• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද වැඩ වර්ජනයට සියලු වෘත්තීය සමිති සූදානම්! වෘත්තීය සමිති නායකයන් කියන කතා මෙන්න! ආණ්ඩුවත් ලෑස්ති වෙයි! සෑම දුම්රිය ස්ථානයකටම පොලිසිය!

March 15, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
රජයේ සේවකයන් අද පාරට! හවස කොළඹ යනවා නම් බලාගෙන!
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.

 කෙසේවෙතත් වර්ජනයට එක්වන බොහෝ සේවා දැනටමත් අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය උල්ලංඝනය කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ‘වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව’ පෙරේදා සිට වැඩවර්ජන ඇතුළු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, හෙට දිනයේ රජයේ සමස්ත රෝහල් පද්ධතියේම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා,

“අද උදේ 8ට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. සෞඛ්‍ය සේවාව ඇතුළට එක හමුදා නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් හරි බලහත්කාරයක් හරි කරන්න ආවොත් පැය 24 වර්ජනය අපි අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරනවා.”

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා සඳහන් කළේ,

“අද දවසේ සමස්ත වැඩ වර්ජනයට ගියොත් ආණ්ඩුවට විශාල පාඩුවක් සිදුවෙයි. “

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක අද නිරත වුණි.

ලං.වී.ම ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා,

“අපි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරලා අපේ විරෝධය පළ කරනවා. මේ ක්‍රියාදාමය නිසා සාමාන්‍ය විදුලි බිඳවැටීම් යථාතත්ත්වයට පත්කරන්න ගතවන කාලය වැඩිවෙන්න පුළුවන්”

ලං.වී.ම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා,

“අද ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයෝ ලෙඩ නිවාඩු දාලා සේවයට පැමිණීමෙන් වැළකී සිටිනවා. අපි හෙට සියලුම අංශ අක්‍රීය කරනවා. “

ජල සම්පාදන හා ජලපවාහන සේවක සංගමයේ සම ලේකම් එස්.ඩී. නීල් ලීලාරත්න මහතා,

“අපි අද වර්ජනයට සම්බන්ධ වෙනවා. හෙට අපි නඩත්තු කටයුතුවලින් ඉවත් වෙනවා.”

දුම්රිය රියදුරන් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයකට එක්වීමට නියමිතය.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා සඳහන් කළේ,

“අපේ විධායක සභාව තීරණය කළා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයකට සහභාගී වෙන්න. මේ නිසා දුම්රිය සේවා වාර සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. ඒ පිළිබඳව අපි මඟී ජනතාවට කනගාටුව ප්‍රකාශ කරනවා.”

කෙසේවෙතත් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ නිවාඩු අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී W.A.D. S. ගුණසිංහ මහතා පියවර ගෙන තිබේ.

මේ අතර ලංකා ගුරු සංගමය හා විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයද අද වැවඩවර්ජනයට එක්වෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

“අද දවසේ යොදාගෙන තිබෙන වැඩවර්ජනය අපි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒකේ කිසිම වෙනසක් නැහැ. ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, පෞද්ගලික පාසල් ආදී සියලුම දෙනා මේකට සම්බන්ධ වෙනවා. ” 

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි,

“අද දින සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියාමාර්ගයට එක්වන බව අපි ප්‍රකාශ කරනවා”

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා,

“අදදවසේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය තවත් ශක්තිමත් කරලා ලංකාව පුරා තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, මූලස්ථාන, ප්‍රධාන පාලන කාර්යාල, මධ්‍යම තැපැල් හුවමාරුවේ පැය 24ක් තැපැල් සේවයේ වැඩවැරුමක් අපි ආරම්භ කරනවා.”

මේ අතර බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට විරෝධතාවක නිතර වුණි.

ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති අනූප නන්දුල මහතා,

“මතක තියාගන්න අපි එළියට බැස්සට පස්සේ අද බැංකුවල සේප්පු ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ අද බැංකු වැඩකරන්නේ නැහැ කියන එක.”

එමෙන්ම මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයද ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාවක නිරත වුණි.

මේ අතර දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.

ඒ අනුව අද (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට කොළඹ දක්වා දුම්රියන් දෙකක්ද ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15ට, ගාල්ල සිට පෙරවරු 5.00ට, අලුත්ගම සිට පෙරවරු 6.00ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු කිරිමට නියමිතය.

මෙම සියළු දුම්රිය ද්විත්ව බලවේග කට්ටලවලින් සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පියවර ගනු ලැබේ.

ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ, සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී ඇත.
මෙම වැඩපිළිවෙළ ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට සියළු ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරේ.‍

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-14

SendShareShare
Previous Post

IMF ණය ගන්න එක මහා වික්‍රමයක් වගේ පෙන්වන්න රනිල් හදනවා! මේ ණය ගන්නේ රනිල් ගත්ත ණය ගෙවන්නම තමයි! පොහොට්ටුවත් දැන් බිංදුවටම වැටිලයි තියෙන්නේ! ඔළුවක් තියෙන අය එතන නෑ! ඒ නිසා රනිල් කියන ඕන දේකට ඒ අය දැන් අත උස්සනවා! VIDEO

Next Post

කිසිදා නිම නොවෙන ජාත්‍යන්තර මානව හිමිකම් තොණ්ඩුව… ඔන්න දැන් ජිනීවාහි පෙන්වනවා…

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.