• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෂ්මියෙන්ද දූවිල්ලෙන්ද සිනාසෙන මේ බිම තට්ටුවන්කොඩ්ඩිය…!

March 15, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
රෂ්මියෙන්ද දූවිල්ලෙන්ද සිනාසෙන මේ බිම තට්ටුවන්කොඩ්ඩිය…!
Share on WhatsAppShare on Facebook

යාපනයේ කණ්ඩිවීදිය හරහා ගමන් ගන්නා මගීන්ගේ නෙත්සිත් පැහැර ගන්නා දෑ අතර අලියා සහ උගේ එළිමහන, ලුණු වතුර බදාගෙන එන ලවණ සුළඟ සහ එහි සුවඳ ප්‍රධාන වේ. මේ දේශයේ කතා එසේ නම් සදාකාලිකයි.

මේ තවත් දේශයක කතාවකි. උතුරු ප්‍රදේශයට අයත් කටු පඳුරුත් එහෙන් මෙහෙන් පොළොව සිඹින හිරු රශ්මියෙන්ද දූවිල්ලෙන් සිනාසෙන මේ බිමේ නම ‘තට්ටුවන්කොට්ටි’ය. ප්‍රාග් ඓතිහාසික කතා රැගත් මේ බිමේ ජීවය ගවේෂණය කිරීමට අවශ්‍ය නම් යාපනයේ නුවර පාර හරහා ගොස් ආනයියාරු ලවණ වැව පසුකර කිලෝමීටර් පහක් පමණ දුරින් මෙම ගමට ඇතුළු වීමට හන්දිය හමුවිය හැකිය. ඔය කියන හන්දියේ ඉඳන් කිලෝමීටර් හතරක් විතර ගියාම මේ ගම්මානයේ ආරම්භක ස්ථානය නම් මේ කතාවේ මූලාරම්භයයි. කාපට් යන නාම මාත්‍රයවත් නොදත් බස් පාරක්වත් නොපෙනෙන මේ පාර බොරළු පිරවූ රටේ සංවර්ධනය ප්‍රධාන නගරවලට පමණක් සීමාවූ බව හෙළිකරන අපූරු නිදර්ශකයකි. මෙය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මා පෙර සංචාරය කළ පූනගරී වේරවිල් මතකයට එක්කරන තවත් එක් සංවර්ධනය නොදුටු උතුරේ ග්‍රාමයකි.

නගරය මැද කුඩා උපතැපැල් කාර්යාලයක්, එකොළොහ ශ්‍රේණිය දක්වා පන්ති සහිත පාසලක්, පෙරපාසලක් සහ පොදු කාර්ය ශාලාවක් ඇති මෙම ගම්මානය කිලිනොච්චියේ කන්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ K47 ග්‍රාම නිලධාරී කොට්ඨාසය යටතේ පාලනය වේ.

මහ දවල් අව්ව නොතකා බයිසිකල් තල්ලු කරගෙන දුවන කොල්ලො ටිකත්, ගිනි අව්වේ කාශ්ටකයෙන් හිස ආරක්ෂා කරගන්න ගවුමක් ඔළුවේ ඔතාගෙන කඩිමුඩියේ ඇවිදින ගෑනු ළමයිනුත් මේ බිමේ වාසීන්ගේ ජීවන අරගලයේ අපූරු කතා කියන්නට ලියන්නට හොඳටම ප්‍රමාණවත් බව මගේ මතයයි.

පවුල් 150ක් පමණ ජීවත්වන මෙම ඉඩමේ මුල් ජනාවාස පිළිබඳ කතා රසවත්ය. කර්ණ පවුල් කතා පාදක කරගෙන මේ ගමට මඳක් ඈතින් පිහිටි ‘පිල්ලයිමඩම්’ නම් ප්‍රදේශයේ පිහිටි කන්නකායි අම්මාන් දේවාලය ආශ්‍රිතව අපූරු කතාවකි. ඒ වගේම කතාව අහන, කතාව කියන කතන්දරකාරයාගේ ප්ලොට් එක එක දිගට ලියවෙනකොට විතරක් කියවන ඔයාලට රසවත් වෙයි. හොඳයි, දැන් අපි පිල්ලිමඩම් ප්‍රදේශයට ගමන් කරමු. පසුගිය දිනවල ගවයන් පිට ගමන් ගත් අඹුසැමි යුවලක් මේ ප්‍රදේශයේ විඩාව නිවාගෙන විවේක ගනිමින් සිටි අතර එම අවස්ථාවේදී සැමියා බිරිඳගේ පිපාසය සංසිඳුවා ගැනීමට ජලය සොයා පිටතට ගොස් ඇත. තම සැමියා වතුර ගෙනෙන තුරු නිදා ගැනීමට අවශ්‍ය වූ බිරිය ගස් සෙවණක් යට ඇඳුම් එල්ලා සකස්කරගන්න තැත් කරන කල දෑතින්ම ගසේ එක් අත්තක් කැඩීබිඳී ගිය කොටසින් ලේ ගලාගියේය. බියට පත් බිරිඳ ආපසු පැමිණි සැමියාට කාරණය පැවසූ අතර කාරණය දැනගත් සැමියාට එම ස්ථානයේ ලේ වැඩි වී තිබෙනු දැකීමෙන් අනතුරුව එම ස්ථානයට වැඩම කළේ දෙවොලේ අම්මාන් බිරිඳව ධෛර්යවත් කරමින් බය නැතුව මෙතැන ඉන්න නමුත් මට පොංගල් නොහොත් කිරිබත් පූජා කරන ලෙස ඉල්ලා සිටියේය. පසුව අම්මාන්ගේ අසරිති පැවැසූ බවත් ඒ අනුව ඔවුන් එම ස්ථානයේ නැවතී දේවතාවිය වැඳපුදාගත් බවත් කතාවල සඳහන් වේ.

