• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි (‌දෙවන ‌කොටස)

February 1, 2020
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි (‌දෙවන ‌කොටස)
Share on WhatsAppShare on Facebook

රන්ජන්ගේ හඬපට පිටවීමත් සමඟ අධිකරණයට ඇඟිලි ගැසීම පිළිබඳ සමාජයේ කතාබහක් නිර්මාණය විය. ඒ අනුව අපි පසුගිය සතියේදී මැතිණියගේ කාල වකවානුවේ සිට අධිකරණයට සිදුවූ ඇඟිලි ගැසීම් සම්බන්ධව ලිපියක් පළ කළෙමු. මේ පළවන්නේ එහි අවසාන කොටසය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමය

1989 සිට 1993 දක්වා පාලන බලයේ සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා වෙයි. මෙහිදී අතිශය සුවිශේෂී සිදුවීමක් වන්නේ ඔහුගේ වසර 5කට ආසන්න පාලන කාලයේදී, අධිකරණයට බලපෑම් සිදුකිරීමේ කිසිදු ප්‍රබල සිදුවීමක් වාර්තා නොවීමය. එනම් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස රැකීමට කටයුතු කළ පාලකයකු ලෙස ප්‍රකටය. ඔහුගේ මෙම ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රකට නීති විශාරදයකු මෙසේ ප්‍රකාශ කළේය.
‘ප්‍රේමදාස මහතාගේ සමයේ කිසිම ආකාරයකින් නඩුකාරවරුන් පත්කිරීමේදී ඇඟිලි ගැහුවේ නැහැ. එසේම නඩුහබවලදී බලපෑම් කළේ නැහැ. අලුත්කඬේ එකල සිටි සියලුම නඩුකාරවරුන්, නීතිඥවරුන් ඒක දන්නවා. ඔහුගේ නිවාසය පවා තිබුණේ අලුත්කඬේ. එක සිදුවීමක් විතරක් කියන්න පුළුවන්. ඒ කාලයේ විනිසුරු වඩුගොඩපිටිය මහතා ජනාධිපති ප්‍රේමදාස මහතාට කියා සිටියා එයාට නිසි ලෙස නීතිපතිකම ලැබුණේ නැහැ කියලා. ඔහුට උඩින් තව කෙනෙක් දාලා තියෙනවා කියලා. මට ඒක අසාධාරණයක් වෙලා තියෙන්නේ ඒ නිසා සාධාරණ සුදුසු පියවරක් ගන්න කියලා ජනාධිපතිවරයාට කිව්වා. ඒ වරද නිවැරැදි කිරීමට තමයි වඩුගොඩපිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමක් ලබා දුන්නේ. ප්‍රේමදාස මහතා කිසි දවසක කනිෂ්ඨ නඩුකාරවරුන්, ජ්‍යෙෂ්ඨ අයට උඩින් දැම්මේ නැහැ. ජ්‍යෙෂ්ඨත්වයට අනුව සලකමින් කටයුතු කළා’ යැයි මෙම නීති විශාරදයා අවධාරණය කළේය.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. ඩබ්ලිව්. බී. වඩුගොඩපිටිය මහතා, ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් 33 වැනි සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස පත්කරන ලදී. 1989 සිට 1991 දක්වා වසර 3ක් ඔහු එම තනතුරේ සිටි අතර, වැඩ බලන අගවිනිසුරු ධුරයටද පත්කරන ලදී. වඩුගොඩපිටිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 25ක් සේවය කළ ඉතාමත් දක්‍ෂ රාජ්‍ය නිලධාරියකු විය.

විධායක ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගේ සමය

1993 මැයි 01 සිට 1994 නොවැම්බර් 12 වැනිදා දක්වා වසර එකහමාරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ඩී. බී. විජේතුංග මහතා අතිශය අවංක පුද්ගලයකු වූ අතර, ඔහුට එරෙහිව කිසිදු ආකාරයක අධිකරණ බලපෑම්, චෝදනා වාර්තා වී නොමැත. එකල අභියාචනාධිකරණ විනිසුරවරයකු වූ සරත් එන්. සිල්වා තමන්ට අභියාචනාධිකරණයේ සභාපති ධුරය ලබා දෙන ලෙස ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගෙන් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම පවා ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ ආකාරයට ස්වාධීන, නිදහස් අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යෑමට ඩී. බී. විජේතුංග මහතා නිතර කටයුතු කර ඇත.

විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලය

ශ්‍රී ලංකාවේ මෙතෙක් එකම කාන්තා ජනාධිපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 සිට 2005 වසර දක්වා වසර 11ක් ජනාධිපති ධුරයේ කටයුතු කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසිනි. එම අවස්ථාවේදී බොහෝ ස්වාධීන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ මාක් ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨත්වයෙන් සරත් එන්. සිල්වා මහතාට ඉහළින් සිටියත්, ජනාධිපතිනිය අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ සරත් එන්. සිල්වාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමියා වන විජය කුමාරතුංග මහතාගේ ඝාතනය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ප්‍රධානත්වය දැරුවේ සරත් එන්. සිල්වාය. ඊට පෙර ඔහුට නීතිපති තනතුරද ලබාදී තිබිණි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ මාක් ප්‍රනාන්දු මහතාට අධිකරණ සේවා කොමිසමේ සභාපතිත්වයද ලබා දුන්නේ නැත. එම තනතුර සඳහා රාමනාදන් විනිසුරුවරයා පත්කරන ලදී. අවසානයේදී අතිශයින්ම කලකිරුණු මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා තමන්ගේ සේවය අවසන් කිරීමට (විශ්‍රාම යෑමට) වසර 2 1/2කට පෙරදීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස් වූයේය. මෙය චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් සිදුකරන ලද දැඩි අධිකරණ බලපෑමක් බව එකල කියැවිණ.
සරත් එන්. සිල්වාගේ දියණිය විවාහ වූයේ ජගත් බාලපටබැඳිගේ පුත්‍රයා වන ඉසුරු බාලපටබැඳි සමඟය. එම සිදුවීමෙන් පසුව චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් ඉසුරු බාලපටබැඳි, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ලෙස පත්කර යැව්වේය. විදේශ සේවයේ නීති උල්ලංඝනය කරමින් එය සිදුකරන ලදී.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ සමයේදී සිදුවූ ඛේදජනක සහ බියකරුම සිදුවීම වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමය. දිවයින් ප්‍රබලතම මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් නවුෆර් නොහොත් ‘පොට්ට නවුෆර්’ට එරෙහිව සරත් අඹේපිටිය මහතා ලබා දුන් නඩු තීන්දුවලට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන ලදී. පොට්ට නවුෆර්ගේ පාතාල තුවක්කුකරුවන් ලවා සරත් අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මෙසේ ඝාතනය කළේ 2004 නොවැම්බර් 20 වැනිදාය. පාතාල ඝාතකයන් විසින් මෙම මිනීමැරුම සිදුකළත් එය අධිකරණයට සිදුවූ ප්‍රබල ප්‍රහාරයක් විය.
2001 ඔක්තෝබර් මාසයේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ගන්නා ලදී. මෙහිදී නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා ගනිමින් ජනාධිපතිවරයාට අධිකරණයක කළ හැකි බලපෑම් අවම කිරීම එහි ක්‍රියාවලිය විය. එනම් අධිකරණයට විවිධ තනතුරු සහ පත්වීම් ලබා දීමට ඇති ජනාධිපති බලතල අවම කිරීමය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතින් එය ඉෂ්ට වූයේ නැති අතර, අත්තනෝමතික ලෙස අධිකරණ පත්වීම් සිදුකළේය. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක චෝදනා ලබා සිටි අතර, තම පාලන කාලයෙන් පසුව ඇසූ නඩුවකින් රුපියල් මිලියන 8ක් වන්දි ලෙස ගෙවීමටද ඇයට සිදුවිය.

