෙන බවය. එහෙත් ඔවුන් දෙදෙනා කිසිදු විටක භාරදීමක් සිදුවූයේ නැත. පාස්කු කොමිසම හමුවේදීද ඒ ගැන අනාරවණය වූ අතර සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් කොමිසම හමුවේ පවසා ඇත්තේ මවුලවිවරයෙක් හරහා එම සැකකරුවන් දෙදෙනා භාරදෙන බව අසාද් සාලි මහතා තමාට පැවැසූ බවය. එහෙත් අසාද් සාලි මහතා එය ප්‍රතික්ෂේප කරන්නේ තමන් කීවේ සැකකරුවන්ගේ පියාව පොලීසියට භාරදෙන බව පමණක් බවය. මේ වන විට බන්ධනාගාරගතව සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරද කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ පූජකවරයෙක් හරහා සැකකරුවන් දෙදෙනාව භාරදෙන බව අසාද් සාලි මහතා තමාටද සදහන් කළ බවකි.
මේ කථාවට මුල්වූ පූජකවරයා වන්නේ තාසීම් මවුලවිය. ඔහු සදහන් කරන්නේ සැකකරුවන් දෙදෙනෙක් භාරදෙන බවත් තමන් අසාද් සාලිට නොපැවසූ බවය. තමන් නොදන්නා සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරදෙන්නේ කොසේදැයි ඔහු ප්‍රශ්න කරන්නේය.
අසාද් සාලි පොලීසියට සැකකරුවන් දෙදෙනෙක් භාරදෙන බව කී බවත් ඒ සැකකරුවන් දෙදෙනා භාරනොදුන් බවත්, රටට හෙළිවන්නේ එවකට මාවනැල්ල භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඒ සියල්ල මාධ්‍ය හමුවේ හෙළිකරන්නට පටන් ගැන්මත් සමගිනි. එසේ නොවන්නට මේ කථාබහ සැගවුණු කතාවක් වන්නට තිබුණු ඉඩකඩ බොහෝය. පාලිත සිරිවර්ධන මේ කථාව එළියට දමන්නේ පාස්කු ප්‍රහාරයටද ඔවුන්ගේ සම්බන්ධයක් තිබුණු බැවිනි. එදා මේ දෙදෙනාව පොලීසියට භාරදුන්නේ නම් පාස්කු ප්‍රහාරයද වළක්වා ගැනීමට හැතියාව තිබුණු බව පාලිත සිරිවර්ධනගේ තර්කය විය.
ඒ සැගවුණු තොරතුරු මාධ්‍ය මගින් එළියට දැමූ පාලිත සිරිවර්ධන මේ වන විට සිටින්නේ විශ්‍රාම සුවයෙනි. එහෙත් වත්මන් ආණ්ඩුව ඔහුට තවදුරටත් විශ්‍රාම සුවයෙන් සිටීමට ඉඩ නොදෙන ගානය. විශේෂ කැබිනට් අනුමැතියකින් ඔහුව නැවතත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනමින් අන්තර්ග්‍රහණය කර ගැනීමට මේ වන විටත් සියලු ලේඛන කටයුතු සකස්කර හමාරය. එම කැබිනට් තීරණය ගැනීමට නියමිතව තිබුණේ ඉකුත් 29 වැනිදාය. පෙරදින ජනාධිපතිවරයා පුද්ගලික සංචාරයක් සදහා සිය බිරිද සමග සිංගප්පූරුව බලා පිටත්ව යාම හේතුවෙන් කැබිනට්ටුව රැස් නොවීය. ඒ නිසා පාලිත සිරිවර්ධන ගැන කැබිනට් තීන්දුව ගැනීමට නියමිතව ඇත්තේ ලබන 05 වෙනිදාටය.කැබිනට් අනුමැතියෙන් ඔහු නැවතත් පොලිස් සේවයට පැමිණියහොත් බොහෝ විට ඔහු කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටිනු දැකීමට ඇති සම්භාවිතාව වැඩිය.

SendShareShare
Previous Post

මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි (‌දෙවන ‌කොටස)

Next Post

‘රාජ්‍ය රහස්’ එදා අවදානමක් අරන් ‌මෛත්‍රීට කරපු අනතුරු ඇගවීම

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.