2022 වසරේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිරිත් පරිදි කතරගම දේවාලයට පැමිණෙන්නේ හාස්කම් සපිරි කතරගම දෙවියන් සහ දෙවොල වැදපුදාගැනීම සදහාය.
එහිදී කතරගම දේවලායේ නිලමේ තැන්පත් දිශාන් ගුණසේකර මහතා ධම්මික පෙරේරා මහතාගෙන් එක් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ, කොරෝනා සමයේදී කතරගම සිසුදරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම හේතුකොටගෙන දරුවන්ගේ තාක්ෂණික අධ්‍යාපනය නැංවීම උදෙසා දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක විද්‍යාගාරය නැරඹීමට පැමිණෙන ලෙසය. මෙම පරිගණක විද්‍යාගාරය ධම්මික පෙරේරා මහතාට අයත් DP EDUCATION හා අනුබද්ධව පවත්වාගෙන ගිය ආයතනයකි.
මෙම විද්‍යාගාරය කතරගම සිටින මල් විකුණමින් එදිනෙදා ආදායම් සොයාගන්නා අසරණ දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ආරම්භ කිරීමට එදා දිෂාන් ගුණසේකර මහතා පියවර ගෙන තිබිණ.
ඒ අනුව ධම්මික පෙරේරා මහතාද ආරාධනාවට අනුව එම පරිගණක විද්‍යාගාරය බැලීමට යාමේදී ඔහුට දැකගත හැකිවන්නේ දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක 10කින් යුත් කුඩා පරිගණක විද්‍යාගාරයකි. එය දැකීමෙන් මහත් සේ කනගාටුවට පත්වන ධම්මික පෙරේරා මහතා එදින රාත්‍රියේ සිටම මෙම විද්‍යාගාරය දියුණු කිරීමට හැකි සෑම කටයුත්තක්ම සිදු කළේය.
ඒ අනුව DP EDUCATION යටතේ ඇති DP CODING පාසල සමග මෙම විද්‍යාගාරය ඒකාබද්ධ කළ ධම්මික පෙරේරා මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත පරිගණක 48කින් යුත් නවීන විද්‍යාගාරයක් බවට එය පත් කිරීමට සමත් විය.
ඒ අනුව අද වනවිට එහි කතරගම සිටින දරුවන් 4000න් දරුවන් 1000ක්ම අධ්‍යාපනය ලැබීම සුවිශේෂ කාරණයකි.
එමෙන්ම මෙම විද්‍යාගාරයෙන් IT දැනුම ලබා ගන්නා දරුවන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ නොමිලේම අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයද ධම්මික පෙරේරා මහතා විසින් සකස් කොට අවසන්ය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම දේවාලයේ දිශාන් ගුණසේකර නිලමේතුමා කියා සිටියේ නුදුරේදීම කතරගම යනු ලංකාවේ හොදම IT නගරය බවට පත්වනු නොඅනුමාන යැයි කියාය.