මහින්ද රාජපක්‍ෂ විධායක ජනාධිපතිවරයාගේ පාලන සමය

මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා වසර 10ක් රට පාලනය කළේය. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය පරාජය කරමින් යුද්ධය ජයග්‍රහණය කළ හෙයින්, ඔහු මහජනතාව අතර ඉතා කැපී පෙනෙන පාලකයකු විය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී අධිකරණයට එරෙහිව සිදුකෙරුණු අතිශය ප්‍රබලම ක්‍රියාවලියක් වන්නේ, 2013 ජනවාරි 13 වැනිදා එවකට අගවිනිසුරු ධුරයේ සිටි ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයෙන් නෙරපා දැමීමය. මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම ඇය තනතුරට පත්කරනු ලැබුවත් පසුව අර්බුද දැඩිවන්නට විය. බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ‘දිවි නැඟුම’ ව්‍යාපෘති පනත පිළිබඳ අගවිනිසුරුවරිය විසින් ගත් තීරණයක් හේතුවෙන් අර්බුදය පැනනැඟුණු අතර, අවසානයේදී එය පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් දක්වා දුරගියේය. මන්ත්‍රීවරුන් 117කගේ බහුතරයකින් දෝෂාභියෝගය ජයග්‍රහණය කළේය. අවසානයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් අගවිනිසුරුවරිය එම තනතුරුවලින් නෙරපන ලදී.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එම තනතුරෙන් ඉවත්ව යන ලෙසට විවිධ තර්ජන, ගර්ජන සහ පීඩාවන් රැසක් එල්ල කිරීම, අගවිනිසුරු නිල නිවාසය වෙත නිලධාරීන් බලෙන් ඇතුලු වීම, නිවාසය අවට විවිධ මැර පිරිස් ගැවසීම, පෞද්ගලික නිවෙස අවටද විවිධ මැර පිරිස් ගැවසීම ආදී සිදුවීම් රැසක් සිදුවිය. ඇයට මෙසේ එල්ලවූ රාජ්‍ය තර්ජන, ගර්ජන ගැන අතිශය දීර්ඝ විස්තරයක් ඇයගේ ‘දෝෂාභියෝගය’ ග්‍රන්ථයේ ඇය විසින් ලියා තබා ඇත. උත්තරීතර තනතුරක සිටි තමන්, ඉතාමත් නිවට ආකාරයෙන් තනතුරින් පහකර ගෙදර යැවූ බැව් ඇය ප්‍රකාශ කර ඇත.
2012 ඔක්තෝබර් 9 වැනිදා තවත් බියකරු, නිහීන ප්‍රහාරයක් අධිකරණයට එරෙහිව එල්ල විය. එනම් ඉතාමත් ස්වාධින, අපක්‍ෂපාත, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු මෙන්ම අධිකරණ සේවා කොමිසමේ ලේකම් ධුරය දැරූ මංජුල තිලකරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිීරීමය. ආයුධ සන්නද්ධ පුද්ගලයන් හතර දෙනකු විසින් මංජුල තිලකරත්න මහතාගේ ගල්කිස්සේ පිහිටි නිවෙස අසලදී ඔහුගේ මෝටර් රථය තුළදී ප්‍රහාරය එල්ල විය. පිස්තෝලවලින් ඔහුගේ හිසට දරුණු ලෙස පහර දීම සිදුකරනු ලැබුවේය. විනිසුරු මංජුල තිලකරත්න මහතා ලේකම් ධුරය දැරූ අධිකරණ සේවා කොමිසම යනු අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් ලබාදෙන, ඉවත් කිරීම් හා මාරු කිරීම් සිදුකරන හා විනය ක්‍රියාමාර්ගද ගනු ලබන ප්‍රබල රාජ්‍ය ආයතනයකි.
මංජුල තිලකරත්න විනිසුරුවරයාට පහර දීමට එරෙහිව අධිකරණ ක්‍ෂේත්‍රයේ මහා උද්ඝෝෂණයක් සහ වැඩවර්ජනයක්ද ආරම්භ කෙරිණි. මේ සඳහා 500කට අධික විනිසුරුවරුන් සහ නීතිඥයන් සහ අනෙකුත් අධිකරණ කාර්ය මණ්ඩල නිලධාරීන්ද සහභාති වූහ. කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේදී එම උද්ඝෝෂණය පවත්වන ලදී. එය මහතා කලබැගෑනියක් විය.
2014 නොවැම්බර් 4 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් තමාට තුන්වැනි වරටත් ජනපති පදවියට තරග කළ හැකිද යන ප්‍රශ්නය ඔහු විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය. මෙම ක්‍රියාව නිසා ඔහු බලය අයුතු ලෙස භාවිත කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට හැකියාවක් ඇත්තේ පොදු වැදගත්කමක් ඇති නීතිමය ප්‍රශ්න පමණක් බවත්, නීති පාර්ශ්ව විසින් ප්‍රකාශ කර තිබිණි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 සහ 31.2 යන වගන්ති යටතේ තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය දැරීමට මහින්ද රාජපක්‍ෂ මහතා නුසුදුස්සකු ලෙසටද කරුණු ප්‍රකාශ වී තිබිණි.
අධිකරණයට බලපෑම් කරන්නේ යැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ලෙස චෝදනා නැඟුණු අතර, 2012 සැප්තැම්බර් 30 වැනිදා ඔහු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, තමන්ට විධායක බලතල තිබුණත් එය අයුතු ලෙස භාවිත නොකරන බැව්ය.

මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ සමය

2015 සිට 2019 වසර දක්වා වසර 5කට ආසන්න කාලයක් විධායක ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණ බලපෑම් චෝදනා ප්‍රබල ලෙස එල්ලවී නොමැත. එහෙත් ඔහුට මේ වන විටත් ප්‍රබලම චෝදනාවක් ලෙස එල්ල වන්නේ 2018 රජය පෙරළීමේ කතාවයි.
2018 ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් නීති විරෝධීව සිදු කර, හිටපු අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පලවා හැරියේය. ඉන් පසුව මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය වෙත රාජ්‍ය බලය ලබා දුන්නේය. එහෙත් පසුව දින 53කින් එම තත්ත්වය කණපිට හැරී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දුන්නේ, එකී තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවටය. අවසානයේදී තිබූ රජයම නැවැත බලයට පත්ව අලුතින් පත්වූ රජය ගෙදර ගියේය. මෙම ක්‍රියාවලිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ අතිශය නීති විරෝධී, අත්තනෝමතික එකකි.

වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමය

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විධායක ජනාධිපති ධුරයට පත්ව තවද ගතවී ඇත්තේ මාස 2ක් පමණි. ඒ හෙයින් කියන්නට පුළුල් වගතුගක් එකතු වී නොමැත. එහෙත් මේ වන විට උද්ගතවී ඇති ප්‍රබලම අධිකරණ බලපෑම් කතාන්දරය මේ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ ‘හඬපට සිද්ධියයි. මේ සිද්ධිය කෙතරම් බලවත්ද යැයි කිවතහොත් මේ වන විට වත්මන් රජය විසින් විනිසුරුවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත. විනිසුරුවරුන් වන ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල මහතාගේ මෙසේ වැඩ තහනම් කර තිබේ. පද්මිණි රණවක විනිසුරුවරිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලට යටත්ව සිටින්නීය.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් කිහිපයක්ම ලබාදී ඇත. ගෝඨාභය ජනාධිපතිවරයා මෙතෙක් අධිකරණයට සිදුකළ බලපෑමක් ගැනද දැනගන්නට නැත. ඔහු මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ඔහු කිසිම ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බැව්ය. ඔහුට තව අතිශය දීර්ඝ ගමනක් යෑමට ඇත. හොඳ, නරක මොනවාදැයි දැනගන්නට තවත් බොහෝ කාලය ඇත. එතෙක් හිඳිමු.

මෙම වගතුග ලියා අවසාන වන විටදි අසන්නට ලැබුනේ අතිශය සුවිශේෂී පුවතකි. එනම් රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට යන වගතුගයි. නීතිපතිවරයා විසින් මෙම නියෝගය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට ලබාදි ඇති අතර, විනිසුරුවරයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගන්නා ලෙසටද උපදෙස් ලබාදී ඇත. එහෙත් කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහා උපදෙස් ලබාදී ඇත්තේ එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන විටදී වඩාත් සුපරීක්‍ෂාකාරී වෙමින් නීතියට අනුකූලවත්, පුද්ගලයන්ගේ පුද්ගල නිදහසට හා ආත්ම ගෞරවයට හානියක් නොවන පරිදිත් එම කටයුතු සිදුකළ යුතු බවත්ය. 08 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලනය ආරම්භ වුණු සමයේදීම මෙවැනි සිදුවීමක් ඇති වීම ගැන ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති බැව් එයින් පෙනෙයි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

යූ.ඇන්.පිය ඉවරයිද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

Next Post

හ‌ේමසිරි-පූජිත කට අරින්න සූදානම්: ‌මෛත්‍රීපාල ‌කොටුවෙන්න ළගයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.