‘අනික ඔය කියන සැමියාට බිරිඳට දාව ඉපදුන ළමයි පස්සේ කසාද බැඳලා එක කුසේ ඉපදුණු දරුවෝ අඹුසැමියන් වෙලා උන්ගේ පරම්පරාවත් වැඩිවෙලා අසල වූ තටුවන්කොට්ටි ගම්මානයේ දවසක් ගම ගිනි අරන් ඇවිත් පදිංචි වුණා කියලත් කතා පැතිරෙනවා’ මේ ගමේ උන්නු තවත් මහලු අයෙක්ගේ කතාවයි.

මේ ආකාරයට 1990 වසරට පෙර කතන්දර අඛණ්ඩව වර්ධනය වූ මෙම භූමියේ පවුල් පන්සියයකට අධික පිරිසක් ජීවත් වූහ. පසුව, 1990 දශකයේ වර්ගවාදී යුද්ධය ආරම්භයේ සංක්‍රමණයේදී ඔවුන් මෙතැනින් කන්නකිපුරම්, විශ්වමඩු, මුලතිව් වැනි ප්‍රදේශවලට සංක්‍රමණය විය.

ලෙයින් පටන් ගත් මේ බිමේ කතා මෙන්ම මෙහි විසූ මිනිසුන්ගේ කතාන්දරවල ද අවතැන්වීම් හා ගිනි ගැනීම්වලින් පිරී පවතී. 2009න් පසු නැවත පදිංචි කිරීම් සිදුකරන විට මෙහි ජනතාව 1990 දශකයේ සංක්‍රමණය වී නැවත පදිංචි කිරීම සඳහා මුලින්ම පදිංචි වී ඇත්තේ මුරසුමොට්ටායි, කන්නකිපුරම් වැනි ප්‍රදේශවලය. ඉතිරි පවුල් අතරින් පවුල් 150ක් පමණ තවමත් මේ භූමියේ කතා ලෙස ජීවිත විඳදරා ගනී.

මෙහි ජනතාව අලිමංකඩ පදනම් කර ගනිමින් සෘතුමය මසුන් ඇල්ලීමේ නිරත වන අතර විශේෂයෙන් චිත්‍රායි සහ වෛකාසි මාසවල සාම්ප්‍රදායික ඉස්සන් මසුන් ඇල්ලීමේ ක්‍රමය ප්‍රචලිත වේ. මේ හැර මෙහි කෘෂිකාර්මික ඉඩම්වල වර්ෂා පෝෂිත සහල් වගාව සිදුකෙරෙන අතර, විශේෂයෙන්ම කාර්තිකයි සහ මාර්ගසි මාසවල වර්ෂාව ඔවුන්ගේ කෘෂිකර්මාන්තය තීරණය කරයි. ජනශූන්‍ය වූ මෙම ඉඩමේ බොහෝ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිසි නඩත්තුවකින් තොරව පවතී. මෙහි කුඩා පොකුණෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව මුලින් තීරණය වූයේ ඉරනිමඩු ඇළ හරහා ගලා යන ජලදහාරව මගිනි. නමුත් මේ වන විට ඉරනිමඩු ප්‍රදේශයෙන් ජලය ගලා ඒම අවහිර වී ඇති බැවින් ගිම්හානයේදී මෙහි මිනිසුන් මෙන්ම ඔබ මොබ හැසිරෙන ගවයින් ජල හිඟයකට මුහුණ පා සිටිති.

