• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට දැන් අවශ්‍ය වන්නේ ඉතා වෘත්තීයමය-අපක්ෂපාතී-පුරවැසි අයිතිවාසිකම්වලට ගරු කරන-රජයට හෝ එහි ගෝලබාලයන්ට නොව ජනතාවට සේවය කරන බව විශ්වාස කරන පොලිස් ප්‍රධානියෙක්! නව පොලිස්පති ගැන සරසවි ඇදුරන්ගෙනුත් විශේෂ නිවේදනයක්!

March 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

2023 මාර්තු 23වන දින සිට බලාත්මක වන පරිදි පත්කෙරෙන නව පොලිස්පතිවරයා (IGP) තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරාගැනීමේ නිර්ණායකත්, මෙම පත්කිරීමේදී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු ද්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය දැඩි කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ එහි ලේකම් රොහාන් ලක්සිරිගේ අත්සනින්.

“ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නීත්‍යානුකූලභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම උදෙසා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අකුරටම පිළිපැදිය යුතු බව අවධාරණය කරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නිතීඥ සංගමය ආදී අනෙකුත් වෘත්තීමය සංවිධාන සමග එක් වෙයි. පොලිසියේ ක්‍රියාකලාපය මහජන ජීවිතයට කෙතරම් දුරට බලපාන්නේද යන්න (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී වගන්ති ප්‍රකාරව පොලිස්පති තනතුර සඳහා යෝග්‍ය අපේක්ෂකයෙකු නිර්දේශ කළ යුතු වන) විධායක ජනාධිපතිට සහ (පත්කිරීම සඳහා අනුමැතිය ලබා දිය යුතු වන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අප සිහිකැඳවිය යුතු නැති බව විශ්වාස කරමු.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය පළමුව අවධාරණය කරන්නේ, මීළඟ පොලිස්පතිවරයා පොලිස් සේවයෙහි ආදර්ශමත්ව නිරත වූවෙකු වීම, සහ අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් අපේක්ෂා කරන විනිවිදභාවයකින් යුතු ක්‍රියාපටිපාටියකින් තෝරාගනු ලැබූ නිලධාරියෙකු වීමේ පැහැදිලි අවශ්‍යතාවයි. එම තනතුරට නො ගැළපෙන පුද්ගලයෙකු නම් කිරීම සහ පත් කිරීම මහජනයා (විශේෂයෙන්ම සිවිල් සමාජ නියෝජනය කරන්නන්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමටත්, රජය කෙරෙහි පවතින අවිශ්වාසය තව තවත් තියුණු කර ගැනීමටත් නිසැක වශයෙන් ම පෙළඹීමක් වනු ඇත.

මෙම භාරදූර තනතුර සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණයෙහි සාපරාධී හෝ මූලික අයිතිවාසිකම් නඩු නො පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි. එමෙන්ම ඔවුන්ගේ සේවා වාර්තාවෙහි බරපතල කලු සළකුණු නො තිබිය යුතුය. ඔවුන් යම්කිසි දේශපාලන සංවිධානයක් හෝ රෙජිමයක් ඔස්සේ හඳුනා නොගත යුතුය. පක්ෂග්‍රාහීත්වය, ප්‍රචණ්ඩත්වය, සහ නීත්‍යනුකූල මහජන විසම්මුතිය මර්දනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් ලබා ඇති අපකීර්තියට පත්ව ඇති සන්දර්භයක් තුළ, නව පොලිස්පතිවරයා වත්මන් හෝ පසුගිය රජයේ ගෝලබාලයෙකු ලෙස දිස් නොවීම අතිශය වැදගත් වේ.ජනාධිපතිවරයා මෙම තනතුරට පත්කරන පුද්ගලයා අනුමත කිරීමට භාවිත කරන නිර්ණායක ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරන මෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටිමු. මහජනයාට කරුණු දැන ගැනීමේ අයිතියක් ඇත.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ නීත්‍යනුකූල විරෝධතා මැඩලීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ පොලිසියේ ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධී සහ කිසිසේත්ම පිළිගත නොහැකි බව බහුතරයේ පිළිගැනීමයි. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශේෂ අවධානයක් යොමු කරන්නේ, 2023 මාර්තු 7 සහ 8 දිනවන සිදුවූ සිදුවීම් හේතුවෙනි. එහිදී අතිප්‍රමාණ වූත්, ම්ලේච්ඡවූත්, බලහත්කාරී, දෝෂාරෝපණශීලී පැරා-මිලිටරි මැරයන් යොදවමින් පොලිසිය විසින් විශ්වවිද්‍යාලයීය භූමිය ආක්‍රමණය කරන ලදී.

මෙම තීරණාත්මක සංධිස්ථානයේදී දේශයට අවශ්‍ය වන්නේ ඉතා වෘත්තීමය වූ, අපක්ෂපාතී, සහ සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන පොලිස් ප්‍රධානියෙකි. නව පොලිස්ලතිවරයා විය යුත්තේ පොලිසිය රජයට හෝ එහි ගෝලබාලයන්ට නොව ජනතාවට සේවය කරන බව විශ්වාස කරන කෙනෙකි.

මෙම පෘථුල සන්දර්භය තුළ නියමිත ක්‍රියා පටිපාටීන් යටපත් කර, නිරවුල් සහ නිකැළැල් වාර්තාවක් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ගන්නා කිසියම් වූ උත්සහයක් මගින් සිදුවන්නේ, පොලිසිය කෙරෙහි පවතින මහජන විශ්වාසය තවදුරටත් පලුදු කිරීම පමණක්ම බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට සිහිකර දෙයි. අනෙක් අතට මෙමගින් නීතියේ අධිපත්‍ය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් බිඳවැටීම වැළැක්විය නො හැකි ය.

ශ්‍රී ලංකාව වත්මනෙහි මුහුණ දෙන බහුවිද අර්බුදවලින් රට ගොඩ ඒමට නම්, සිය පොලිස් බලකායේ විනිවිදභාවය, වගවීම, සහ මනුෂ්‍යත්වය පිළිබඳ ජනතාවගේ ඉල්ලීම් නොසලකා හැරීමට වෙන කවරදාටත් වඩා දැන් හැකියාවක් නැත” යි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, රොහාන් ලක්සිරි සිය නිවේදනයෙන් දක්වා සිටිනවා.

SendShareShare
Previous Post

2022දී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන අමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් බරපතළ වාර්තාවක් නිකුත් කරයි! මෙන්න චෝදනා! ගෝඨාගෝගමට පහර දීම ගැනත් ප්‍රකාශයක්!

Next Post

ඡන්දෙට ඇප මුදල් බාර ගන්න එපා කියලා චක්‍රලේඛය ගහපු නීල් වෙනුවට අලුත් නීල් කෙනෙක් එයි! චක්‍රලේඛය ගහපු නීල්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරක්!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.