කාලගුණය සහ කාලයේ පීඩනය නිසා මෙහි ජන ජීවිතය විරැකියාව, අඩු ආදායම් සහ ජීවන තත්ත්වය පිරිහීම සමග ඉතා සංකීර්ණ වී ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් ඒ ආසන්නයේ පිහිටි ආනායුරුවු උප්පලමේ දෛනික කුලී වැඩට යති. යුද්ධය තීව්‍රවීමට පෙර යුගයේ ඔවුන්ට රැකියා මාර්ගය වූයේ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවයි. එම කර්මාන්ත ශාලාවෙන් එවන ලද ක්ලෝරීන් අඩංගු රසායනික ද්‍රව්‍ය රටේ ඉල්ලුම් කරන ස්ථාන රැසක භාවිත කෙරෙමින් තිබිණි. කොළඹ අවට ප්‍රදේශ වන මහරගම, හෝමාගම ප්‍රදේශවලට ජලය සපයන ලබුගම ජල පවිත්‍රාගාරය ඉන් ප්‍රධානයි. ඉහත කී ජල පවිත්‍රාගාරයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය එවන්නේ පරන්තන් රසායන කම්හලෙන් වන අතර එම කාලය තුළ මෙතැනින් එවූ හිස් රයන් කන්ටේනර් බැරලයක් තවමත් ලබුගම ජල පවිත්‍රාගාරයේ දැකගැනීමට හැකි බැවින් අපට අතීතා කතා නැවත ආමන්ත්‍රණය කරවයි.

ඒ නිසා ෂෙල් වෙඩි වැදුණු තාප්ප, විවර වූ දොරවල්, කැඩුණු ජනෙල්, හිස් සම්පත් ඇති මිනිසුන් අහිමි වූ දේශයක් බවට පත්ව ඇති මේ බිමේ ජීවත්වන ඉතිරි මිනිසුන්ගේ ජීවන ගමන දුෂ්කරය.

එක වර ආහාර සෙවීම කාලකණ්ණි බවට පත්ව ඇති මෙම ගම්මානයට ‘තට්ටුවාන්කොට්ටි’ යන නම ලැබීමට හේතු සිත්ගන්නා සුළුය. මේවා නගරයේ ප්‍රධාන මාර්ගයට සම්බන්ධයි. මුරසුමොට්ටේ දක්වා ගම හරහා ගමන් කළ හැකි මෙම ප්‍රධාන මාර්ගය එදා හැඳින්වූයේ පැරණි කන්ඩිවීදිය යනුවෙනි. වත්මන් යාපනය මහනුවර මාර්ගය ක්‍රියාත්මක වීමට පෙර මෙම මාර්ගය හරහා ගමන් කිරීමට හැකි විය. ඒ වගේ පයින් සහ කරත්තවල යන අය විවේක ගැනීමට හා ආහාර ගැනීමට මාර්ගය අසලින් හමුවන නුග ගසේ සෙවණ භාවිත කර ඇත. නුග ගස අසල මිරිදිය ළිඳක් ද දක්නට ලැබේ. ළිඳ වටේ අතුරා තිබූ තල් වඩලියෙන් කොළ කපා බීමට යොදා පිඟාන නුග ගසක ගැටගැසීම ඔවුන්ගේ සිරිත විය.

(තට්ටුවම් යනු තල් කොළවලින් ආහාර අනුභව කළ හැකි පිඟානකි), එවිට නවකයන් ඒ ආකාරයෙන් ගමන් කිරීමට උත්සාහ කරන විට පච්චය බැඳ ඇති නුග ගස සංකේතවත් කරයි. මෙය තප්පුවන්කට්ටි නම් වූ තට්ටුවම් කැටි පසුව තප්පුවන්කොට්ටි බවට පත්විය.

මෙහි පාසලේ එකොළොස් වැනි වසර දක්වා ඉගෙනුම ලබන සිසුන්ට ඉහළ පෙළේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් කිලෝමීටර් හතරක් පමණ මේ මාර්ගයෙන් පයින් පරන්තන් හෝ කිලිනොච්චියට යා යුත්තේ ආනයියාරු ප්‍රධාන මාර්ගයෙනි.

මේ මිනිස්සුන්ගේ පාදවල දූවිලි වැදීම අලුත් දෙයක් නොවන නමුත් ප්‍රධාන මාර්ග සහිතව මේ ගම්බිම්වලටද සශ්‍රීකත්වය ළඟා කරදෙන ලෙස බව ජනතාවගේ අපේක්ෂාවයි.

යාපනයේ නුදුටු තැන්හී සංචාරය මාධ්‍යවේදිනී ෂර්මිලා විනෝතීනී තිරුනාවකරසු සමග



විදුනි බස්නායක

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කඳුළු සහ ජනතාවගේ කඳුළු…

Next Post

IMF ණය ගන්න එක මහා වික්‍රමයක් වගේ පෙන්වන්න රනිල් හදනවා! මේ ණය ගන්නේ රනිල් ගත්ත ණය ගෙවන්නම තමයි! පොහොට්ටුවත් දැන් බිංදුවටම වැටිලයි තියෙන්නේ! ඔළුවක් තියෙන අය එතන නෑ! ඒ නිසා රනිල් කියන ඕන දේකට ඒ අය දැන් අත උස්සනවා! VIDEO

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.